නොදන්වා සේවයට නොපැමිණීම පුරුද්දක් කරගත් පුද්ගලයකුට ආයතන ප්‍රධානියා විසින් දඬුවම් ලිපියක් නිකුත් කිරීමෙන් කුපිත වූ ඔහුගේ බිරිය ආයතන ප්‍රධානියට දුරකතන ඇමතුමක් ලබා දී හොඳවැයින් ඇමතූ බව කියැවෙන පුවතකි.
සිද්ධිය මෙසේය.
එය පළාතේ සැලකිය යුතු පිරිසක් සේවය කරන ආයතනයකි. ඔහු එහි කම්කරු රැකියාවක නිරත වන්නෙකි. වසර විස්සකට එහා අත්දැකීම් ඇත්තෙකි. එහෙත් ඔහු නිරන්තරයෙන් ආයතන බිමේ ලෙඩ දාගන්නෙකි.
සතියකට වරක් හෝ නොදන්වා සේවයට නොපැමිණීම ද ඔහුගේ පුරුද්දකි. ඔහුගේ මේ වැරැද්ද හේතුවෙන් ආයතන ප්‍රධානියා පමණක් නොව සෙසු සේවක පිරිස් ද දැඩි අපහසුතාවන්ට පත් වූ වාර ගානද කොතෙක් දැයි කිව නොහැකිය.
දිගින් දිගටම සිදු කරන මේ වැරැද්ද ඔහු පහුගිය දිනක ද සිදු කළේ ආයතනයේ සෙසු නිලධාරීන් සියල්ලම අපහසුතාවට පත් කරමිනි. හේතුව වූවේ එදින එහි විශාල උත්සවයක් ද සංවිධානය කර තිබූ හෙයිනි.
ඔහුගේ මෙම ක්‍රියාවට තිත තැබිය යුතු යැයි සිතූ ආයතන ප්‍රධානියා ඔහු දිගින් දිගටම සිදුකරන වැරදි සියල්ල මෙන්ම ඊට අවවාදයක්ද සහිත ලිපියක් සකස් කොට ඔහුට ලබා දුන්නේ ඒ සම්බන්ධයෙන් තමුන්ට නිදහසට කීමට ඇති කරුණු දිනක් තුළ ලබා දෙන ලෙසද එහි සඳහන් කරමිනි.
ලිපිය නිකුත් කර පැය 24 ක් යන්නටත් මත්තෙන් ආයතන ප්‍රධානියාගේ පෞද්ගලික දුරකතනයට තවත් දුරකතනයකින් ඇමතුමක් පැමිණියේ කාන්තාවකගේ හඬිනි. ‘මම අහවලා. මගේ මහත්තයාට තමයි ඔයා ලියුමක් ගහලා තියෙන්නේ. ඒක වැරදි වැඩක්. මිනිහෙකුට නිදහසක් තියෙන්න ඕනි. හැමදාම රස්සා කරන්න බෑ. මගෙයි දරුවන්ගේයි වැඩවලට තමයි එයා ගෙදර නවතින්නේ. ඔයාලට වගේ යාන වාහන සේවකයො අපිට නැහැ.
යනුවෙන් ඇය ආයතන ප්‍රධානියාට ගෝරනාඩු කරන්න වූයේ ඇයගේ සීමාවද ඉක්මවමිනි. කාන්තාවකට බැන වැදීම නොහොබිනා බව දන්නා ආයතන ප්‍රධානියා දුරකතන ඇමතුම විසන්ධි කළ ද ඔහුට ඇයගෙන් නම් ගැලවීමක් නොවිණි. ඇයගෙන් දිගින් දිගටම එන ඇමැතුම් නිසා අවසානයේ දුරකතනය විසන්ධිකර දැමූ හෙතෙම ආයතනයේ වෙනත් සේවිකාවකට එම ඇමතුම ලබා දී ඇය ලවා පෙර කී කාන්තාවට අවවාද කළේ තවදුරටත් කතා කළහොත් ඒ සම්බන්ධයෙන් පොලිසියටද දැනුම් දෙන බව පවසමිනි.
තවමත් ඔහුගේ නිදහසට කරුණු ලැබී ඇති බවක් දැනගන්නට නැති අතර ආයතන ප්‍රධානියාද ලිපිය අමතක කර දමා ඇතැයි ආයතනයේ සේවක සේවිකාවෝ පවසති.
වියලුව වාර්තාකරු
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සැමියාට දඩුවම් කළාට බිරිය හොදවැයින් ලොක්කා අමතලා