(තලාතුඔය ටී.එච්. සරත්)
පොලිස් හදිසි ඇමතුම් 119 අංකයට කාන්තාවක් විසින් දෙන ලද ඇමතුමකට අනුව කියැවී ඇත්තේ තම නිවසේ නිදන කාමරයේ ඇඳක් යට කිසියම් නාඳුනන පුද්ගලයකු සැඟව සිටින බවකි.
ඒ අනුව මහනුවර නගරයට නුදුරු පොලිස් ස්ථානයක නිලධාරීන් වහාම එහි ළඟා වී තිබේ. එහිදී ගෙහිමි කාන්තාව ප‍්‍රකාශ කර ඇත්තේ තම සැමියා දින කිහිපයකට පෙර විදෙස්ගත වූ බවත් තමා පියා සමග නිවසේ ජීවත් වන බවත්ය.
රාත‍්‍රී මල් පහන් පූජා කිරීමට නිවසේ උඩුමහලට ගිය බවත් එම අවස්ථාවේ කිසියම් පුද්ගලයකු නිවසේ නිදන කාමරයේ ඇඳ යට සැඟව ඇති බව දුටු බවය.
පොලිස් නිලධාරීන් ඇඳ යට පරීක්ෂා කොට සැඟව සිටි පුද්ගලයා එළියට ගෙන තිබේ. එහෙත් එම අවස්ථාවේ සියල්ලන්ම මවිතයට පත්ව ඇත්තේ විදෙස්ගත වීමට ගිය එම කාන්තාවගේ සැමියා එසේ සැඟව සිටීමයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඔහු පොලිසියට ප‍්‍රකාශ කර ඇත්තේ බිරියගේ අනියම් ඇසුරක් පවතින බවත් එය අල්ලා ගැනීමට මෙසේ ඇඳ යට සැඟව සිටි බවත්ය.
මෙවැනි මිනිසකු සමග තවත් දීග කෑමට නොහැකි යයි පැවසූ බිරිය එම අවස්ථාවේම ත‍්‍රිරෝද රථයක් ගෙන්වා ඇයගේ අනියම් සැමියා සොයා ගොස් තිබේ.
පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රට යන්න ගිය සැමියා ඇඳ යටින් හමුවෙයි
RD Tuesday, 12 September 2017 08:41 AM
සැමියාගේ සැකය හරි. ඔහු ජය ගත්තා.
yamuna Wednesday, 13 September 2017 12:00 AM
අන්න අදකාලේ ගෑණු