කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත
හිටපු ලොක්කාට කේලම් කියා ළං වූවා සේම අලුත් ලොක්කාටත් කේලම් කියන්න ගොස් ලොකු අමාරුවක වැටුණු සේවකයකු පිළිබඳව අපූරු කතාවක් දකුණේ කාර්යාලයකින් අසන්නට ලැබේ.
මිනිහා ෂෝට් ලීව්වලට වඩා ආශා කළේ ෂේප් ලීව්වලටය. එයට ප්‍රධානම හේතුව ෂෝට් ලීව් ගත හැක්කේ මාසයටම දෙකකි. දෙකට වඩා ගන්නා සෑම දිනකම වරු නිවාඩුවක් වැටේ. ෂේප් ලීව්වලට එහෙම තහංචියක් නැත. එය නිකම්ම නිකම් ගත හැකි එකක් නොවීය. අනිවාර්යයෙන්ම ලොක්කාට කිට්ටු විය යුතුමය.
හිටපු ලොක්කාට ඔහු ඕනෑවටත් වඩා කිට්ටු වූවේය. ඒ, කේලම් කියාය. සමහර කේලම් ටක්කෙටම හරිය. සමහර ඒවා අතේ රෝල්ය. මේ සෑම දෙයක්ම කළේ ඔහුට ෂේප් එකේ නිවාඩුවක් නොවැටී නිවාඩුවක් දෙකක් හෝ ඊටත් වඩා ගැනීමටය. හිටපු ලොක්කාට මල් මසුරන් වටිනා කේලමක් දෙකක් කියූ විට ඔහුට ෂේප් ලීව් ලැබෙන්නේ තොග පිටින්ය. මේ නිසාම මේ හාදයා කාර්යාලයේ සී.සී.ටී.වී. එක ලෙසට ද ප්‍රසිද්ධ විය.
කාලය මෙසේ ගෙවී යමින් තිබියදී හිටපු ලොක්කා විශ්‍රාම ගියේය. ඔහුගේ විශ්‍රාම යාම වෙනුවෙන් ලොක්කාට වඩා දුක් වූවේ ඔහුය. ඒ, හිටපු ලොක්කාට කේලම් කියා ලබාගත් වරදාන වරප්‍රසාද එදින සිට අහිමි වීමත්, ආයතනයට එන අලුත් ලොක්කා අල්ලා ගැනීමට කාලයක් ගත වීමත් නිසාය. කෙසේ නමුදු අලුත් ලොක්කා ආයතනයේ වැඩ භාර ගත්තේය. ඒ සමඟම ඔහුත් හිටපු ලොක්කාට කිට්ටු වීම සඳහා වැඩ භාර ගනිමින් සිටියේය.
ගත වූවේ දින දෙක තුනකි. ඒ දින දෙක තුනට ඔහු ලොක්කාගේ කාමරයට ගිය වාර ගණන දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි. ඒ තරමටම ඔහු ලොක්කාගේ කාමරයට රිංගුවේය. රාජකාරි වැඩවලට අමතරව ලොක්කා කෑම ගත්තා ද, තේ පානය කළා ද යන්න සෙවීමට ද ඔහු ලොක්කාගේ කාමරයට රිංගුවේය.
මේ එක්කම කාර්යාලයේ නිලධාරින් දෙදෙනකුට සහ නිලධාරිනියකට අලුත් ලොක්කාගේ කාමරයට කැඳවීමක් ලැබුණේ හදිසියෙනි. ඒ අනුව ඔවුහු අලුත් ලොක්කාගේ කාමරයට ගියහ.
