IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


වී විකුණාගන්න ඉන්ටර්නෙට් ගම හොයලා

(මාවනැල්ල විශේෂ සමන් විජයබණ්ඩාර)
වී විකුණන්න “ඉන්ටනේට් යන්න” කියලා රේඩියෝ එකේ කීවාලු. අනේ මන්දා එහේ යන්න කීයක් වියදම් වෙනවද? මම නම් ඕක තියෙන දිහා දන්නේ නැහැ. ඇත්තටම බං කොළඹ කොහේද ඉන්ටනෙට් තියෙන්නේ” යැයි හෙම්මාතගම ගමක කඩ පිලක මැදි වයසේ මුදලාලිගෙන් ඇසීමේ පුවතක් වාර්තා විය.


කතාව දැන ගත් ආකාරයට මෙසේය.


රජය මගින් වී අලෙවි මණ්ඩලයේ ගොවීන් ලියාපදිංචි කරන අතර, එහි ලියාපදිංචි වන ලෙස ගොවීන්ට දන්වා ඇති බව ගුවන් විදුලියෙන් පවසා ඇත. එසේම ලියාපදිංචි වීම සඳහා පිවිසිය යුතු ඊමේල් අංකය ද දන්වා ඇති අතර, මෙය අසා සිටි මැදි වයසේ අයෙක් මේ සිද්ධිය මතකයේ රඳවා ගනිමින් ගමේ කඩ පිළට පැමිණි පසු එහි බොහෝ පිරිසක් සිටියදී “ඉන්ටනෙට්” යනු ලංකාවේ නගරයක පිහිටි ගමක් හෝ කුඩා ටවුමක් යැයි සිතා එය තිබෙන ස්ථානය කඩයේ මුදලාලිගෙන් ඇසීම නිසා එහි සිටි බොහෝ දෙනෙකුට නම් අපූරු ප්‍රශ්නය හේතුවෙන් සිනාසුණු බව පැවසේ.



අදහස් (0)

වී විකුණාගන්න ඉන්ටර්නෙට් ගම හොයලා

ලක්ෂි Sunday, 20 March 2016 04:11 AM

කෙනෙකුගේ නොදැනුවත්කම හිනාවෙන්න දෙයක්නෙමේ(බ)

:       0       0

රූපවතී Saturday, 19 March 2016 07:19 AM

පව් අසරණ මිනිසුන් කීදෙනෙක් ලංකාවේ ඉන්නවද? තමන්ගේ නමවත් අත්සන් කරගන්න බැහැ. ඒ මනුස්සයා දැනුවත් නොකර හිනාවෙන්න එපා (නි)

:       0       0

සොපි Tuesday, 22 March 2016 04:30 PM

මේක හිනාවෙන්න නෙමෙයි අඬන්න කාරණයක්. රටට බත සපයන ගොවියාව අසරණ කරවීම ලොකු පාපයක් (නි)

:       0       0

ඩිල්ෂාන් Sunday, 20 March 2016 11:50 AM

රුවන්ගේ අදහස් දැක්වීම ඉතා හොඳයි, අර්ථාන්විතයි. හැමෝම එය කියවන්න. (බ)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 19 March 2016 09:08 AM

හිනාවෙන්න තරම් දෙයක් නැහැනේ. මොකද අන්තර්ජාල පහසුකම්, කොම්පියුටර්, ඊමේල් වගේ තාක්ෂණික දේවල් දියුණු රටවලට සාපේක්ෂව අපේ රටට ආවේ පමාවෙලානේ. ඉතින් අපේ වැඩිහිටි පරම්පරාවට මේවා ගැන ඒ හැටි අවබෝධයක් නැහැ (නි)

