වැස්සට පිං සිද්ධ වෙන්න පුටු තොගයක් සිය නිවෙස්වලට රැගෙන ගිය පිරිසක් පිළිබඳව කතාවක් ඇල්පිටියෙන් අසන්නට ලැබේ.
කොල්ලන් පිරිසක් සංවිධානය කළ සංගීත සැඳෑවකි. පැවැතියේ ඇල්පිටිය නගර මධ්‍යයේය. ඒ ආරාධිත අමුත්තන්ට ද ආරාධනා කර තිබිණ. වැසි දෙවියා යාන්තමට කඩා පාත්වුණේ සංගීත සැඳෑව යන අතරතුරය. ආරාධිත අමුත්තෝ ඒ සමගම පිටව ගියහ. ඔවුහු වාඩිවී සිටි ප්ලාස්ටික් පුටු හිස්විය.
පොද වැස්සේ නොතෙමී ඉන්න ඇතැම් පිරිස් මේ ප්ලාස්ටික් පුටු සිය හිසට ඉහළා ගත්තෝය. වැස්ස තද කෙරිණ. සංවිධායක මණ්ඩලය ද හතර වටේය. ආරක්ෂාවට සිටි නිලධාරීහු ද නොතෙමී ඉන්න තැන් බලමින් ගියහ. සංගීත සැඳෑව එහෙම පිටින්ම අඩාළ විය. පසු දින සංවිධායකයෝ තමන් රැගෙන ආ ප්ලාස්ටික් පුටු කුලියට ගෙන ආ ආයතනයට භාර දීමට කටයුතු සූදානම් කරමින් සිටියහ. තමන්ට එම ආයතනයෙන් දුන් ප්ලාස්ටික් පුටු විශාල ප්‍රමාණයක අඩුවක් දක්නට ලැබිණ. එහිදී ප්ලාස්ටික් පුටු එකසීය පනහක පමණ අඩුවක් දක්නට ලැබිණ.
සිහින් පොදෙන් බේරෙන්න ප්ලාස්ටික් පුටු හිසට ඉහළින් තබාගෙන සිටි අය නිවසට ගෙන ගොස් ඇති බව ඔවුනට සිහියට එනවිට හොඳටම ප්‍රමාදය. ඒ පුටුවලට සංවිධායකයන්ට අතින් මුදල් ගෙවීමට සිදුවුණා ලු.
කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සංගීතයේ පුටු ගෙවල්වලට පියාබලා