IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ලේලිගෙන් වී ගෝනි බේරාගන්න ගිය නැන්දම්මාට සර්ප බියක් ඇතිවෙලා

වී ගෝනි සහ කුරුඳු දර තොගය ලේලියගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ඒ අසල ඇඳක් තබා නිදාගත් යුවළක කාන්තාවට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳව දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ.


ගුරු වෘත්තියේ නියැළීමෙන් අනතුරුව විශ්‍රාම දිවියක් ගත කරන යුවළක් වන ඔවුන් දෙදෙනා සුවිසාල තෙමහල් නිවසක හුදකලාව ජීවත්වෙති. පුතුන් දෙදෙනකු පමණක් සිටින මෙම යුවළ විශාල දේපළකටද හිමිකම් කියති. වැඩිමහල් පුතා සෙල්ලක්කාර ජීවිතයක් ගතකරමින් දරුමල්ලන් සමග අගනුවර ප්‍රදේශයේ ජීවත්වන අතර  අනෙකා මවුපියන් පදිංචි නිවසට යාබදව කුඩා නිවසක් තනාගෙන ජීවත්වෙති. විධායක ශ්‍රේණියේ රැකියාවක නියැළෙන එම පුතා හිතුවක්කාර විවාහයක් කරගෙන ඇති බැවින් නැන්දම්මා සහ ලේලිය නිතර නිතර කෙස්වලු‍ පටලවා ගැනීම සිදුවිය.


කුඹුරුවලින් ලබාගන්නා වී අස්වනු ගෝනිවල දමා කුස්සි කාමරයේ ගොඩගසා ඇති අතර කුරුඳු තැලීමෙන් ලැබෙන කුරුඳු කෝටුද එම කාමරයේම කොටසක පිළිවෙළට තබා ඇත. දෙමහල්ලන් දෙදෙනා නිවසේ නොමැති අවස්ථාවල ලේලිය පැමිණ මිදුලේ තිබූ කුරුඳු දර රැගෙන යන අතර එය නැන්දම්මාට නොරුස්සන කාර්යයක් විය. එම නිසා දර ටිකද කාමරයේම තැබීමට දෙදෙනා කටයුතු කළහ. ගෝනිවල ඇති වී මීයන් විසින් විනාශ කිරීම වියපත් යුවළට කරදරයක් වූ නිසා සැමියා මී කතුරක් රැගෙනවිත්  වී ගෝනි අසල තැබීම දිනපතාම සිදුකළේය.


සැමියා සිය බිරිඳ පමණක් නිවසේ සිටියදී යහළුවන් කිහිපදෙනකු සමග දුර ගමනක් ගොස් ඇති අතර මී කතුරද අටවා වී ගෝනි ටික අසලින් තබා යෑමට ඔහු අමතක නොකළේය. බිරිඳ තනිවම වී ගෝනි අසල තබා ඇති ඇඳේ නින්දේ සිටින විට ඇසුණු ශබ්දයක් නිසා හදිසියේම අවදි වී කළුවරේම වී ගෝනි ටික අතගා බැලු‍වාය. එක්වරම දකුණු අතේ ඇඟිලි ටික මී කතුරට අසුවීම නිසා බියට පත් ඇය සර්පයකු කෑවා යැයි විලාප තැබුවාය. අසල්වාසීන් කිහිපදෙනකු සහ යාබද නිවසේ සිටින පුතා පැමිණ දොර කඩා නිවසට ඇතුළු වී මව සොයමින් නිවස පුරා සෝදිසි කළහ.


විදුලිය කප්පාදුකර ඇති අවස්ථාවක් නිසා විදුලි පන්දම් ආලෝකයෙන් මව සොයා ගැනීමට හැකිවූයේ කුස්සි කාමරයේ ඇඳ ළඟ වැටි සිටියදීය. වී සහ කුරුඳු දර ඇති ස්ථානයේ ඇති ඇඳේ නිදාසිටියදී මී කතුරට අත හසුවී  ඇති බව පිරිසට අවබෝධ කරගැනීමට වැඩි කාලයක් ගත නොවීය.


රාත්‍රී කාලයේම මව රෝහල් ගත කළ අතර ලේලිය සිද්ධිය තවත් රසකරමින් අසල්වාසීන් සමග පැවසීම නිසා එය ගම පුරා පැතිර යාමට වැඩි කාලයක් ගත නොවීය. රෝහලින් පිටව පැමිණි නැන්දණිය සිය සහෝදරියකගේ නිවසේ සති කිහිපයක් ගතකර  නිවසට පැමිණි අතර සර්පයා ගැන විමසා නිවසේ දුරකතනයට ඇමතුම් ගලා ඒම නිසා දුරකතනය ගලවා ඉවත්කර ඇති බවද පැවසේ.

හක්මන විශේෂ - දෙනගම  යසන්ත ආරියසේන

 



අදහස් (0)

ලේලිගෙන් වී ගෝනි බේරාගන්න ගිය නැන්දම්මාට සර්ප බියක් ඇතිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site