IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ලෝබකමෙන් මඟුලත් කැඩිලා


හසලක සුනිල් ඒකනායක


තැනට සුදුසු නුවණ භාවිත නොකිරීම සහ අධික ලෝබය නිසා වෙන්නට සිටි සහකාරියක තරුණයකුට අහිමි වූ සිදුවීමක් කුණ්ඩසාල ප‍්‍රදේශයේ කුඩා නගරයකින් අසන්නට ලැබුණි.
අවිවාහක තිස් දෙහැවිරිදි ඔහු පේරාදෙණිය ප‍්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාව කරන අයෙකි. අතමිට දිග හැර විය පැහැදම් කිරීමට අකමැති ලෝබ කමින් යුතු අයකු බවද එම කාර්යාලයේ පමණක් නොව මොහු ඇසුරු කරන හිත මිතුරන්ද හොඳාකාරවම දන්නා කාරණයකි.
තේ පානය කරන වේලාවට තනිවම කාර්යාලයේ ආපණශාලාවට යන ඔහු කිසිවකු නොමැති අසුනකට තේ එකක් රැගෙන ගොස් පානය කරන අතර නිවසින් රැගෙන එන දිවා ආහාරයද ගන්නේ එලෙසින් බව කාර්යාලයේ මිතුරෝ පවසති.
මොහුට සහකාරියන් කීප දෙනකු කතා කළත් ඉන් එකක්වත් හරි නොගියේ එම තරුණියන්ගේ මවුපියන්ටද මොහුගේ මේ ලෝබකම දැන ගන්නට ලැබුණු හෙයින් බව තතු දත් අය පවසති.
මොහුගේ මිතුරකු දිනක් යෝජනා කළේ ‘මචං අසවල් ගමේ උඹට ගැළපෙන කෙනකු ඉන්නවා. එයා ඇඟලු‍ම් සේවිකාවක්. මම කතා කරලා බලන්නද? කියාය. එයට ඔහු කැමැත්ත පළකළ නිසා මේ යෝජනාව අදාළ තරුණියට මිතුරා දැනුම් දුන් විට ඇය පැවැසුවේ මේ ගැන මවුපියන්ට දැන්වීමට පෙර තමන් එම තරුණයා සමඟ කතා බහ කිරීමටත් ඔහු සුදුසුද කියා දැන ගැනීමටත් අවශ්‍ය බවය. ඇයගේ එම යෝජනාවෙන් පසු මිතුරා දිනයක් හා ස්ථානයක් තීරණය කර දෙදෙනාටම එම ස්ථානයට එම වේලාවට පැමිණෙන ලෙසට ආරාධනා කළේය.
නියමිත දින නියමිත වේලාවට කුණ්ඩසාලේ නගරයට පැමිණි ඔවුන් තිදෙනා ආගිය තොරතුරු කතා බහ කිරීමට නගරයේ හුදකලා වූ ආපණ ශාලාවක් වෙත පිය නැගූහ. ඔහු පැවසුවේ තමන්ට ඇය ගැළපෙන බවයි. ඇය පැවසුවේද රූපයෙන් නම් ඔහු තමන්ට ගැළපෙන බවයි. මෙසේ විනාඩි කීපයක් ඔවුනොවුන් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සිටින අවස්ථාවේ මිතුරා ඔහුට යෝජනා කළේ “තේ වතුර එකක්වත් බොමු නේද” කියාය. එවිට ඔහු පැවසුවේ ‘අනේ මට නම් දැන් තේ බොන්න බැහැ. මම එන විට තේ එකක් අසවල් කඩෙන් පානය කර ආ බවත්  ඔයගොලන්නට අවශ්‍යනම් තේ ගෙන්නලා බොන්න’ කියාය. එම අවස්ථාවේදී මිතුරා සේවකයකුට කතා කර කෙටි ආහාරයක් සහ කිරි තේ දෙකක් ඇණවුම් කර ගෙන්වාගෙන ඒවා භුක්ති වින්දේද කතා බහ කරමින්ය.


ආහාර පාන ගැනීමෙන් පසු ටික වේලාවකින් සේවකයා මෙහි අලාභය සඳහන් ලදු පතක් ගෙනවිත් මේසය මත තැබූ අතර එය ගෙනැවිත් තබන දිහාවත් ඔහු නොබැලූවේය. ගතවූවේ තවත් කාලයකි. එම බිල් පතේ සඳහන් මුදල ඔහු ගෙවන පාටක් නැති විට මිතුරා “මචං බිල ගෙවනවද?” ”මම නෙවෙයිනේ කෑවේ උඹලනේ ඒ හින්දා උඹ බිල ගෙවපන්” යැයි ඔහු පැවසූ විට මිතුරා සිය පසුම්බියෙන් මුදලක් ගෙන බිල ගෙව්වේය. මෙම සිද්ධිය කෙරෙහි දැඩි සිත් වේදනාවකින් බලා සිටි තරුණිය ක්ෂණයකින් නැගිට මිතුරා වෙත ඇඟිල්ල දිගු කර ‘අයියේ ඔයා මේවාගේ කුණු ලෝබයෙක්ද මට මිනිහා කර ගන්න දෙන්න හදන්නේ. මේකා එක්ක දීග ගියොත් මටත් මේකාගෙන් හැදෙන දරුවන්ටත් බඩ ගින්නේ ඉඳලා මැරෙන්න තමයි වෙන්නේ’ යැයි කියමින් ‘මම යනවා යන්න. මේවාගේ එවුන් එක්ක ආශ‍්‍රය කරන ඔයාලාටත් මේවා හොඳ පාඩම්’ යැයි කියමින් ඇය මේසය මත තිබූ අත් බෑගයද ගෙන ආපණශාලාවෙන් පිටව ගියාය.
‘ඔන්න බලපන් උඹේ ලෝබකම හින්දා අදත් උඹට කැමතිවෙලා හිටපු කිරිල්ලියක් අහිමි වුණා. දැන්වත් ඔය කුණු ලෝබ කමෙන් ගැලවිලා මිනිහෙක් වෙන්න බලපන්.’ කියා මිතුරාද නැගිට ගියේ ඔහු ආපණ ශාලාවේ තනිකර දමමිනි. 



අදහස් (2)

ලෝබකමෙන් මඟුලත් කැඩිලා

himal Wednesday, 26 March 2025 11:57 AM

ඒ මනුස්සයා වියදම් නොකරන්නේ ලෝබකම නිසාද නැත්නම් දුප්පත්කම නිසාද?

:       1       4

Pradeep Kumara Wednesday, 26 March 2025 01:06 PM

ඒ ගෑණු ළමයා ඉතාමත් හොඳ තීරණයක් ගත්තා. ඒ වගේම දෙමව්පියන් හමුවීමට පෙර තනිවම හමුවී ඔහු ගැන හරි හැටි දැන ගැනීමට තරම් බුද්ධිමත් වුණා. කාට වුණත් ලැබිය යුතු හොඳ කාන්තාවක්...!

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site