IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


විශ්‍රාම ගිය හැමෝම අපූරු විභාගයක් කරලා

(කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර)
වයෝවෘද්ධ තත්ත්වයේ සිටින විශ්‍රාමික සිංහල ගුරුතුමා ප්‍රකාශ කරන ලද ඉංග්‍රීසි කෙටි යෙදුම වැරදි ලෙස වටහාගත් ගෝලයකු පිළිබඳ පුවතකි මේ.


එය වාර්තා වූයේ වයඹ පළාතේ එක්තරා නගරයකිනි.


එම නගරයේ පාසලේ ආදි ශිෂ්‍ය සංගමය මගින් පසුගියදා ගුරු උපහාර උළෙලක් සංවිධානය කර තිබුණේ එම විද්‍යාලයේ සේවය කර දැනට විශ්‍රාම ලබා සිටින ගුරුවරුන්ට උපහාර පිදීම සඳහාය.


දැනට දකුණු පළාතේ පදිංචිව සිටින පෞද්ගලික ආයතනයක උසස් රැකියාවක් කරන එම විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ මිතුරෙකුට ද මෙම උත්සවයට සහභාගි වන ලෙස ශිෂ්‍ය සංගමයේ මිතුරන් ආරාධනා කර තිබූ අතර කල්වේලා ඇතිවම එහි පැමිණි ඔහු උත්සවය පැවැත්වෙන ශාලාව වෙත යමින් සිටිය දී ඔහුට මුණගැහුණේ සාමාන්‍ය පෙළ පංතියේ දී ඔහුට සිංහල ඉගැන්වූ ගුරුතුමායි. නිතර විහිළු තහළු කරමින් ඉගැන්වීම් කටයුතු කළ ගුරුතුමා දැකීමෙන් සතුටට පත් ඔහු ගුරුතුමාගෙ දෙපා නමස්කාර කර තොරතුරු විමසීය.


සර් අවුරුදු 15කට විතර පස්සේ දැක්කේ. මම දැන් පදිංචි දකුණු පළාතේ. සර් විශ්‍රාම ලබලා විවේක සුවයෙන් ඇති. සර්ලා දකින්න ලැබීමත් ලොකු සතුටක්.


අනේ ළමයෝ මොන විවේකයක් ද මේ දවස්වල මායි නෝනයි දෙන්නම එල්.එල්.බී. කරනවා. ගුරුතුමා පැවසීය. 


සර් වයස ගිහිල්ලත් ඉගෙනීම අත් ඇරලා නෑ. ඒක කොච්චර හොඳයි ද අපි මැරෙනකම්ම ඉගෙන ගන්නවානේ නේද සර් ඔහු පැවසීය.


උත්සවය පැවැත්වෙන ශාලාව වෙත ගිය ඔහුට මුලින්ම හමුවූයේ සාමාන්‍ය පෙළ පන්තියේ දී ඉංග්‍රීසි ඉගැන්වූ ගුරුතුමාය.


අද මට ගොඩක් සතුටු දවසක් අපට උගන්නපු ගුරුවරු ගුරුවරියන් හුඟ දෙනෙක් මුණගැහෙන්න කතා බහ කරන්න අවස්ථාව ලැබෙනවා. මට අපේ සිංහල සර්ත් හමුවුණා. සර් දැන් එල්.එල්.බී. කරනවාලු. තවම ඉගෙන ගන්න එක නතර කරලා නෑ. සර් ඒකාලෙත් හුඟක් ඉහළ විභාග කරලනේ තිබුණේ ඔහු පැවසීය.


අනේ පුතේ සිංහල සර් විතරක් නෙමෙයි මේ දවස්වල මාත් එල්.එල්.බී කරනවා. ඔයා දන්නවානේ සිංහල සර් නිතරම විහිළු කතානේ කියන්නේ ඉංග්‍රීසි ගුරුතුමා කීය.


එල්.එල්.බී. කියන්නේ ළමයින්ගේ ළමයි බලනවා කියන එකයි. විශ්‍රාම ගිය හුඟක් දෙනෙක් දැන් කරන්නේ ඒක. ඉංග්‍රීසි ගුරුතුමා පැවසුවේ කොක්හඬලා සිනාසෙමිනි.



අදහස් (0)

විශ්‍රාම ගිය හැමෝම අපූරු විභාගයක් කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site