සිරිත් විරිත්වලට අනුව මංගල චාරිත්‍ර සිදු කරන අතරවාරයේ දී මනාලිය මඟුල් පෝරුවෙන් පැන අම්මාගේ කරේ එල්ලී හඩා වැලපුනු පුවතක් හස්ති ශෛල පුරවරයෙන් අසන්නට ලැබුණි.
ගම්බද පෙදෙසක හැදුනු වැඩුණු තරුණ කාන්තාවකි. ඇය පෞද්ගලික ආයතනයක සේවය කරයි. පැහැයෙන් ලස්සන නිසා ඇයගේ අත ගන්නට රාජ්‍ය සේවයේ නියැළෙන තරුණයකු පැමිණියේය.
ඒ සදහා දෙපාර්ශවයේම අය කැමැති වූහ. මනාලයා දුර පළාතක සේවය කරන නිසා ඔහු ස්ථාන මාරුවක් ලැබ ගන්නා තෙක් මංගල්‍යයද පමා කළේය.
කෙසේ හෝ ඔහු ස්ථාන මාරුවක් හදා ගත්තේ මංගල්‍යය ඉක්මනින් සිදු කිරීම සඳහා ය. ඒ අනුව මඟුලට දින වකවානු ළඟා වුණි.
මනාලයා වයඹ පළාතේ නගර බද පෙදෙසක සිට ගැමි පෙදෙසක පිහිටි හෝටලය කරා තම පවුලේ උදවිය හා හිතවතුන් කරා පැමිණියේය.
මංගල්‍යය ජයටම ඉහළින් සිදු වෙයි. එය බලන්නට මනාලිය සේවය කරන ආයතනයේ හිතවත්හු හා හිතවතියෝ ද එක්ව සිටිති.
මංගල පෝරුවේ නැකැත් කාලය උදා වුණි. ජය මඟුල් ගාථා හා අෂ්ඨක කීමෙන් අනතුරුව දෙපාර්ශවයේම අය බුලත් අත් දෙමින් යුවළට සුබ පතති.
එලෙස සුබ පතනා අතරේ ආයතනයේ පිරිස්ද මනාලියට බුලත් අත් දෙන්නට පෙළ ගැසුණි.
එක් හිතවතකු බුලත් අතක් ඇය අත තබනවාත් සමගින් මනාලිය මර ලතෝනි තබමින් එහි අවට දල්වා තිබු පහන් ආදිය ද පෙරළාගෙන මඟුල් පෝරුවෙන් බිමට පැන්නාය.
සිදු වූ දේ තේරුම් ගන්නට බැරිව රැස්ව සිටි පිරිස් එහේ මෙහේ බැලුව නමුත් කිසිවකුටත් කිසිවක් අදහා ගන්නට බැරිවිය.
ඇය නොනවත්වා තැති ගැස්මෙන් යුතුව අම්මාගේ කරේ එල්ලී කිසිත් කියාගත නොහැකිව පෝරුව දෙස බලමින් දෙගිඩියාවෙන් යුතුව පසුවිය.
මඟුල් පෝරුවේ වහළය අසල සිටි සතකු දැක ඇය බියට පත් වෙලාය.
ඇය කුඩා කාලයේ සිටම මෙම සතාට පුදුමාකර බියකින් පසුවෙනවාය. ඒ කන මැදිරි වර්ගයකට අයත් රෑ බදුල්ලෙකි.
මඟුල් පෝරුවේ චාරිත්‍ර සිදු වෙන අතරවාරයේ එම සතා මඟුල් පෝරුවේ ඇතුළත වහලය උඩ සිටින අයුරු ඇය නෙත ගැටුණාය.
එහෙත් සිරිත් විරිත්වලට අනුව සියල්ල කරන්නට ඉඩ දී කිසිවක් නොකියා ඒ දෙස බලා සිටියාය.
ඇය සියලු දෙනාට බුලත් අත් දී සුබ පතනා විට එම සතා සිටි තැනින් ඉවත්ව ඇය සිටින දෙසට ළඟා වෙන අයුරු දැක බියට පත් ඇය මඟුල් පෝරුව අතරින් බිමට පැන්නාය. සිද්ධිය වටහා ගත් පිරිස එම සතා එතැනින් ඉවත් කොට ඇයව නැවත මඟුල් පෝරුව මතට නංවා නැවතුනු සුබ පැතීම එතැන් සිට දියත් කළත් ඇය තැති ගැස්ම ඒ වනවිටත් නැවතී තිබුණේ නැතිලු.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
රෑ බදුල්ලාට බියවී මනාලිය පෝරුවෙන් පැනලා