IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලෑන්ඩ් ෆෝනය බසයේ අරන් ගිහින් රෙදි ගැලවිලා

ම දුරකතනයට ඇමතුමක් ලැබීම නිසා ලජ්ජාවට පත් වූ පුද්ගලයකු කිලෝමීටරයක් පමණ පාගමනින් නිවසට ගිය  පුවතක් දකුණු පළාතේ අර්ධ නාගරික පෙදෙසකින් වාර්තාවේ. සිද්ධිය සැකවින් මෙසේය. 
සති අන්තය ආරම්භ වන සිකුරාදා දින සවස් වරුව නගරබද මෙන්ම ග්‍රාමීය ප්‍රදේශයන්හි ද ඉතාම කලබලකාරී ස්වභාවයක් උසුලනු ලබන්නේ    සතියේ දින පහක් වැඩකර ඉතිරි  දින දෙක නිවීසැනසිල්ලේ විවේකීව නිවසේ ගත කිරීමට සිහින මවමින් බොහෝ දෙනකු  තම නිවෙස් කරා ගමන් කරන බැවිනි. 


මාතර නගරයේ සිට අකුරැස්ස පෙදෙස බලා ධාවනය වෙමින්  තිබූ එදින අවසන් බස්රථයේ  පොල් පැටවූ ආකාරයෙන්  මගීන් පිරී සිටියේ  ඉඳගෙන සිටි පිරිසට වඩා  හිටගෙන සිටි පිරිස වැඩි බැවිනි.
සෙනග පිරී තිබූ බස් රථය කිලෝ මීටරයක් පමණ දුර ගමන් කර වෙළඳ සංකීර්ණයක් අසල බස් නැවතුමෙහි නතර කළේ එම ස්ථානයේ සිටි මගීන් ද රැගෙන යාම සඳහාය.
වයස අවුරුදු පනහක් තරම් වූ පෞද්ගලික ආයතනයක සේවය කරනු ලබන ඔහු වැඩ නිම වී ගෙදර ගිය සැනින්ම ඔහුගේ භාර්යාවගේ නියෝගය අනුව නිවසට අඩුපාඩු ගෙන ඒම සඳහා ඔහුට නැවත වරක් වෙළෙඳ සංකීර්ණය වෙත යාමට සිදුවිය.
රෑ බෝවී තිබූ නිසාත්, අවසන් බස් රථයෙන් කෙසේ හෝ ආපසු නිවසට පැමිණිය යුතු නිසාත්,  ඔහු කලබලයෙන් ගෙදරින් පිට වී තිබුණේ ඔහුගේ ජංගම දුරකතනය වෙනුවට නිවසේ තිබූ  දුරකතනය ද රැගෙනය. 
බස් රථය මගීන් ගෙන් පිරී තිබුණත් එක් අතකින් බඩු මල්ලක්ද රැගෙන ඔහු පාපුවරු වේ සිටි මගීහු දෙපසට කරමින් මහත් අසීරුවෙන්  පිටුපස දොරටුවෙන් බසයට ඇතුළු විය. 
බස් රථය ඉදිරියට ඇදෙමින් තිබියදී එකවරම ස්ථාවර දුරකතනයක ඇමතුම් ලැබීමේ නාදයක් නිකුත් වීම නිසා බසයේ සිටි මගීන් එකිනෙකාගේ මුහුණු බලන්නට වූහ.
මෙතරම් ජංගම දුරකතන තිබෙන  සමාජයක ස්ථාවර දුරකතනයක නාදයක් කෙසේ  පැමිණියේදැයි ඔවුන්ට ප්‍රශ්නයක් විය. 
බස් රථය තුළ උපකාරක පන්ති සඳහා සහභාගී වී ඇතැයි සිතිය හැකි  පිරිමි සහ ගැහැනු ළමයි කිහිප දෙනෙකුම ශබ්ද නගා සිනහසෙන හඬ අතරින් එක් කටකාර පිරිමි ළමයකු ‘‘කවුද බොල ලෑන්ඩ් ෆෝන් එකක් සාක්කුවේ දාගෙන ආවේ”‍යැයි පැවසුවේ මුළු බස්රථයම සිනා සාගරයේ ගිල්වමිනි. 
අනපේක්ෂිත ලෙස සිදුවූ මේ සිද්ධියේදී මහත් ලජ්ජාවට පත් වූ ඔහු කිසිවකුට නොදැනෙන පරිදි තම සාක්කුවේ නාදවෙමින් පවතින දුරකතනය කෙසේ හෝ විසන්ධි කිරීමට සාක්කුව තුළට අතදමා බොත්තම් කිහිපයක් ඔබමින් දුරකතනයේ නාදය විසන්ධි කළේය.
මෙම සිද්ධියෙන් අතිශයින් ලජ්ජාවට පත් වූ ඔහු තවදුරටත්  බස් රථයේ ගමන් කිරීමට නොහැකිව තම නිවසට කිලෝමීටරයක් පමණ දුර තිබියදී ඉදිරි බස් නැවතුම්පොළින් බස් රථයෙන් බැස ඉදිරියට පයින් ගමන් කරනු දක්නට ලැබුණි.

රන්සෑගොඩ  ඩී. කංකානම්ගේ

 

 



අදහස් (0)

ලෑන්ඩ් ෆෝනය බසයේ අරන් ගිහින් රෙදි ගැලවිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 243 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 176 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 982 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site