IMG-LOGO

සැමියාගේ ජංගම වැසිකිළියත් බිරියට මතක් වෙලා

(කරන්දෙණිය එම්. සුසිල් පි‍්‍රයන්ත)
ආදරය පෙන්වීමට ඇතැම් භාර්යාවන් කරන කියන දේ නිසා  අමාරුවේ  වැටෙන  ස්වාමි පුරුෂයෝද වෙති. බිරියක කළ දෙයක් නිසා අමාරුවක වැටුණු ස්වාමි පුරුෂයකු පිළිබඳ පුවතක් දකුණේ නගරයකින් වාර්තාවේ.


 ඔහු ජීවත්වූයේ ගමේය. නගරයේ වාණිජ බැංකුවක  සේවය කරන ඔහු මුලින් ජීවත් වූ ගමේ නිවෙස පිහිටා තිබුණේ ගහ කොළවලින් වටවුණු ගඟක් ආසන්නයේය. මේ නිසාම ඔහු නිවෙසට ටිකක් දුරින් පිහිටි වැසිකිළියට රාතී‍්‍ර කාලයට යාමට බියවුයේය. රාති‍්‍ර  කාලයට වැසිකිළියට නොයන ඔහු තම අවශ්‍යතා නිවස තුළදීම ඉටුකර ගත්තේය. ඒ සඳහා ඔහු ලොකු ටින් එකක් පාවිච්චි කළේය.


තමා සේවය කරන වාණිජ බැංකු වෙත ලැබුණු ණය මුදලකින් නගරයේ ඉඩමක් මිලදී ගත් ඔහු නාන කාමරයක්ද සහිතව අලූත් නිවසක් ඉදි කළේය.  එම නිවෙසේ පදිංචියට යෑම සඳහා පැරැණි නිවෙසේ බඩු පටවාගෙන යාමට ඔහුගේ කාර්යාලයේ මිතුරන් මෙන්ම ගමේ යහළුවෝද පැමිණෙති. ඒ සියලූදෙනාම පැරැුණි ගෙයි තිබූ බඩු මුට්ටු සියල්ලම ලොරියට පැටවූහ. අංග සම්පූර්ණ අලූත් නිවසක් තමා ඇතුළු දරුවන්ට තනාදුන් ඔහු පිළිබඳව ඔහුගේ භාර්යාව සිටියේ ඔහුට ලොකු ආදරයකිනිි. බඩු පටවා අවසාන වූ අවස්ථාවක ඔහුට ආදරයට විහිළුවක් කිරීමට සිතූ භාර්යාව  ‘‘පොඞ්ඩක් ඉන්න තවත් අවශ්‍යම බඩුවක් තියෙනවා ගෙනියන්න’’ කියමින් නිවෙස ළඟ  කෙසෙල් පඳුර යට සඟවා තිබූ ලොකු ටින් එකක් රැගෙන ආවාය.


‘‘මොකක්ද මේ ලොකු ටින් එක’’ යයි එතන සිටි සියලූ දෙනාම ඇසූහ.
ඇය සිනා මුසු මුහුණින් ඒ තම සැමියාගේ රාතී‍්‍ර  ජංගම වැසිකිළිය බව කීවේ හැමෝගේම සිනා හඬ මැද්දේය.



අදහස් (0)

සැමියාගේ ජංගම වැසිකිළියත් බිරියට මතක් වෙලා

සිරිමාන්න Sunday, 02 November 2014 02:14 PM

ග්‍රේෂන් ඔයාගේ කටේ මසුරන් දාන්න වටිනවා. මමත් එකග වෙන්නේ නෑ මෙනකගේ අදහස් වලට. (නදී)

:       0       0

සිතුම් Saturday, 01 November 2014 11:46 AM

අනේ පවු මහත්තයා.(හේ)

:       0       0

මහසෙන් Sunday, 02 November 2014 02:51 PM

කොහොම උනත් බිරිදගේ කෙරුවාව නම් ලැජ්ජයි. වාර්තාකරු කියනවා දකුණේ නගරයකින්ලු මේක වාර්තා වෙන්නේ. ඒ උනාට මේක ලියන තැනැත්තා කරන්දෙණියේ කෙනෙක්. ඉතින් මේ කතාවෙන් තවත් අසහනයට පත් වෙන්නේ මේ ස්වාමි පුරුෂයා නේද. වැඩිය හොඳ නැද්ද වාර්තාකරුගේ නම ගම ප්‍රසිද්ධ නොකරන එක. (ර)

:       0       0

දිල්රූ Saturday, 01 November 2014 11:47 AM

මෙහෙමත් බිරින්දෑවරු.(හේ)

:       0       0

දම් Tuesday, 04 November 2014 07:05 AM

ගැහැණුකෙනා බය නැතුව රෑට එලියට යනවා ඇති මනුස්සය ටින් එකට බස්සල.(අ)

:       0       0

අනිල් Saturday, 01 November 2014 02:09 PM

අනේ පවු දැන් මනුස්සයාට ගෙදර ඉන්න එපා වෙයි.(හේ)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 01 November 2014 02:14 PM

රෑට එළියට යන්න බය නෙවෙයි. කම්මැලි කම.(හේ)

:       0       0

ආරියවතී Tuesday, 04 November 2014 02:27 PM

හිහ්.. හිහ්.. හී... (ර)

