IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


යාළුකමට ඔසුසලට ආ තරුණිය බේත් දීලා

රජයේ රෝහලක සායනයට පැමිණි රෝගියා පෝලිමේ ගමන් කර වෛද්‍යවරයා හමුවිය. ”ඉඳගන්න” වෛද්‍යවරයා කාරුණික හඬින් පැවසීය. රෝගියා පරීක්ෂා කළ හෙතෙම රෝගය සඳහා දෙනු ලබන බෙහෙත රෝගියා රැුගෙන ආ පොතේ සටහන් කර නැවත භාරදීමට කටයුතු කළේය.


පොත රැුගත් රෝගියා බෙහෙත් නිකුත් කරන කවුන්ටරයට එය භාරදුන් අතර කවුන්ටරයේ සිටි ඖෂධවේදියා පොත පරීක්ෂා කර බලා එම බෙහෙත අවසන් වී ඇති බව පැවසීය.


 රෝගියා නැවත වෛද්‍යවරයා හමුවී එම ඖෂධය නොමැති බව පැවසූ විට වෛද්‍යවරයා ඖෂධයේ නමින් බෙහෙත් තුණ්ඩුවක් ලියාදී, ”මේ බෙහෙත ෆාමසියකින් ගන්න” යැයි පැවසීය.


නගරයේ පිහිටි ෆාමසියකට පිවිසි රෝගියාට කවුන්ටරය අසල සිටි රුවැති තරුණියක් දක්නට ලැබිණි. ”මොනාද  ඕනේ” ඇය ඉංග‍්‍රීසි හුරුවට සිංහල උච්චාරණය කරමින් විමසුවාය. ඔහු බෙහෙත්  තුණ්ඩුව ඇය අත තැබීය. එය කියවා බැලූ ඇය ”බෙහෙත් නිකුත් කරමින් සිටි සුදු හැඳගත් තරුණියකගෙන් ”කාබමැස්පින් ඉස් වට්?” (කාබමැස්පින් කියන්නේ මොකක්ද) යනුවෙන් ඉංග‍්‍රීසියෙන් විමසුවාය. එවිට සුදු හැඳගත් තරුණිය ඖෂධයේ වෙළෙඳ නාමය පවසා තිබෙන ස්ථානය ද පෙන්වූවාය.


ඖෂධ සොයා ගත් තරුණිය එය රෝගියාට දීමට කටයුතු කළාය. පසුව දැනගන්නට ලැබුණේ රුවැති තරුණිය ෆාමසියේ සේවය කරන තරුණිය හමුවීමට පැමිණි ඇයගේ යෙහෙලියක් බවය.


ක‍්‍රිස්ටෝපර් සීපියන් අනුරාධපුරය.



අදහස් (0)

යාළුකමට ඔසුසලට ආ තරුණිය බේත් දීලා

දුමින්ද Monday, 16 March 2015 08:13 AM

අපිටත් යාළුකමට බේත් දේවිද? (බ)

:       0       0

සර්වමිත්‍ර Tuesday, 17 March 2015 06:30 AM

ඉතින් ඇයි මේක පත්තරේ දාන්නේ? (ස)

:       0       0

අප්පුහාමි Tuesday, 17 March 2015 06:34 AM

"කාබමැස්පින් ඉස් වට්" කියන්නේ මොන රටේ භාෂාවක්ද? (ස)

:       0       0

අසේල Monday, 16 March 2015 09:09 AM

මේ කතාව නම් තේරුම් ගන්න අමාරුයි.(හේ)

:       0       0

චමින්ද Tuesday, 17 March 2015 08:12 AM

මේවා දාන අයට පිස්සුද නැතිනම් මේවා බලන අපිට පිස්සුද හිතෙනවා (දිල්)

:       0       0

කුමාර Thursday, 19 March 2015 01:27 AM

මෝඩකම මහත (නදී)

:       0       0

කුමාරි Monday, 16 March 2015 02:31 PM

අයියෝ...... මේවත් විහිළුද...? (බ)

:       0       0

සමන්ති Monday, 16 March 2015 04:12 PM

කොයි බෙහෙත් වෙළෙඳ සැලේත් මෙහෙමම තමයි . බෙහෙත් වෙළෙඳ සැලේ ඖෂධ වේදියාගේ රජයෙන් නිකුත්කළ සහතිකයේ පිටපතක් ප්‍රදර්ශනය කල යුතුබවට නීතියක් තිබේ . එසේ තියෙනවාද? (ස)

:       0       0

සංජීව Monday, 16 March 2015 08:31 PM

මේවාට කියන්න මට වචන නැහැ (නි)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 17 March 2015 12:43 AM

අක්කාගේ වැඩේ නංගි කරන්න පුරුදුවෙනවා ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1312 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 452 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site