IMG-LOGO

විදුලි සැරවැදී මියගිය සැමියා පණපිටින් ගෙදර ඇවිත්

කොළඹට ආසන්න ප‍්‍රදේශයක ජීවත්වූ යුවළක් සිය දරු දෙදෙනාත් සමඟ සෙනෙහසින් කාලය ගෙවනු ලැබුවේ අගහිඟකම් මැද්දේය.

මෙම කාන්තාවගේ සැමියා සේවයේ යෙදී සිටියදී විදුලි සැර වැදී ඇති බවට ලැබුණ පණිවිඩයෙන් දරාගත නොහැකි වේදනාවට පත්වූ අය සිය සැමියා සොයා රෝහල වෙත දිව ගියේ සිහිවිකල් වූ ලෙසය.

සැමියාගේ නෑ හිතවතුන්ටද මෙම අනතුර පිළිබඳව දැනුම් දුන් බිරිය රෝහලට ගොස් සැමියා පිළිබඳව සොයා බැලීමේදී ඔහු මියගොස් ඇති බව දැනගන්නට ලැබීමත් සමග අසල සිටි සියලූම නෑ හිතවතුන් වැළපෙන්නට වූයේ මියගිය පුද්ගලයාගේ ගුණවත්කම ගැන මෙනෙහි කරමිනි.

හදිසියේම බිරියගේ දුරකථනය නාදවූයේ සැමියාගේ දුරකථන අංකය ජංගම දුරකථන තිරයේ සටහන් කරමිනි.

මියගිය සැමියාගෙන් ලැබුණ දුරකථන ඇමතුමෙන් බියට පත් බිරිය තව තවත් හැඬුවා පමණය.

මම මැරිලා නෑ ගෙදර එනවා ඉක්මනට යයි සැමියා ඇමතුම් ගනිමින් පැවසුවද සිය සැමියාගේ නමත් හරි නම් මැරුණු පුද්ගලයා මියගොස් ඇත්තේ විදුලි සැර වැදීනම් සැමියාගෙන් දුරකතන ඇමතුම ඔස්සේ තමා අමතන්නේ කෙසේදැයි සිතාගත නොහැකි විය.


බිරියගේ සහ නෑයන්ගේ ඇස් ඇරුණේ මියගියා යැයි පැවසූ සැමියා රෝහලට සිනාසෙමින් පැමිණි විටය. පසුව සියල්ල පැහැදිලි විය. සැමියාගේ නම ඇති පුද්ගලයකු විදුලිසැර වැදී මියගොස් ඇත.

සිද්ධියෙන් පසුව මියගියා යැයි සිතූ සැමියාගේ හිතවතුන් ඔහුට හොල්මනක් යයි උසුලූ විසුලූ කරන බව දැනගන්නට ඇත.



අදහස් (0)

විදුලි සැරවැදී මියගිය සැමියා පණපිටින් ගෙදර ඇවිත්

පහන් Friday, 17 April 2015 08:12 AM

තාත්ත කෙනෙක් නැතිවෙලා දුර ඉන්න පුතෙකුට දැන් මේක කියන්න ඕනේ කලබල නොවන විදිහට .එක මාම කෙනෙක් විදුලි පණිවිඩයක් අරියාලු "තාත්ත ට අන්තිමයි ආදාහනය අනිද්දා කියල ." (ම)

:       0       0

මිතුන් Monday, 20 April 2015 01:41 PM

අනේ මන්දා! (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Saturday, 18 April 2015 06:10 PM

අලුත්ම ක්‍රමේ...පැමිණීම අනවශ්‍යි මල්වඩම් අවශ්යි කියලත් බොරල්ල් පැත්තේ කියනවලු නේද පහන්...අර මල් වඩම්...නැවතත් කඩවලටම..අඩු ගානට එනවලු....කුලියට අඩන්නන්ද ඕනෑකර තිබේ.කියල දැන්වීම්ද තියනවලු.....ඇත්තද මන්දා ...(ස)

:       0       0

උපුල් Friday, 17 April 2015 10:01 AM

නියමයි (බ)

:       0       0

ෂෙල්ටන් Saturday, 18 April 2015 09:14 PM

මේ විහිළුවේ අනෙක් කොණ තිබෙන්නේ දුකහිතෙන කතාවක් නේද? (නි)

:       0       0

සත්‍යයා Sunday, 19 April 2015 01:08 AM

ඕක පුදුම වෙන්න කාරණයක් නොවෙයි. (නි)

:       0       0

ශාන්ති Sunday, 19 April 2015 04:20 AM

තරින්දිගේ කතාව හරි (බ)

:       0       0

දුමින්ද Friday, 17 April 2015 05:08 AM

විදුලි සැර නිසා අක්‍රිය වුණ හදවත නැවත සක්‍රිය වී යලි යලි උපදින අය ඉන්නවා (ම)

:       0       0

සුනිල් Friday, 17 April 2015 05:19 AM

ස්වාමි පුරුෂයාට තිබෙන ආදරය දැන් කවුරුත් දන්නවා නේද? (නි)

:       0       0

පුබුදු Saturday, 18 April 2015 06:02 AM

පහන්, වෙන කතාවක් කියන්නකෝ. (නි)

:       0       0

සෙලිනා Friday, 17 April 2015 02:14 PM

මට මතකයි පහන් කලින් දවසකත් ඔය කතාව ලියලා තිබුනා. ස්තුතියි පහන් (නි)

:       0       0

තරින්ද Friday, 17 April 2015 06:55 AM

මේක මහා පුදුම ලෝකයක්නේ බොලේ! හොයන්නේ බලන්නේ නැතුව වැඩ කරනවට හොඳ වැඩේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site