IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


රැග් දුන්නාට බිරිද යක්ෂනියක් වෙලා

බිරිඳ සහ සැමියා දෙදෙනාම රජයේ සේවයේ නියුතු වූවෝ වෙති. සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ කඩ සාප්පුවල ජනීජනයාගෙන් පිරී ඉතිරි යන බැවින් කල්වේලා ඇතුව ඇඳුම් පැළඳුම්  ටිකක් ගන්නට සිතු බිරිඳ ඒ සඳහා  දිනක් කල්වේලා ඇතුවම වෙන් කරගෙන  සූදානම් වූවාය.
 අදාළ දිනයේ දී බිරිඳ තම සිඟිති දරුවා ද සමගින් සැමියා සමග රෙදි පිළි මිලදී ගැනීම සඳහා සාප්පු සවාරියේ ගියාය. සැමියා රහමෙර පානයට ද ලොල් වූවෙකි. දරුවා තුරුළු කරගෙන බිරිය පැමිණෙන තුරු පැය ගණන් රස්තියාදුවීම සැමියාට ඉවසුම් නොදෙන්නක් විය. බිරිඳට වගේ වගක් නැත. පැය ගණන් ගත වුවද ඇගේ විලාසිතා තේරීම නම් නිමක් නොවීය.
රතු කට්ට පැන්න සැමියා මේ කරදරයෙන් බේරීම සඳහා උපායක් යෙදවීය. සිඟිති දරුවා ද රැගෙන බිරිඳ අසලට ගියේ වැසිකිළියට යෑමේ හදිසි අවශ්‍යතාවයක් ද සැලසුම් කරගෙනය. බිරිඳට ළමයා දී මිටෙන් හල කුරුල්ලකු සේ සැමියා අතුරුදන් විය. බිරිඳ ද රෙදි සාප්පුවක් තුළට වී පැයක් දෙකක් කල් ගත කළාය. සැමියාගේ දුරකතනය ද බිරිඳ ළඟය. හෙතෙම ආපසු නොපැමිණීම පිළිබඳව දොස් තබමින් බඩුමළු කිහිපයක් එක් අතකින් ද අනික් අතින් දරුවා ද වඩාගෙන ආපසු නිවසට යන්නට බස් රථයකට ගොඩ විය.


මේ අතර බිරිඳගෙන් ගැලවුණු සැමියා සුපුරුදු පරිදි නගරයේ තැබෑරුමකට රිංගා හීන් අඩියක් ගසා බස් රථයකට ගොඩවී නිවස බලා ගියේය. දුරකතනය බිරිඳ  ළඟ තබා ආ නිසා ඉන් වදයක්  නොවීය. ගෙදර ගිය සැමියා ඇගේ මහන්සිය යන්නට දිය පොදක් නාගෙන දිවා ආහාරය ද ගෙන වෙරිපිට නින්දට වැටුණේය.
ඉතා අපහසුවෙන් බඩුමලු සහ දරුවා රැගෙන සැමියා ගැන සිතමින් බිරිඳ නිවසට ගොඩ වූවාය. නිදන කාමරය තුළ සැප නින්දකට වැටි සිටි සැමියා දුටුවිට බිරියට යක්ෂයා ආරූඨ විය. එහෙත් බිරියගේ ගෝරනාඩුවට ඇහුරුණු සැමියා බිරිඳගේ වදන් නොඇසුනාසේ තද නින්දක් මාවා පාමින් සිටියේය. සැමියාට බිරිඳගේ නොසරුප් වදන් බීරි අලින්ට වීනා වයන්නා සේ විය.
 සැමියා මෙම  සිදුවීම පිළිබඳව තම හොඳම මිතුරාට පවසා තිබුණේ කාටවත් නොකියන ලෙසටය.  

 මඩුල්ල සේනක බණ්ඩාර



අදහස් (0)

රැග් දුන්නාට බිරිද යක්ෂනියක් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site