IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


සුද්දියකට සිංහලෙන් සදාචාරය කියා දෙන්න ගිහින් සිගරට්ටුවක් තෑගි ලැබිලා

(දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)

වෙරි මතින් සංචාරක කාන්තාවකට සදාචාරය උගන්වන්න ගිය පුද්ගලයකු ඇයගේ සිගරැට්ටුවක් දල්වා ගෙන නැවත පැමිණි අපූරු පුවතක් ගාල්ල ප‍්‍රදේශයට නුදුරු වෙරළබඩ සංචාරක හෝටලයකදී  වාර්තා විය.

මෙම සංචාරක හෝටලයේ මංගල සාදයක් පැවැත්විණි. ඒ සඳහා දිවයිනේ පළාත් කිහිපයකම ඥාතීහු මෙම මංගල සාදයට පැමිණ සිටියහ.

ගාල්ලට කිලෝමීටර් ගණනාවක් දුරින් ග‍්‍රාමීය ප‍්‍රදේශයක ඥාති පවුල් කිහිපයක්ද එම විවාහ මංගල උත්සවයට පැමිණ සිටීම විශේෂත්වයකි. වෙරළ තීරයේ බිකිනි ඇඳුමින් සැරසී විදේශීය කාන්තාවන් ඇවිදීම හා පිහිනීම සිදුකරන ආකාරය සංචාරක හෝටලය සමීපව දර්ශනය වෙමින් තිබිණි.

වෙරි වූ ග‍්‍රාමීය ප‍්‍රදේශයකින් පැමිණි ඥාතිවරයා මෙම කාන්තාවන්ට සදාචාරයක් නොමැති බව මහ හයියෙන් පවසමින් දරුවන් හදාගන්නට හැකියාවක් නැති බවද පවසමින් විදේශීය කාන්තාවන්ට හොඳ දෙකක් කියා එනවා යැයි පවසමින් බැණ වැදී එම ස්ථානයට ගොස් ඇත.

සංස්කෘතිය ගැනත්  සාරධර්මය ගැනත් සංචාරක කාන්තාවන්ට සිංහල භාෂාවෙන් බැණ වදිමින් මොහු කියාදුන් අතර මේ බවක් නොතේරුණු විදේශීය කාන්තාවක අතරින් එක් කාන්තාවක් තමන් අත තිබූ සිගරැුට්ටුවක් දල්වාගෙන තවත් සිගරැුට්ටුවක් සහ ලයිටරය ඔහු අත තැබුවාය.

සදාචාරය පිළිබඳව දේශන දෙන්නට ගිය ඔහු විදේශීය කාන්තාවන් ලබාදුන් සිගැරැුට්ටුව දල්වාගෙන දුම් බෝල අරිමින් නැවතත් හෝටලයේ ඥාතීන් සිටින ස්ථානයට පැමිණීමත් සමඟ ඥාතීහු ඔහුට උසුළුවිසුළු කළහ. පසුව ලැජ්ජාවෙන් ඇඹරෙමින් සිටි ඥාතියා ඔවුන් පැමිණි වාහනයටම ගොස් නිදාගත්තේය.



අදහස් (3)

සුද්දියකට සිංහලෙන් සදාචාරය කියා දෙන්න ගිහින් සිගරට්ටුවක් තෑගි ලැබිලා

කුමාර් (ගල්ෆ්) Sunday, 26 November 2017 06:37 AM

ලංකාවේ සදාචාරය ගැන උදම් අන්න ඔක්කොම පාහරයෝ එකම වගෙය්.

:       472       121

JinnaMonday, 27 November 2017 01:33 PM

එතකොට ඔය ගල්ෆ් කලාපයේ සදාචාරය ගැන කියන උත්තරීතර මිනිසුන් ගැන ඔබ මොකද කියන්නේ ?

:       0       18

අචලා Tuesday, 28 November 2017 01:19 AM

ලංකාව වගේ රටවලට බිකිනිය කොහොමත් ගැලපෙන්නේ නෑ. නමුත් අපිට සුද්දොන්ව වෙනස් කරන්න බෑ, එහෙම කරන්න ගියොත් සංචාරක කර්මාන්තයටයි පාඩුවෙන්නේ. ඒක නිසා සුද්දන්ට තමන්ට ඕන දෙයක් කරන්න කියලා අපි අපේ පාඩුවේ හිටියම හරි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 419 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 586 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 238 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site