:       0       0

ඉසුරන්දි Sunday, 02 November 2014 04:44 AM

ඕව මොනාද. සමහර මහත්තුරු ඉන්නේ රතු කට්ට පනින්න ගහල ගේ ඇතුලෙම ඔය කටයුතු කරන. (නදී)

:       0       0

සුසීමා Tuesday, 04 November 2014 02:30 PM

පිරිමි බයයි. (ර)

:       0       0

මාර්ලෝන් Saturday, 01 November 2014 04:45 AM

කවුද දන්නේ ඒ පැත්තේ ග්‍රීස් යක්කු ඉන්නවද කියලා? කවුරුත් ඉතින් මනුස්සයොනේ (හේ)

:       0       0

පිටිගල Saturday, 01 November 2014 05:15 AM

අනුන් ඉදිරියේ තමන්ගේ සැමියා සමච්චලයට ලක් කළ නොහික්මුණ කළගුණ නොදත් ගැහැණියෙක්.(හේ)

:       0       0

ග්‍රේෂන් Sunday, 02 November 2014 06:54 AM

මේනක, ඔයාට හොදටම විශ්වාසද පුද්ගලික බැංකු වල සාමාන්‍යයෙන් සේවය කරන්නේ හොඳ පෞරුෂත්වයක් සහිත උදවිය බව. නමුත් ඇත්ත තත්වය දන්නෝ දනිති. ඔයාගේ හිත රිදුනා නම් මට සමාවෙන්න. නමුත් ඇත්ත පිටින් පේනවට වැඩිය ගොඩක් වෙනස්. (නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Monday, 03 November 2014 09:40 PM

කරන්දෙණිය කියන්නේ ඇල්පිටිය පැත්තේ මම හිතන හැටියට. ඉතින් ඒ ප්‍රදේශය දකුණු පළාත නෙමෙයිද? (නි)

:       0       0

වාසනා Sunday, 02 November 2014 09:20 PM

ඒ වුණාට බිරිය කළ දේ වැරදියි (නි)

:       0       0

රෙජි-සිඩ්නි Sunday, 02 November 2014 10:13 PM

තමන්ට ආදරය කරන සැමියා අනිත් අය ඉදිරියේ ඔය වාගේ සමච්චලයට පත්කිරීමෙන් බිරිඳ කළේ අන්තිම කැත වැඩක්. (නි)

:       0       0

ගාමිණී Monday, 03 November 2014 12:44 AM

ඔය වගේ මෝඩ ගැණු ඉන්නවා. ජීවිතේ සඟවා ගත උතු මොනවද එළිකළ යුතු මොනවද තෝර ගන්ට බැරි උදවිය. (නදී)

:       0       0

පහන්දී Tuesday, 04 November 2014 06:34 PM

චන්ද්‍රා වීරසිංහ, ඔයා හරියටම හරි. කරන්දෙණිය තියෙන්නේ ඇල්පිටිය පැත්තේ. දකුණට අයිති ගම් පළාතක්.''හිස් ටින් එකක් වාගෙයි අපේ ජිවිතේ '' (නි)

:       0       0

මේනක Friday, 31 October 2014 08:13 PM

බැංකු වල සාමාන්‍යයෙන් සේවය කරන්නේ හොඳ පෞරුෂත්වයක් සහිත උදවිය. මම මේ කියන්නේ විශේෂයෙන් පුද්ගලික බැංකු ගැන. මෙහෙම රෑට එළියට යන්න බය කෙනෙක් බැංකුවක කොහොම වැඩ කරනවද දන්නේ නැහැ. වැඩ කරන අතරේ මහ දවල් මුදල් පෝළිමේ කට්ටිය වැඩිවෙලා වෙලාව ගතවීම ගැන ගනුදෙනුකරුවෙක් දොස් කිව්වොත් මෙයාට මොනවා වෙයිද? (නි)

:       0       0

බමුණු. Sunday, 02 November 2014 09:42 AM

මම හිතන්නේ සැමියා වෙනුවෙන් බිරිඳගේ තිබෙන කැපවීම ගැන. මෙය සිනහවට කාරණයක් නොවෙයි. සැමියාගේ උවමන එපාකම් සියල්ල සොයාබල ඉටුකරන බිරිඳක්. හැබැයි එකම ටින් එක හැමදාම පවිච්චිකරනෙක හරි නැහැ .(බ)

:       0       0

සිතාර Saturday, 01 November 2014 07:47 AM

මෙයා වැඩේ කෑවනේ.(හේ)

:       0       0

නාලා Tuesday, 04 November 2014 03:34 AM

පුවත කෙසේ වුවද අවසානයේ හෙතෙම නව නිවසේ සුව පහසුව " හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී " ගයමින් සැහැල්ලු වූ වග ආරංචි විය. (නදී)

:       0       0

සෙලිනා Saturday, 01 November 2014 09:24 AM

ඇයට එම සුන්දර, ආදර විහිළුව කරන්න තිබුනේ රහසි ගතවයි.., තම ස්වාමියාට ඔහුගේ යහළුවන් ඉදිරියේ කළ මෙම විහිළුව ඔහුට කළ අපහාසයක් නොවේද..?(හේ)

:       0       0

අජීත් Monday, 03 November 2014 02:27 PM

මෙයාට කියන්න නමක් මතක් වෙන්නේ නැහැ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 29 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 617 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 340 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site