IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


සැමියයි-බිරියයි පිල් දෙකකට බෙදී තරගෙට වැඩ කරලා

(පොල්ගස් ඕවිට එස්. වික‍්‍රමආරච්චි)
දෙන්න දෙමහල්ලන්ගේ ප‍්‍රතිවිරුද්ධ දේශපාලන හිතවත්කම් නිසා ප‍්‍රදේශයේ පවත්වනු ලබන වෙසක් දන්සලට ද එකිනෙකා පරයා දෙදෙනා විසින් අනුග‍්‍රහ දැක්වූ පුවතක් අගනුවරට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබේ.


දෙදෙනාම එකතුව සමගියෙන් පවත්වාගෙන ගිය කුඩා ව්‍යාපාරයකි. එකම වහලක් යට එකට පවත්වාගෙන ගියත් මෑතක සිට දෙදෙනා සිටින්නේ දේශපාලන වශයෙන් බල කඳවුරු දෙකකය. දේශපාලනය කතා කළොත් දෙදෙනා කැත්තට පොල්ල මෙනි. මෙයින් වඩාත් ඔරොප්පුවන්නේ ව්‍යාපාරික කාන්තාවයි. මේ දෙදෙනාගේ විරසකය මතින් වාසි සලසා ගන්නා. අයද නැතුවා නොවේ.


දෙදෙනාගේ මේ දේශපාලන පිල් බෙදීම නිසා තරුණ පිරිස ඔවුන් හඳුන්වන්නේ ”.........පිළ’’ සහ ”........ පිළ” වශයෙනි.


කෙසේ වෙතත් ව්‍යාපාරික කටයුතුවලින් ඉකුත් අවුරුදු සමයේද දෙදෙනාගේ අතමිට හොඳටම සරුවිය.


ඉකුත් දිනෙක ප‍්‍රදේශයේ වෙසක් දන්සලට ආධාර එකතු කිරීමට තරුණ පිරිසක් මෙම ව්‍යාපාරික ස්ථානයට ගියහ. ඔවුන් සමඟ දේශපාලනය ටිකක් කතාකළ ව්‍යාපරිකයා රු. 5000 ක් පරිත්‍යාග කළේය. තරුණ පිරිස එතැනින් නික්ම යනවිට පැමිණි ව්‍යාපාරික කාන්තාව ද ඔවුන් සමඟ වත්මන් දේශපාලනය ගැන කතා  කළාය. ස්වාමියා රු. 5000 ක් දී ඇති බවද ඇය දැන ගත්තාය. වහා නිවසට ගොස් පැමිණි ඇය තරුණ පිරිස අත ඇයගෙන් ද රු. 7000 ක් තැබුවාලූ.



අදහස් (0)

සැමියයි-බිරියයි පිල් දෙකකට බෙදී තරගෙට වැඩ කරලා

දුමින්ද Saturday, 02 May 2015 05:59 AM

බෙදුනොත් ගෙදරට අවාසියි - පිටතට වාසියි (නි)

:       0       0

නදීකා Saturday, 02 May 2015 06:35 AM

ගණන් ගන්න එපා අනේ! (නි)

:       0       0

දයා Saturday, 02 May 2015 08:18 AM

ඒ දෙන්නගේ දේවල් අපි ගණන්නොගෙන ඉඳිමු (නි)

:       0       0

සුලෝචන Saturday, 02 May 2015 08:21 AM

අනේ මේ දෙන්නා මහා ලොකු හපන්කමක් කරලා? (නි)

:       0       0

ගමගේ Saturday, 02 May 2015 09:13 AM

මගේ ගෙදර නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද අපි දෙන්නම එකම පක්ෂයකට ඡන්දෙ දෙන්නේ. හැබැයි කොයි පක්ෂය වැරදි කළත් අපි දෙන්නම එකම තීරණයක ඉන්නේ. වැරදි දේ වැරදියි කියනවා (නි)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 04 May 2015 11:04 AM

අනේ මේ වෙසක් පුන් පොහෝ දිනයේවත් පහුගිය දේවල් අමතකකරලා සමාදානයෙන් දෙන්නාට ජීවත්වෙන්න බැරිද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 03 May 2015 01:14 PM

දෙන්නටම විදෙස් ආධාර නොඅඩුව ලැබෙනවා වගෙයි. ඒකනේ අත දිග ඇරලම දීලා තියෙන්නේ ! අනේ සාදු. (නි)

:       0       0

නන්දන Monday, 04 May 2015 03:20 PM

තරගෙට පින් රැස්කරගන්න දඟලන මෝඩයෝ. හම්බකරන මුදල් තර‍ඟෙට වියදම් කරලා ඊටපස්සේ ආණ්ඩුවට බනිනවා. (නි)

:       0       0

අරුණ Saturday, 02 May 2015 01:52 PM

ඔහොම රණ්ඩු වෙලා අයවැය පරතරය පියවාගන්නේ කොහොමද දන්නේ නැහැ (නි)

:       0       0

සරත් Saturday, 02 May 2015 12:52 AM

අපි දෙන්නත් (මමයි මගේ බිරිදයි) දේශපාලන වශයෙන් පක්ෂ දෙකක. පොඩි පොඩි දේශපාලන සංවාදත් ගෙදර යනවා. දෙන්නම අඩුවැඩි වශයෙන් දිනනවා පරදිනවා. ඒත් ඒක එතනින් ඉවරයි. වෙන තරඟ නම් නැහැ..... (නි)

:       0       0

සමන්ති Saturday, 02 May 2015 12:54 AM

මෙහි වරදක් ඇතැයි මා සිතන්නේ නැහැ. ස්වාමියා දුන් මුදලට අමතරව බිරිඳ මුදලක් දීම ඔවුන්ට ගැටළුවක් නොවනු ඇත (නි)

:       0       0

ලසිත් Monday, 04 May 2015 03:24 AM

අපේ ගෙදර දේශපාලනය කතා කරන්නේ නෝනා විතරයි. මම හොටදාන්න යන්නේ නැහැ . නැත්නම් අන්තිමට ගෙදරින් ලැබෙන කෑම වේලත් වරදින පොටක්නේ ඕක. (නි)

:       0       0

නන්දන Tuesday, 05 May 2015 05:50 AM

නන්දන උබ පින් කියන වචනේ තේරුම වත් නොදන්නා එකෙක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 602 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 514 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 430 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site