(ඌරගස්මංහන්දිය - බී.ජී. අමරසිංහ)
දකුණු පළාතේ පැවැති අවුරුදු උළෙලකදී අපූරු සිදුවීමක් වාර්තා විය. අවුරුදු උත්සව සංවිධායක මණ්ඩලයේකැපවී කටයුතු කළ තරුණයන් අතර සිටි
එකම මැදිවයස් සාමාජිකයා මෙවර සැඟවුණු අමුත්තා ලෙස නම් කිරීමට මිතුරු කැලේ සාමාජිකයෝ කටයුතු කළහ. කතිකාකරගත් පරිදි සැඟවුණු අමුත්තා තරගය වැඩි වේලාවක් පවත්වාගෙන යාම සඳහා සැඟවුණු අමුත්තා උත්සව භූමියේ ගැවසුණේ කෙටි කාලයකි. උත්සව භූමියට වැඩි ඈතකින් නොපිහිටි නිවෙසට වරින් වර යාම ඒම ඒ නිසාම සැඟවුණු අමුත්තා සිදු කළේය.
එසේ නිවසට ගිය විට ඔහු මධුවිත ටිකක රස බැලීමටද අමතක නොකළේය. අවස්ථා කිහිපයකදී එසේ ක‍්‍රියා කිරීම නිසා සැඟවුණු අමුත්තා සවස දෙක පමණවත්ම බමන මතින් සිටිනු දක්නට ලැබිණි. උදය වරුවේ වැඩි වේලාවක් උත්සව භූමියේ නොසිටි සැඟවුණු අමුත්තා පසුව වෙරිමතින් සිටීම නිසා සැඟව
සිටීම අමතක විය. මේ අතර සැඟවුණු අමුත්තාගේ හොඳම මිතුරෙක් ඔහුගේ නිවෙසට නෑගම් ආවේය. වසර ගණනකින් නොදුටු මිතුරා නිවසේ නොසිටි බැවින් මිතුරා උත්සව භූමියට පැමිණියේය.
එම ගම් ප‍්‍රදේශය නුහුරු මිතුරා කාර්යාලයට ගොස් මිතුරාගේ නම පවසා ඔහු විමසීය. එහි සිටි ගැහැණු ළමයකු උත්සව භූමියේ කෙළවරක ගසක් මුල ඉඳගෙන සිටි පුද්ගලයා පෙන්වීය. මිතුරා ළඟට ගිය පිටතින් පැමිණි මිතුරා පිටට තට්ටුවක් දමා මේ ඉන්නෙ සැඟවුණු අමුත්තා යැයි විහිළුවක් කළේය. බමන මතින් සිටි සැඟවුණු අමුත්තා සිය මිතුරා අතින් ඇදගෙන කාර්යාලය දෙසට ගොස් මයික් එක අතට ගෙන උදේ පටන් බොහෝ දෙනා සෙවූ සැඟවුණු අමුත්තා තමන් බවත් එම තරඟයේ ජයග‍්‍රාහකයා විජේසිරි මහතා බවත් පැවැසීය.
අවුරුදු උත්සවයේ තරඟ ලියාපදිංචි කිරීමේ නිලධාරිනිය වහා ප‍්‍රධාන සංවිධායකවරයා වෙත ගොස් සැඟවුණු අමුත්තා තරගයෙන් දිනා ඇත්තේ ලියාපදිංචි නොවූ අයකු බව පැවැසුවාය. ඔහු වරක් සැඟවුණු අමුත්තා තරගයේ තරඟ කරුවන්ගේ ලේඛනය පිරික්සීය. සැඟවුණු අමුත්තා ලෙස නම් කර තිබුණු පුද්ගලයා සමඟ කතා කළ ප‍්‍රධාන සංවිධායකවරයා සැඟවුණු අමුත්තා තරගය අවලංගු කර තරග කරුවන්ගේ මුදල් ආපසු ගෙවීය.
2025 දෙසැම්බර් මස 04
602
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
514
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
430
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සූර්පිට සිටි සැඟවුණු අමුත්තා මිතුරාගේ ඇමට අහුවෙලා
සරත් Wednesday, 06 May 2015 10:13 PM
නොබී ඉන්න බැරි හැටි අනේ ඇත්තට....(බ)
චින්තක Friday, 08 May 2015 01:39 AM
සැඟවුණු අමුත්තා හොයන අය කලින් ලියාපදිංචි වෙන්නත් ඕනෑද? අපේ ගමේ නම් ඕනෑ අයෙකුට පුළුවන් හොයන්න. (නි)