:       0       0

අවන්ත රෙහාන් Sunday, 20 March 2016 12:51 PM

ඇත්තටම දුකක් දැනෙන්නේ මේවා අහනකොටත්. මේ රට ස්වයංපෝෂිත රටක් මීට අවුරුදු ගානකට කලින්. ගොවියා මඩ ගාගත්තේ නැත්නම් අපිට බත් කටක් කන්න පුළුවන් ද​? මේ මිනිස්සු ඉල්ලන්නේ වාහන බලපත්‍ර නෙමෙයි. තමන් දුක් මහන්සියෙන් ලබාගත් අස්වැන්නට විකුණගන්න විදියක්. (නි)

:       0       0

සෑම් Friday, 18 March 2016 11:48 PM

ජවිපෙ ගොවි උද්ඝෝෂණ වලට ගෙන්වන ගොවියෝ නම් බොහොම ඉහළ දැනුමක් තියන, පරිගණක ශාක්ෂරතාවය තියන උගත් අය බව පෙනුනාට ලංකාවේ ගොවිතැන ජීවිකාව කරගත් සැබෑ ගොවියන් බහුතරයක් මෙවැනි අයයි. (නි)

:       0       0

වික්‍රම Sunday, 20 March 2016 07:32 AM

මේ මනුස්සයා කොහොමහරි වී ටික විකුනගන්න බලන්න ඇත්තේ.. අපිටත් කරගන්න දෙයක් නැති උනාම කොච්චර අසරන වෙනවද? එහෙට යන්න කොච්චර වියදම් වෙනවද අහන්න ඇත්තෙ සල්ලි නැති හින්දනේ. මේ කතාවට හිනා වෙන්න එපා. ඒ මනුස්සයගේ අසරන කම තෙරුම් ගන්න උත්සාහ කරන්න. (ර)

:       0       0

බෙන්තර මහේෂ් Sunday, 20 March 2016 07:37 AM

සෑම් නිකම් මෝඩ කතා කියන්නෙපා. ඇයි ජවිපෙ මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න කලින් ඔයාලගේ කොළ, නිල් අය මේ ගැන කටක් ඇරියද? එයාලට ගොවියන් පීඩාවට පත් කරන එක ගැටලුවක් නෙමෙයි. ඒ අයට ගැටලුව කොහෙවත් නැති ජාත්‍යන්තර තර්ජන, කුමන්ත්‍රණ. (ර)

:       0       0

අබය Saturday, 19 March 2016 02:18 AM

අධ්‍යාපනයක් නොලත් අයෙකු මෙවන් දේ කීම හාස්‍යයට කරුණක් නොවේ. එහෙත් උගතුන් යැයි සිතනා උදවිය රටට කළ සහ කරමින් පවතින විහිලු ඇසුවාම, දුටුවාම හිනායන්නේ මුඛයෙන් පමණක් නොවේ.... (නි)

:       0       0

කාංචන ලක්මාල් Monday, 21 March 2016 06:30 AM

මෙය විහිලුවකට කාරණයක් නොවෙයි...(බ)

:       0       0

රුවන් Saturday, 19 March 2016 04:15 AM

අබය ඔවුන්ට ඇති අධ්‍යාපනය ඔබට නැත. ඔබට ඇති අධයාපනය ඔවුන්ට නැත. මට ඇත්තේ මගේ වෘත්තියට අදාල අධ්‍යාපනයකි. එයට අධ්‍යාපනයක් නොලත් අයකු කියා කීම කෘරය. ගොවිකම උතුම් වෘතියක් ඒ වගේම ඒකටම අවශ්‍ය දැනුමත් ‍තියෙන්න ඕනා. හරියට අනිත් වෘතීන් වගේ. වෙනස වුනේ සඟ වෙද ගුරු ගොවි කම්කරු කියන එකට නූගත් පාර්ලිමේන්තුවක් උඩින් වැටුන එකයි...(බ)

:       0       0

නඳුන් Saturday, 19 March 2016 07:33 PM

ගොවියාට බැරිවුණත් ගොවියාගේ පුතාට හරි අන්තර්ජාලය පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා තාක්ෂණය මේ කර්මාන්තයට පාවිච්චි කරන එකට විරුද්ධවෙන එක වැරදි වැඩක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1424 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1297 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 468 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site