IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


රිය පුහුණු පාසලේදී සැමියා බිරියට පහරදීලා

(අනුරාධපුර රෝහණ චන්ද්‍රදාස)
ඇය රිය පුහුණු පාසලක සේවය කළාය. සුපුරුදු පරිදි සේවයට වාර්තා කළ ඇය තම දෛනික කටයුතුවල යෙදී සිටිය දී ඒ ආයතනයේම තරුණයකු හා යම් බහින් බස්වීමක් සිදුවිය.


එය දුරදිග යාමෙන් කෝපයට පත් තරුණයා රිය පුහුණුවට ආ පිරිමින් බලා සිටියදීම කාන්තාවට පහර දෙන්නට පටන් ගත්තේය. පහර කෑමට ලක්වූ කාන්තාව කෑ ගසන්නට වූවාය.


ඇගේ කෑගැසීම ඇසී එහි සිටි තිදෙනෙක් වහාම එතැනට ගියහ. කාන්තාවට පහරදෙන තරුණයා අල්ලාගත් ඔවුහු ඒ තරුණයාට පෙරළා පහර දී මෙල්ල කළහ. ඔවුන් වහාම පොලිසියට හදිසි ඇමැතුමක් දී රිය පුහුණු පාසලට පොලිස් නිලධාරින් ගෙන්වා ගත්තේය.


පොලිස් නිලධාරින් පැමිණ විමර්ශන කටයුතු ආරම්භ කර කාන්තාවට පහර දුන් තරුණයා අත්අඩංගුවට ගෙන ඔහු පොලිසියට කැඳවාගෙන යාමට සැරසුණි.
මේ අවස්ථාවේ පහර කෑමට ලක් වූ කාන්තාව ඉදිරියට ආවාය. ඇය පොලිස් නිලධාරින්ට මෙසේ කීවාය.


අනේ මහත්තයෝ එයාව ගෙනියන්න එපා. ඔය මගේ මහත්තයා.”


ඇගේ කීමට අවනත වූ පොලිස් නිලධාරිහු එතැනින් ඉවත්ව ගියහ. කෙසේ වුවද කාන්තාවට පහර දුන්  තරුණයා ඇයගේ සැබෑම ස්වාමි පුරුෂයාදැයි හරියටම දන්නේ නැතිලූ.



අදහස් (0)

රිය පුහුණු පාසලේදී සැමියා බිරියට පහරදීලා

ඉසුරන්දි Sunday, 23 November 2014 05:08 AM

පවුල් ආරවුල් වැඩකරන තැනටත් ගේන එකයි නරකයි.(හේ)

:       0       0

පද්මේන් Friday, 21 November 2014 04:44 AM

මටත් හිතෙනවා මෙතන මොකක් හරි පටලැවිල්ලක්.(හේ).

:       0       0

ජෙහාන් Thursday, 20 November 2014 07:21 PM

පේන හැටියට රිය පුහුණුවට එන ඔක්කොම පිරිමි ඔය වගේද ? (නදී)

:       0       0

මහින්ද කේ ගොඩගේ Friday, 21 November 2014 07:19 AM

ඇත්තටම එම( වාහනයේ) බලපත්‍ර හිමිකරුවා ගුටි කෑ තරුණයා නම් ...ඔහුට තව පාරක් හිතන්න වෙනවා ...(කාන්තාව) ගැන?(හේ)

:       0       0

නදීර Saturday, 22 November 2014 05:16 AM

මේක සාමන්‍ය දෙයක්. මේක ගණන් ගන්න එපා.(හේ)

:       0       0

සමන්ති Friday, 21 November 2014 12:06 AM

කසාද සහතිකයෙන් නම් මේක හොයන්න බැරිවෙයි වගේ. නරකද ඩී එන් ඒ පරීක්ෂණයක් කළොත්? (නි)

:       0       0

දිලීප සඳරුවන් Monday, 24 November 2014 11:18 AM

නෝනට හොද නම් අපිට මොකද?(හේ)

:       0       0

ඇන්ඩෲ Friday, 21 November 2014 12:47 AM

මොකක්ද අප්පේ මේ හුටපටය හැබෑටම? (නි)

:       0       0

නිහාල් ප්‍රනාන්දු Monday, 24 November 2014 07:04 AM

ගෑනි වාරියපොළ නම් ඕකේ අනිත් පැත්ත වෙන්න තිබුනා. (නදී)

:       0       0

මාලි Friday, 21 November 2014 01:30 AM

සමන්තිට පිස්සුව තදවෙලා වගෙයි මට නම් පෙනෙන විදියට (නි)

:       0       0

සමන්ති Saturday, 22 November 2014 02:02 PM

මේක සිදුවුනේ කාටදැයි සිතාගත්තහැකි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 615 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 519 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site