IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


යාළුවකුගේ ලණුවක් කා ගෙදර සිවිලිමත් කඩාගෙන

(පෝද්දල සරත් ආනන්ද ගමගේ)
සිය නිවසේ සිවිලම මත ලැගුම්ගෙන සිටින උගුඩුවන් ජෝඩුවක් පලවා හැරීම සඳහා රතිඤ්ඤා කරලක් පත්තු කර දැමීමෙන් නිවසේ සිවිලිම පැත්තක් කඩාවැටුණු පුවතක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වේ.


රාත්‍රී කාලයේ නිවසේ සිවිලිම උඩ උගුඩුවන් සැරිසැරීම හේතුවෙන් මෙම නිවැසියන්ගේ නින්දට බාධා සිදුවූ අතර රාත්‍රී කාලයේ නින්දෙන් අවදි වී උන් පලවා හැරීමට ගෙහිමියාට සිදුවිය.


උන් පලවා හැරීමට ගතයුතු පියවරක් සොයමින් සිටියදී දිවාකාලයේද උන්ගේ ගමන ආරම්භවී තිබුණි. ඒ පිළිබඳව නිරීක්ෂණය කළ ඔහුට උගුඩුවන් ජෝඩුවක් එහි පදිංචිවී සිටින බව තහවුරු කර ගැනීමට හැකිවිය. උන් පලවා හැරීමට හිතවතුන්ගේ උපදෙස් පැතූ ඔහුට සිවිලිම ඇතුළත ද විදුලි පහන් දැල්වීමට සැලැස්වීමෙන් උන් පලවා හැරිය හැකි යැයි ලැබුණු උපදෙසකට අනුව මුදල් වැය කර නැවත සිවිලිම ඇතුළතද වයරින් කර විදුලි පහන් සවි කළේය. එය යම්තරමකට සාර්ථක වුවද ටික දිනකින් නැවතත් සුපුරුදු ලෙසම උන්ගේ ගමන ආරම්භ වී තිබුණි.


මේ අතර දිනක මිතුරන් සමග පොඩි මධු විත සාදයක යෙදී සිටියදී ඔහුට මේ උගුඩු ප්‍රශ්නය ගැන සිහිපත්ව එය සාකච්ඡා කළේය. එතැන සිටි එක් මිතුරෙකු පැවැසුවේ රතිඤ්ඤා කරලක් දල්වා උන් දෙසට විසි කිරීමෙන් සදහටම උන් පලවා හැරිය හැකි බවයි.


පසු දිනෙක දිවා කාලයේ මොහොතක උගුඩුවෝ දෙදෙනා සිවිලිම මත මහත් දාංගලයක් පටන් ගත්හ. යහළුවා කියූ පිළියම අත්හදා බැලිය යුතු යැයි තීරණය කළ ඔහු නගරයට ගොස් රතිඤ්ඤා පෙට්ටියක් ගෙනාවේය. සිවිලිම උඩට නැගිය හැකි කපොල්ලට ඉනිමග තබා සිවිලටම ගොඩවූ ඔහු රතිඤ්ඤා කරලක් දල්වා උගුඩුවන් සිටි දෙසට විසි කළේය. ඩෝං ගා මහත් හඬින් රතිඤ්ඤය පිපිරී ගිය අතර දඩබඩාස් හඬින් සිවිලිමද කඩා වැටුණේය.


සිදුවූ විපත පිළිබඳව උපදෙස් දුන් මිතුරාට ඒ ගැන දුරකථනයෙන් දැනුම් දුන් විට ‘මං විහිළුවට කිව්වෙ තෝ ඒ ගොන් වැඩේ කළා දැ’යි ඇසීය.


සිය බිරියගෙන් මහත් සේ බැණුම් ඇසූ ඔහුට නිවෙසට පැමිණෙන අයට පිළිතුරු දීමද මහත් පීඩාවක් විය. ඉක්මණින් සිවිලිම පිළිසකර කරගන්නේ කෙසේ දැයි ඒ සඳහා අතිරේක මුදලක් සොයන්නේ කෙසේ දැයි කල්පනා කරමින් සිටින අතරේ ඇදහැලුණු වර්ෂාවකදී සිවිලිම කඩා වැටුණු ස්ථානයෙන් නිවස තෙමෙන්නටද පටන් ගත්තේ බිරියගේ ගෝරනාඩුව දෙගුණ තෙගුණ කරමිනි.



අදහස් (0)

යාළුවකුගේ ලණුවක් කා ගෙදර සිවිලිමත් කඩාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 716 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site