IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


සැමියාගේ අත්ගුණේට බිරිය හොල්මන් වෙයි

(තිහගොඩ - උපසේන  ලියනගම)
 තම සැමියාගේ ”අත් ගුණය” ගැන වර්ණනා කරන්නට ගොස් වැඩ වරද්දා ගත් බිරියක් ගැන පසුගියදා අසන්නට ලැබුණේ ගාල්ලට නුදුරු උප නගරයකිනි.


 තම අසල්වැසි එහා ගෙදර යෙහෙළියට මෙහා ගෙදර යෙහෙළිය තම කොන්දෙ අමාරුව ගැන කී විට ඇය තමා භාවිත කරන බාම් වර්ගයක් ගැන කියා ඒවා ගෑමට කීවත් දින කීපයක් ඒවා භාවිත කළ යෙහෙළිය කීවේ ඉන් කිසිම ගුණයක් නැති බවය.


‘‘අනේ මන්දා මම නම් එක සැරයක් ගෑවම කොන්දේ අමාරුව කොහෙන් ගියාද නෑ. හැබැයි අපේ මහත්තයා තමයි ගාන්නෙ. එයාගෙ අත් ගුණේද මන්දා” කී ඇය සැමියාගේ අත් ගුණය ගැන දිගින් දිගටම වර්ණනා කළෙන් මෙහා ගෙදර යෙහෙළියට ඊර්ෂ්‍යාවක් ද ඇතිවිය.


 මේ නිසාම ඇය මගහැර හිටියත් පසුගියදා එහා ගෙදර යෙහෙළිය ඇය හමුවට විත් යළිත් කොන්දෙ අමාරුව ගැන ඇසුවාය.


‘‘ඔයා කියපු කතාව ඇත්ත අනේ. ඔයාගෙ මහත්තය බාම් ඩිංගක් ගාල කොන්ද අත ගෑව විතරයි. අමාරුව කොහෙන් ගියාද නෑ.” ඇය කිවේ බොරුවක් වුවත්  එහා ගෙදර යෙහෙළිය මඳක් කල්පනා කරමින් සිට ආපසු ගෙදර ගියේ මඳ තැතිගැන්මකිනි.



අදහස් (0)

සැමියාගේ අත්ගුණේට බිරිය හොල්මන් වෙයි

දුමින්ද Thursday, 19 February 2015 07:17 AM

අනේ නෝනට ඔය අත් ගුනේ තිබුනා නම් .(හේ)

:       0       0

මාපලගම පත්මා Thursday, 19 February 2015 06:50 PM

ඕකට තමා කියන්නේ සැමියා බිරිඳගේ දෙවියාය කියා. දෙවියන් හටත් පරිබව කරන කොටසක් ඉන්නවා (නදී)

:       0       0

තිලක් අරඹගේ Saturday, 21 February 2015 12:39 AM

අමාරුව කොන්දේ නිසා හොඳයි. වෙන තැනක උනා නම් (නදී)

:       0       0

නන්දලාල් Thursday, 19 February 2015 07:09 PM

කම්මුල්පාරට ගාන්න බාම් ජාති තියේද?(නදී)

:       0       0

සරත් Wednesday, 18 February 2015 10:24 PM

උදේම හිනා ගිය ඇත්තටම. මගෙත් කොන්දේ අමාරුවක් තියනවා. (අ)

:       0       0

ඇසිලින් Wednesday, 18 February 2015 10:55 PM

අනේ මෙහෙම කරුණාවක්.... අනේ මෙහෙම වරුණාවක්.... (නි)

:       0       0

ඡයේ Saturday, 21 February 2015 05:38 AM

තමන්ගේ ස්වාමි පුරුෂයා ගැන අසල් වැසි කන්තාවොත් එක්ක කියන්න ගියාම ඒ අයත් කිට්ටු වෙයි. (නදී)

:       0       0

රෙජි-සිඩ්නි Thursday, 19 February 2015 01:02 AM

ගෙදර ගිහින් මහත්තයට හොඳට දෙහි කපන්න ඇති මේ විදිහට,"මගේ කොන්දේ බාම් ගානවා වගේ දැන් අනිත් ගෑණුන්ගේත් බාම් ගාන්න පටන් ගත්තා නේද" කියලා. (නි)

:       0       0

සමන්ති Thursday, 19 February 2015 01:30 AM

ඔය මොන බාම් වලත් තියෙන්නේ එකම තෙල් වර්ග කීපයක් සුදුපාට ග්‍රීස් වලට දාල කියල හැමෝම දන්නවා . හැබැයි ශ්‍රව්‍ය ද්‍රශ්‍ය මාර්ගයකින් කිව්වොත් එක අපි ගන්නවා . බාම් වලින් අමාරුව හොඳ වෙන්නේ නැහැ . (අ)

:       0       0

චමත් ඉතාලිය Saturday, 21 February 2015 12:14 PM

ඒ ගැහැණු කෙනා කොන්දට අත තියාගෙන දනවෝ දනවෝ කියලා දුවද්දී වෙන්න ඇති බාම් ගාපු මනුස්සයාගේ නෝනා හමුවෙලා තියෙන්නේ. (නි)

:       0       0

කුමාර Saturday, 21 February 2015 03:11 PM

මේ රටේ දැන් ඉන්න ගැහැණුන්ට හොඳ පාඩමක් මෙමඟින් ඉගෙනගන්න පුළුවන් (නි)

:       0       0

අසෝකා Thursday, 19 February 2015 02:41 PM

ඔන්න බලන්න එකෙත් හැටි. ඒ මනුස්සය තමන්ගේ සැමියාව වර්ණනා කරපු එක ගැනවත් කාගෙවත් පැහැදීමක් නැති හැටි. (අ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 22 February 2015 12:14 AM

මටත් හරි හිනා අනේ!!! (නි)

:       0       0

කසුන් Thursday, 19 February 2015 06:06 AM

සමන්ති, බාම් කෙසේ වෙතත් අත්ගුණය ගැනයි මෙතන කතා වෙන්නේ. මගෙත් අත්ගුණය හොඳයි කියලා බිරිඳ කියනවා.(හේ)

:       0       0

පින්සිරි Thursday, 19 February 2015 06:37 AM

තාම මේ ගැටළුව ගැන හිතනවා ඇති.(හේ)

:       0       0

පහන් Thursday, 19 February 2015 06:52 AM

අත් ගුණේ නෙමෙයි ස්වාමි පුරුෂයා ගුටි නොකා බේරුණ එක ලොකු දෙයක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1302 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1239 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 452 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site