හැම දෙයකටම තණ්හාව මුල්කරගත් ගෙවිලියකට සිදු වූ අපූරු සිද්ධියක් අනුරාධපුර ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි.
සිද්ධිය කෙටියෙන් මෙසේය.
මෙම ගෙවිලිය වනාහි ගෙදර දොරේ වැඩපළ මෙන්ම හේනේ කුඹුරේ වැඩ පලද කඩිසරව මනාව සිදු කරන්නියකි. කෙසේ වුවද ඇය කරන සෑම වැඩක්ම ප්‍රමාණය ඉක්මවා අධික තෘෂ්ණාවෙන් සිදු කිරීම නිසා ඇයට මුහුණ දීමට සිදුවන කටුක කර්කශ සිදුවීම් ද නැත්තේ නොවේ.
නුදුරු දිනයක ඇයගේ නිවසට තම සැමියාගේ මිතුරන් කිහිප දෙනකු පැමිණි නිසා සැමියා ඇයට තේ සාදා දෙන මෙන් දැන්වීය.
කුස්සියට ගිය බිරිඳට සීනි බෝතලය හිස් බව පෙනී සැමියාට කතාකොට ”මම ඉක්මනටම කඩේට දුවලා සීනි අරගෙන එන්නම්. ඔහේ මේ කේතලයට වතුර එකක් ගහලා තියෙනවා” යැයි පවසා හනික කඩේට යෑමට පිටත් විය.
බිරිඳ කඩයෙන් සීනි කිලෝ එකක් ෂොපින් බෑගයකට දමාගෙන නිවසට එන කෙටිම මාර්ගයත් ඔස්සේ කැලෑ පාරක් දිගේ කඩිසරව පියමනිමින් එන අතර වාරයේ පාර අද්දර දිරා ගිය ගසක් වැටී තිබෙනු දැක ”අපූරු දර කෝටු ටිකක් තියෙනවා, කෝටු කීපයක් බිඳගෙන ඉක්මනටම යන්න ඕනෑ” යනුවෙන් සිතා හනික දර කෝටු කීපයක් බිඳ එය උකුළේ හොවාගෙන නිවසට පැමිණියාය.
වතුර කේතලේ උතුරවා ගත් සැමියා තේ ගොට්ටයට තේ කොළ දමා, වීදුරු හතරක් සෝදා, බන්දේසියක් මත තබා බිරිඳ සීනි රැගෙන පැමිණෙනතුරු නොඉවසිල්ලෙන් බලා සිටියේ බිස්කට් කීපයක්ද පීරිසියකට දමාගෙන මිතුරන්ට සංග්‍රහ කිරීමටය.
මිතුරෝද වරින් වර කුස්සිය දෙසට හිස දමා ”අද අපට තේ දෙන්න පුළුවන් වෙයි ද.”යනුවෙන් විහිළු කරන්නටද වූහ.
බිරිඳ කඩිමුඩියේ පිළිකන්න පැත්තෙන් පැමිණ උකුළේ හොවාගෙන සිටි දරමිටිය දඩාස් යන හඬින් බිම දමා කුස්සියට ඇතුළු වූවාය.
සැමියා සීනි කිලෝ එක ඉල්ලීමට අත බිරිඳ දෙසට දිගු කළා පමණි.
බිරිඳ දෑතින්ම තම ඔළුව බදාගෙන,”දෙයියෝ සාක්කි, සීනි උරේ දර කෝටුවක් ඇනිලා ඔක්කොම සීනි හැලිලා. අනේ හත් දෙයියනේ දැන් මොකද කරන්නේ?”යනුවෙන් හැඬුම් ස්වරයෙන් කීවාය.
සැමියාට මළ පැන්නේය. බිරිඳගේ කෙස් වැටියෙන් අල්ලා ගත් සැමියා, ඔහේ ගියේ සීනි ගේන්න, දර ගේන්න නෙවෙයි නේද, උඹලගේ තෘෂ්ණාව තියෙන තාක් කල් අපට හරියන් නෑ යෝදියේ” කියමින් බිරිඳගේ පිට හරහා පහරවල් කීපයක් එල්ල කළේය.
ඉස්තෝප්පුවේ සිටි මිතුරන්ට කාරණය වැටහුණි. ඔවුන් ද එතැනට පැමිණ සියල්ල සාවදානව විසඳා, බඩ පිරෙනතුරු ඇල් වතුර බී මිතුරු තුමෝ සතුටින් විසිර ගියහ.
කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
වැඩි තණ්හාවට ගිහින් අම්බානට ගුටිකාලා