“හා, තුන්දෙනාම වාඩි වෙන්න. අද කෑම වේලාවේදී ඔය තුන්දෙනාම මාව විවේචනය කළේ මොකද? මම කැමැතියි මගේ යම් අඩුපාඩුවක් හෝ වැරැද්දක් තියෙනවා නම් මගේ මුහුණටම කියන එක. මේ කාමරය ඇතුළේදී එයට ඕනෑම වේලාවක ඉඩ තියෙනවා. එළියේ එහෙම කරන එක ඒ තරම්ම හොඳ දෙයක් නෙමෙයි. මෙතැන මගේ මුහුණට හරි සර්, ඒක තමයි සර්, සර් තමයි නියමෙට කරන්නේ කියලා, එළියට ගිහිල්ලා මාව විවේචනය කරනවාට මම කොහෙත්ම කැමැති නැහැ. ඒක මීට පස්සේ කරන්න එපා. අනෙක් අයටත් කියන්න. මේ කාමරය ඒ සඳහා විවෘතයි.”
“අනේ නෑ සර්, එහෙම දෙයක් වුණේ නැහැ. අනෙක අපි සර් ගැන විවේචනය කරන්නේ කොහොම ද? මෙහෙට ඇවිල්ලත් දවස් දෙක තුනයිනේ වෙන්නේ. හැබැයි අපි තුන්දෙනා කතා කළා හිටපු සර්ට වඩා අලුත් සර් බොහෝම රෙස්පෙක්ට් කියලා, වැඩ නීට් කියලා.”
“හා, එහෙම නේද කීවේ” යයි කියූ අලුත් ලොක්කා, කාර්යාල කාර්ය සහායකයා කැඳවා තවත් නිලධාරියකුට එන්න කීවේය.
ඔහු කාර්යාලයේ සී.සී.ටී.වී.ය. මොහුගේ කැඳවීමත් සමගම නිලධාරිහු තිදෙනා මුහුණට මුහුණ බලාගත්හ. සිදුව ඇති දේ තිදෙනාටම තේරුම් ගියහ.
“මේ මිස්ටර්, මේ තුන්දෙනා මට බැනලා නැහැනේ. ඒ තුන්දෙනා මට බැනපු දේවල් කියන්නකෝ අපි ඔක්කෝටම ඇහෙන්න.” අලුත් ලොක්කා කීවේය.
ඔහු නිරුත්තරය. “නෑ නෑ සර්, මම කිව්වේ....” කිය කියා ගොත ගහා ගහා ඉන්නා විට, “මිස්ටර් මට බොරු කේලම් කියන්න එන්න එපා. ඒ වගේම මම මුරුංගා අත්තේ තියලා මගෙන් වැඩ ගන්න හදන්නත් එපා” යයි කියමින් අලුත් ලොක්කා ඔහුට තුන් කට්ටුවේ දෙහි ඇති තරම් කැපුවේය.
ඉන් ලැබුණු ඉඩෙන් ප්‍රයෝජනය ගත් සේවකයෝ තිදෙනා, “සර් අපිටත් වචනයක් කතා කරන්න පුළුවන් ද” යි ඉල්ලා සිටියහ.
“ඔව් ඔව් මොකද බැරි. කියන්න තියෙන දෙයක් දැන් කියන්න” යයි අලුත් ලොක්කා කීවේය.
“හිටපු සර්ට මෙයා ඇති වෙන්න බොරු කේලම් කියලා ඒ සර් සේවකයන් එක්ක තරහ කෙරෙව්වා. ඒ මෙයාගේ වාසියට. මෙයාට ඕනෑ ඕනෑ දේවල් කරගන්න.”
“හරි ළමයිනේ, මට තේරුණා මිනිහා එන්නේ මොකටද කියලා. ඒකයි මම මෙහෙම කළේ. මෙයා මට ගැළපෙන්නේ නැහැ. මෙයා වෙන කාර්යාලයකට මම මාරු කරනවා. සමහර විට ගව් ගණනක් දුර එකකට වෙන්නත් පුළුවන්” යයි අලුත් ලොක්කා කී විට, ඔහු අලුත් ලොක්කා ඉදිරියේ දණින් වැටුණේ “අනේ සර් එහෙම කරන්න නම් එපා” කියමින්ලු.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
“ෂේප් ලීව්“ දාන්න ගිහින් අමාරුවේ වැටිලා