IMG-LOGO

2024 දෙසැම්බර් මස 11 වන බදාදා


“රිඟින් ටෝන්“ එකෙන් කුකුළු හොරා අහුවෙලා

කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම


ගම්මානයක කලක සිට සිදු වූ කුකුළු හොරකම ජංගම දුරකථනය නිසා අසුවූ අපූරු පුවතක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් වාර්තා විය.
සිද්ධිය මෙසේය. 
අවුරුදු තිහක්, තිස් පහක් පමණ වන ඔහු ගමේ වැදගත් තාලයට ජීවත් වූවත් හොරකම, කපටිකම උපන්ගෙයි පිහිටා ඇත්තෙකි. එහෙත් ගම්වැසියන් ඔහු හොරෙකු බව නොදන්නා අතර, ගමේ සිදුවන පොල්, පුවක්, කුකුළන් හොරකම් පිළිබදව ඔහු ගම්වාසීන්ට කලින් සොයා බැලීමට ඉදිරිපත් වෙයි.
මුහුණු පොත හරහා අනුන්ට ධර්මයෙන් උපදෙස් දෙන පුද්ගලයකු ලෙසද ඔහු සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිතය. තදින් මතට ඇබ්බැහි වී සිටින ඔහු පදමට සූර් වූ පසු මසට ගැනීම සඳහා ගමේ කුකුළු කොටුවලට ගම්වාසීන්ට හොරෙන් රාත්‍රී කාලයේ රිංගයි.


කෙසේ වෙතත් ඔහුගේ බිරිඳ මේ පිළිබඳව දැන සිටියත්, එය රහසක් ලෙස තබාගෙන ඇත්තේ ඔහුට හොරකම නිසා ලැබෙන දඬුවමට වඩා සමාජයෙන් හොරකු ලෙස පවුලම හංවඩු ගැසෙන බැවිනි. 
සිද්ධිය වු දිනය දා රාත්‍රීයේ ඔහු සුපුරුදු පරිදි සූර් වී කුකුළු හොරකමේ ගොස් ඇති අතර නිවැසියන්ට හොරෙන් කුකුළකු හොරෙන් රැගෙන සිය නිවසට පැමිණ ඇත. එම නිවසේ සිට ඇත්තේද එම කුකුළා වන අතර, අනෙකුත් කුකුළන් අවස්ථා කිහිපයකදී රාත්‍රී කාලයේ අතුරුදන්ව තිබේ. 
කෙසේ වෙතත් උදෑසන කුකුළා හඬලන ශබ්දය වෙනුවට ජංගම දුරකථනයක් හඬලන හඬ ඇසී නිවසියන් කුකුළු කොටුවට ගොස් ඇත. 
කුකුළු කොටුව පරීක්ෂා කිරීමේදී කුකුළා අතුරුදහන් වී ඇති අයුරුත්, රුපියල් තිස් දහසක් පමණ වටිනා ජංගම දුරකථනයක් නාද වෙමින් එහි තිබෙනු නිවසියන් දැක තිබේ. පැමිණි ඇමතුම ඔස්සේ දුරකතනය කාගේද යැයි හඳුනාගෙන නිවසට යන විටත් කුකුළා මස් කරමිනි සිටි ඔහුට කරකියා ගත නොහැකිව දෙවියන් සිහිපත් වී ඇත. 
පසුව එම නිවැසියන් මේ සම්බන්ධව පොලිසිය දැනුවත් කර ඇති අතර, පොලිසිය ඔහු කුකුළු හොරකම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

“රිඟින් ටෝන්“ එකෙන් කුකුළු හොරා අහුවෙලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

නෝනා පුදුම කරන්න ඇවිත් පොලිසිත් යන්නවෙලා
2024 දෙසැම්බර් මස 11 577 0

නෝනාගේ ජන්ම දිනය දා ඇය පුදුම කරවන්න විදෙස් රටක සිට නොදන්වා පැමිණි සැමියෙකුට පුදුම වෙන්න සිදුවූ පුවතක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


මී බන්ධනය කැඩී කාඩ් අතුරුදහන් වෙලා
2024 දෙසැම්බර් මස 10 737 1

වෙළඳසලක අලෙවි කරන්නට තිබූ ජංගම දුරකතනවලට භාවිතයට ගන්නා ෆෝන් කාඩ් තොගයක් මීයන් රැගෙන යාමේ පුවතක් කුරුණෑගල දඹුල්ල පාරේ නගර සීමාව අවට වෙළෙඳසලකින් අසන්


වප්මගුලට අමුතුම තාලේ පිලිගැනිමක්
2024 දෙසැම්බර් මස 09 709 0

බලංගොඩ ප්‍රදේශයේ එක්තරා ගමක වෙල්යායක වප් මඟුලක් සුදානම් කර තිබිණි.


මිරිස්කුඩු දුමෙන් කට්ටඬියාගේ බලේ බිඳිලා
2024 දෙසැම්බර් මස 06 1240 1

අසරණතාවයට පත් රෝගියෙකු සුවපත් කිරීමේ සාත්තුව බලන්නට ආව පිරිසක් කරන ලද තක්කඩි වැඩක් නිසා කට්ටඬියා ඇතුළු රැස්ව සිටි උදවිය දැඩි අසරණතාවයට පත් වූ පුවතක්


බදු ඔප්පු හුටපටයෙන් නිවැසියා අන්දමන්ද වෙලා
2024 දෙසැම්බර් මස 05 960 0

පළමු වසරට සිසුන් බඳවා ගැනීමේ පරීක්ෂණ මණ්ඩලයට කවදාවත්ම අමතක නොවන සිද්ධියක් පිළිබඳ කතාවක් මේ ඊයේ පෙරේදා අසන්නට ලැබුණේ අම්බලන්ගොඩ ප්‍රධාන පාසලකිනි.


බාලගිරි ඉහළ ගෙදරටයි කියා බෝඩ් ගහලා
2024 දෙසැම්බර් මස 04 890 0

දකුණු පළාතේ අර්ධ නාගරික ප්‍රදේශයක ජීවත් වූ සහෝදරයන් දෙදෙනා කුඩා කල සිටම ඉතා සහෝදරත්වයෙන් සමඟියෙන් යුතුව ජීවත් වූ අතර තරුණ වියට පිවිසීමත් සමගම ඔවුන් ද


මේවාටත් කැමතිවනු ඇති

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 35 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 40 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 05 98 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 52 වැනි ශාඛාව දෙනියාය, පල්ලේගම

Our Group Site