උණවටුන ඩී.ජී. සුගතපාල
ගාල්ල නගරාසන්නයේ පදිංචිකරුවෙක් නිවෙසට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට නගරයේ සුපිරි වෙළෙඳසලක් වෙත ගියේය. භාණ්ඩ මිලදී ගත් ඔහු කාඩ්පතින් මුදල් ගෙවා ආපසු නිවසට ගියේය. එහෙත් කාඩ්පත වෙළඳසල ඉදිරිපිට බිමට වැටුණ බවක් ඔහුට නොදැනිණි.

මේ අතර වෙළෙඳසලට පැමිණි පුද්ගලයකු බිම වැටී තිබූ කාඩ්පත අහුලාගෙන එහි සිටි ආරක්ෂක නියාමකවරයකුට බාර දුන්නේ එහි අයිතිකරු පැමිණි විට ලබාදෙන ලෙස පවසමිනි.
ආරක්ෂක නියාමකවරයා සිදු කළේ කාඩ්පතේ අයිතිකරු පැමිණීමට පෙර වහාම පැමිණෙන ලෙස බිරිඳට දුරකතන ඇමතුමක් දීමය. ඒ අනුව ඇය පැමිණියාය. ආරක්ෂක නියාමකවරයා බිරියගේ කනට යමක් කොඳුරා කාඩ්පත ඇයගේ අත තැබුවේය. ඇය එය බෑගයේ දමාගෙන සුපිරි වෙළෙඳසලට ගොස් පළමුවෙන්ම රුපියල් සියයක භාණ්ඩ ගෙන කාඩ් පතින් ගෙව්වාය. ඇය කළේ කාඩ්පතේ මුදල් තිබෙනවා දැයි පරික්ෂා කිරීමය. එහි මුදල් තිබෙන බව දැනගත් ඇයගේ සතුට ඉහවහා ගියේය.
ඇය නගරයේ තවත් සුපිරි වෙළෙඳසලකට ගියාය. එහිදී කීරි සම්බා ඇතුළු භාණ්ඩ රැසක් ගෙන කිසිදු සැකයක් නැතිව කාඩ්පතින් මුදල් ගෙව්වාය. එම භාණ්ඩ ආරක්ෂාකාරිව ස්ථානයක තැබූ ඇය තවත් සුපිරි වෙළෙඳසලකට ගොස් එහි දී ද රිසි සේ භාණ්ඩ මිලදී ගත්තාය. පිනට පහළවූ මේ වාසනාවෙන් ඇය උපරිම ප්‍රයෝජන ගත්තාය.
මේ අතර කාඩ්පත අයිතිකරුගේ දුරකතනයට කෙටි පණිවුඩ ලැබෙන්නට විය. තමාගේ කාඩ්පත නැතිවී ඇති බව ඔහු දැනගත්තේ එවිටය. පසුව සොයා බැලූවිට නගරයේ ඇති සුපිරි වෙෙළඳසල් කිහිපයකින්ම එක් කාන්තාවක සැක කටයුතු අයුරින් භාණ්ඩ මිලදීගන්නා අයුරු ආරක්ෂක කැමරා පද්ධතියේ සටහන්ව තිබෙනු ඔහු දුටුවේය. භාණ්ඩ ගැනීමට තවත් ඉතිරිවී ඇත්තේ නගරයේ එක් සුපිරි වෙළෙඳසලක් පමණි. එනිසා ඉතිරිව තිබූ ගාල්ල නගරයේ එම සුපිරි වෙෙළඳසලට ගිය ඔහු කළමනාකරු හමුවී සිද්ධිය පවසා කාඩ්පත අදාළ බැංකුවද දැනුවත් කොට කාන්තාවගේ හැඩරුව ද මතකයේ තබාගෙන රැකවලෙහි සිටියේය.
ඔහු සිතුවා නිවැරැදිය. කාන්තාවක් පැමිණ රුපියල් දහස් ගණනක භාණ්ඩ ගෙන මුදල් අයකැමි තරුණිය වෙත කාඩ්පත ඉදිරිපත් කළාය. එහෙත් මෙවර ඇයගේ උත්සාහය වැරැදි ගියේය. පොලිසිය පැමිණෙන තුරු ඇයට එම වෙළෙඳසලේ රැඳී සිටීමට සිදුවිය. ඇය පැය භාගයක් ඇතුළත හය වරක් භාණ්ඩ මිලදීගෙන තිබිණ. ඇය ඔහු ඉදිරියේ බැගෑපත් වූවාය.
මේ අතර ඇයගේ සැමියාවූ ආරක්ෂක නියාමකවරයාද එම ස්ථානයට ආවේය. මෙහිදී කාඩ්පත හිමිකරු කියා සිටියේ තමාගේ මුදල් දෙන්නේ නම් උසාවි යාමට අවශ්‍ය නොවන බවය. එයට එකඟවූ ඇය එම අවස්ථාවේම තමාගේ ගිණුමෙන් එම මුදල ඔහුගේ ගිණුමට බැර කිරීමට පියවර ගත්තාය.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සැමියාගේ ලනුවක් කා නෝනා හොරකමකට මාට්ටුවෙලා
de silva Saturday, 27 August 2022 12:52 AM
මෙවැනි වංචාකරුවන් උසාවි ගෙනයාම අනිවාර්යයෙන් කරන්න ඕනේ...