IMG-LOGO

රා බී උපන් ඇඳුමින් නාලා අඩනිරුවතින් ගෙදර ගිහිල්ලා

(පුත්තලම ජූඞ් සමන්ත)
නිවාඩු දිනයකි. හලාවතxමාදම්පේ පැත්තේ ගමක පදිංචි තරුණයින් දෙදෙනකුට අපූරු අදහසක් පහළ විය. ”රා බොමුද” එක් තරුණයකු යෝජනා කළේය. යෝජනාව ස්ථීර විය. දෙදෙනාම තිප්පොළකින් රා බෝතල් කීපයක්ද රැුගෙන ගමන් කරන්නේ ගමේ වැව් බැම්ම මතටය.


කිසිවකුගෙන් බාධාවක් නැත. වැවේ කිසිවකු නැත. තරුණයෝ දෙදෙනා හිතේ හැටියට රා බෝතල් කීපය අවසන් කරන්න පටන් ගත්හ. ”වැවට බැහැලා නාමුද?” නැවතත් යෝජනාවකි. එයද ස්ථීර විය.


”ඒත් නාන්න අඳින්න රෙදි කොහෙන්ද?” ගැටලූවකි. ”කව්රුවත් නැහැනේ. අපි දෙන්නා විතරනේ. ඔන්න ඔහේ නිකම්ම බහිමු....” අනිකා යෝජනා කළේය. එම යෝජනාවද ස්ථීර විය. පසමිතුරෝ දෙදෙනා උපන් ඇඳුමින් වැවට බැස්සාහ. රා මත නිසා වැවේ සිටිනා වේලාව ගැනද දෙදෙනාගෙන් එකෙකුටවත් නිනව්වක් නැත. ඇති තරම් වැවේ දිය කෙළියේය. ඊට කිසිවකුගෙන් බාධාවක් නොවීය. ඉර අවරට ගොස් තිබුණි. ”හොඳටම හවස් වෙලා. ගොඩට යමු.” එක් මිතුරෙක් යෝජනා කළේය. දෙදෙනාම උපන් ඇඳුමින් වැවෙන් ගොඩට පැමිණියහ. දෙදෙනාටම ”රා” මත හිඳුණේ ගොඩට පැමිණි පසුවය.


එක් මිතුරකුගේ ඇඳුම් අතුරුදන් වී තිබුණේ ඔහුගේ ජංගම දුරකතනය ද සමගය. ”දැන් ඉතිං කුමක් කරන්නද...” යැයි වැව් බැම්මේ ඇති කුඹුක් ගසකට මුවා වී කල්පනා කළ මිතුරන් දෙදෙනා ඉතිරි වී තිබූ ඇඳුම් ටික බෙදාගෙන එතැනින් පිටවී ඇත.


තම මිතුරෙකු උපන් ඇඳුමින් වැවේ දිය කෙළින බව දැනගත් අයෙකු විසින් මෙම සොරකම සිදුකර ඇති බව දින කීපයකට පසුව දැන ගන්නට ලැබුණිු

 



අදහස් (0)

රා බී උපන් ඇඳුමින් නාලා අඩනිරුවතින් ගෙදර ගිහිල්ලා

රෝහණ Tuesday, 07 April 2015 09:14 AM

පස මිතුරෝ යනු සතුරු මිතුරන්ට නේද? (බ)

:       0       0

ඇසළ Monday, 06 April 2015 03:30 PM

ස්තුතියි පරණ දේවල් මතක් කළාට කිත්සිරි මහත්තයෝ අපේ කාලේ ලෝවැඩ සඟරාව කට පාඩමෙන් කිවුවට, 80% කට වඩා දැන් ඉන්න ළමයෙකුගෙන් ඇහුවොත් ඒක මොන පාටද නැත්නම් කන දෙයක්ද කියල අහයි එක පාරටම අපෙන් (බ)

:       0       0

බමුණු Monday, 06 April 2015 09:56 AM

හොඳ රා ටිකක් බොන්න ලැබෙනවානම් නිරුවතින් ගෙදර ගියාම මොකෝ මුහුණ වහ ගෙන යන එකනේ ඇත්තේ. (ස)

:       0       0

රුචී Monday, 06 April 2015 10:22 AM

කිත්සිරි මහතාට ස්තුතියි. කවිය දුටුවාම පාසල් කාලය මතක් වුනා. (බ)

:       0       0

කිත්සිරි Monday, 06 April 2015 02:57 AM

ඇඳුම් සොරකම් කළ යාළුවා ලෝවැඩ සඟරාවේ මේ කවිය අහලා නැතුව ඇති. "කෙළියට කඩක් සඟවා යහළුවකු ගෙනේ එළිකොට නැවත දුන් මිනිසෙකුට එතෙකිනේ විළි වැස්මක් නොලදින් දෙව්වුවත් අනේ කෙළියටවත් නොකරව් සොරකමක් දැනේ" (නි)

:       0       0

පිටිගල Monday, 06 April 2015 03:32 AM

දැන් ඉන්න අය දන්න ලෝ වැඩ සඟරාව. (නදී)

:       0       0

අජිත් Tuesday, 07 April 2015 01:37 PM

කිත්සිරි මහතාට බොහොමත්ම ස්තුතියි. මටත් කවිය දුටුවාම පාසල් කාලය මතක් වුනා. (ර)

:       0       0

පහන් Tuesday, 07 April 2015 06:25 AM

අර කතාව මතක් උනා, මනුස්සයෙක්පන්සලේ ඇබිත්ත මනුස්සය ඔහොම නිරුවතින් නානකොට හාමුදුරුවෝ වැඩම කරනවලු දිය යට අතපත ගානකොට පරණ බේසමක් හමු උනාලු එකෙන් විලි වහගෙන නැගිට්ටලු .හාමුදුරුවෝ කිව්වට පස්සෙලු දන්නේ බේසමේ අඩිය නැහැ කියල (බ)

:       0       0

විදූෂ Monday, 06 April 2015 07:57 PM

අනේ පවු නේද? (නි)

:       0       0

කිරි ගමරාල Monday, 06 April 2015 05:16 AM

කිත්සිරි මහත්මයට ස්තුති කරනගමන් මට කියන්න හිතෙන්නේ රා බීපු දෙන්න පන්සලක් පල්ලියක් ළඟින්වත් ගිහින් නැතුව ඇති කියල. (ස)

:       0       0

දුමින්ද Monday, 06 April 2015 05:22 AM

පිරිහීමට හේතුවක්- සුරාපානයක්. (ස)

:       0       0

දනීසා Monday, 06 April 2015 05:26 AM

කිත්සිරි මහතාට ස්තුතියි අදහස් දැක්කුවට. (නදී)

:       0       0

ධම්ම Monday, 06 April 2015 05:48 AM

බීලා මේ නිගා කරන්නේ මිනිසාගේ පෞරුෂයට නේද? (බ)

:       0       0

සුරේෂ් Monday, 06 April 2015 02:02 PM

මේක නම් නියම විහිළුවක් තමයි (නි)

:       0       0

සමන්තලාල් කුමාරසිංහ Monday, 06 April 2015 07:48 AM

මේක පරාක්‍රමබාහු කතාවේ 2 කොටස මරු මැරෙන්න වෙන්නේ හිනාවෙලා (නදී)

:       0       0

කිරින්ද Monday, 06 April 2015 07:51 AM

ධම්ම මහත්තයෝ, ගෙදර තියෙන්නේ ඔහොමද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 18 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 367 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 832 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site