IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


සැමියාගේ බෑගයේ තිබූ කාන්තා යට ඇඳුම් දැක බිරියට ඩෝං ගිහින්

(කලවාන - උපේන්ද්‍ර ප‍්‍රියංකර ජාතුංගම)
පොළෙන් ගෙනා බඩු බෑගයේ කාන්තා යට ඇඳුම් හමුවී තම බිරියගෙන් ගුටි කෑ සැමියකු පිළිබඳ පුවතක් කලවාන ආසන්න ප‍්‍රදේශයකින් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.


ඔහු සතිපොළ පැවැත්වෙන සෙනසුරාදා දිනයේදී පොළට ගොස් බඩු රැගෙන තම බිරිය කලකසිට ඉල්ලමින් සිටි පාවහන් දෙකද රැගෙන කළු කවරයක දමා ගෙදර යාමට පිටත් වී ඇත.


අතර මගදී බුලත් විටක් ගැනීමට කඩයකට ගොඩවී ඇති අතර බෑග් එක බිම තබා විට කෑමෙන් පසුව බෑග් දෙක පැටලී දළු කඩා වැඩ අවසන් වී ගෙදර යන කාන්තාවකගේ බෑගය ඔහු විසින් ගෙදර රැගෙන ගොස් ඇත.


ගෙදර යන අතරේ තම බිරිය පුදුම කරවන්නට සිතා ඇය ආස කරන සෙරෙප්පු දෙක පසුව දෙන්නයි සිතා දර මඩුවේ සඟවා ගෙට ගොඩ වී තිබේ. තම සැමියා යමක් සඟවනු දුටු බිරිය දර මඩුවට ගොස් මල්ල පරීක්‍ෂාකර බැලීමේදී කාන්තා යට ඇඳුම් හා සබන් කැබැල්ලක්, තුවායක් දුටු ඇය යකා ආරූඪ වී බෑගයද රැගෙන සැමියා ළඟට ගොස්


”අද කොහේද ගියේ” යැයි අසා සිටි අතර තම බිරිය සෙරෙප්පු දෙක දැක සතුටු වී සල්ලි කොහොන්ද අසනවා යැයි සිතා ”කොහේ ගියාම මොකෝ ඇතුළේ තියන දේ දැක්කම සතුටු නැද්ද” යැයි ඇසුවේ බිරිය දෙස ආදර බැල්මක් හෙලමිනි. වැරදි වැඬේ කරලා ඒවා මට පෙන්නන්නත් ගෙනවා නේද? යයි පවසමින් අසල තිබූ දර පොල්ලක් රැගෙන සැමියාට පහර දී ඇතැයි වාර්තා වේ.



අදහස් (0)

සැමියාගේ බෑගයේ තිබූ කාන්තා යට ඇඳුම් දැක බිරියට ඩෝං ගිහින්

සරත් පර්ත් Tuesday, 07 July 2015 01:59 AM

හොඳ පාඩමක්.මීටපස්සේ මම නම් ලොතරැයියක් ගන්නවත් අතේ තියෙන බෑග් එක නම් බිමින් තියන්නේ නැහැ (නි)

:       0       0

නලින් Wednesday, 08 July 2015 07:10 AM

මේ මනුස්සයා ෂොට් එකකුත් දාලයි ඉන්න ඇත්තේ. සෙරෙප්පු ජෝඩුවකුයි අනෙත් දේවල් පුරවපු මල්ලකුත් අතර වෙනස තේරෙනව ඕන කෙනෙකුට සිහියෙන් ඉන්නවා නම් (බුලත් විටක්=ෂොට් එකක්) (නදී)

:       0       0

සම්පත් Tuesday, 07 July 2015 02:28 AM

සැමියා ඔහොම බේරුනා. එහෙත් අර දළු කඩන කාන්තාව? (නි)

:       0       0

නිවන්තක Wednesday, 08 July 2015 12:43 AM

බිරිඳ සාධාරණයි (නි)

:       0       0

සම්පත් Tuesday, 07 July 2015 02:50 AM

ගැහැණු කොහොමත් වැඩිය හොයන්නේ බලන්නේ නැහැනේ (නි)

:       0       0

සපුමල් Wednesday, 08 July 2015 08:46 AM

අනේ අහිංසක මනුස්සයා අන්තිමට ගුටි කන්නත් වුනා.(හේ)

:       0       0

චන්න බුවනක Tuesday, 07 July 2015 12:46 PM

බැග් එක මාරු උනා වගේ තව පස්සට මොනවා මාරු වෙයිද දන්නේ නැහැ.? (ර)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 08 July 2015 02:06 AM

මේක නම් අත්වැරැද්දක් වෙන්න බැහැ (නි)

:       0       0

ජයනි Tuesday, 07 July 2015 03:46 AM

ආ! අපේ සහෝදර පාඨකයන් දැන් මෙහෙම බවලත් අපිට කියනවා. බැරිවෙලාවත් අපිට වැරදිලා අපි පිරිමි යට ඇඳුම් පාර්සලයක් ගෙදර ගෙනවා නම් තමයි බලන්න ඕනෑ. කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව, කෙළින්ම අපිව කුදලාගෙන ගිහින් මහ ගෙවල් වලට ආපසු බාරදෙයි. (නි)

:       0       0

දුමින්ද Tuesday, 07 July 2015 04:40 AM

දේශපාලනය කතුන්ට වඩා හොඳයි වගේ (නි)

:       0       0

චිනා Tuesday, 07 July 2015 05:43 AM

ඉදලා හිටලා මහත්තයා පොලු පාරක් කෑවට කමක් නැහැ ....නැත්නම් හැමදාම කන්නේ හාමිනේගෙන්නේ .... (ම)

:       0       0

ආනන්ද ආර් Wednesday, 08 July 2015 04:41 PM

හැඳි මිටේ ගානට තිබෙන මොළය ගැන හිතලා කටයුතු කරන්න පිරිමි දැනගන්න ඕනෑ (නි)

:       0       0

සෙලනිකස් Monday, 06 July 2015 08:19 PM

අයියෝ සල්ලි! මේ නම් පෙර කළ කර්ම ඵලදීමක් (නි)

:       0       0

කමල් විමලවීර Tuesday, 07 July 2015 07:31 AM

ගැහැණු කොහොමත් ඔහොම තමයිලු. හොදක් කරත් පොඩ්ඩක් වැරදුනොත් ඉවරයි. (ර)

:       0       0

කිත්සිරි Monday, 06 July 2015 11:57 PM

අනේ පවු අහිංසක සැමියා! (නි)

:       0       0

ජෙහාන් Tuesday, 07 July 2015 12:21 AM

මට නිකමට හිතෙන්නේ මේ අලකලංචිය වුණේ අපේ පිවිතුරු යහපාල උන්නැහේටද කියලා. මොකද එයාට නිතර පාඨක සභාවේදී උතුර දකුණ මාරුවෙන නිසා. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 07 July 2015 12:45 AM

ඕක ඉතින් ගැහැණුන්ගේ ගතියක්නෙ. හැමදේටම ඉක්මන්වෙනවා. බිරිඳ ටිකක් ඉවසලා වැඩකළා නම් ඇත්ත දැනගන්න තිබුනනේ. අනේ පව් අහිංසක සැමියා වැඩි ආදරේ පෙන්නන්න ගිහින් පොලු පහරත් කෑවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1313 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 455 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site