IMG-LOGO

සුදු අක්කාට අත්ගුණේ පෙන්වන්න ගිහින්

(තිහගොඩ උපසේන ලියනගම)


තම පාලන  බල ප්‍රදේශයක වූ දක්ෂ ගෙවිලියකගේ ‘‘අත්ගුණය’’ බැලීමට ගිය කෘෂි නිලධාරියකුට දෙවියන් සිහිවීමේ අපූරු පුවතක් ඉකුත්දා අසන්නට ලැබුණේ දකුණු පළාතේ ගොවි බිමකිනි.


ඇයගේ නම අනෙකක් වුවත් ගමේ අය ඇය ඇමතුවේ සුදු අක්කා නමිනි. මැදවියේ විවාහක කාන්තාවක වූ ඇය කතාවට මෙන්ම වගාවටද දක්ෂ රූමතියකි.


ප්‍රදේශයේ වගා කටයුතුවලට දිරි දුන් කෘෂි නිලධාරියා  කහ වගාවට විශේෂයෙන් ගොවීන් දිරිමත් කළ අතර ප්‍රදේශවාසී ගොවීන් ඔහු හැඳින්වූයේ කහ මහත්තයා නමිනි.


පසුගියදා පැවති කාන්තා ගොවි රැස්වීමකදී සුදු අක්කාගේ කහ වගාව ගැන හැම දෙනාම කතා කළේ එය ඉතා සාර්ථක වූ නිසයි.
‘‘මේක සුදු අක්කාගෙ අත්ගුණේ සර්, අක්කර බාගෙක වවපු කහ ගස් අතරට ගියාම කෙනෙක් පේන්නෙ නෑ. ඒ තරම් උසයි. කාන්තාවක් කී නිසා රැස්වීම අවසානයේ මේ වගාව බැලීමට කහ මහත්තයාට සිතුණි.


වගා බිම පරීක්ෂා කළ ඔහු ‘‘ඇත්තම තමයි’’ කියමින් ඇය සමග කහ වගාවේ නොපෙනී ගිය අතර මොහොතකට පසු සුදු අක්කා ඉවතට පැන දිව්වේ කහ මහත්තයා මනමාල තට්ටුවක් දමා ඇගේ අත්ගුණය ගැන උදම් ඇනීමේ ක්‍රියාකාරකමකට පිවිසීම නිසාලු.      

 



අදහස් (1)

සුදු අක්කාට අත්ගුණේ පෙන්වන්න ගිහින්

රිතික් Saturday, 19 February 2022 11:01 AM

එනකොටම කතාව ඉවර වුණා...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 523 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 699 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 285 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site