IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


මං ගොනා බිලට පොලු තියා අමාරුවේ වැටිලා

පිටේ දවටා තිබුණු යමක් සමච්චලයට ලක් කිරීමෙන් මිතුරා උරණ වීම හේතුවෙන්  හෝටලයක කෑම බිල ගෙවා ගත නොහැකිව තවත් මිතුරන්  පිරිසක් දැඩි අපහසුතාවකට පත්වූ පුවතක් නාරම්මල  නගරයෙන් අසන්නට  ලැබුණි.
ඔවුන්  කුරුණෑගල  ප්‍රදේශයේ  වෘත්තීය පුහුණුවක්  හදාරන  විවිධ  පෙදෙස්වලින් පැමිණි  පිරිසකි. පුහුණුවේ පහසුව තකා මිතුරෝ කුලී පදනමට  බෝඩිමක නතර වී සිටිති. 
ලද විවේකයක දී සියලු  දෙනා එක්ව  පිටතට ගොස් විනෝද වෙන අවස්ථා  එමටය. එලෙස යන ගමනේදී එක් එක් දවසට වියදම් කිරීම ඔවුන්  කාල සටහනකට අනුව මෙන් බෙදාගෙන ඇත. මෙදින සවස් යාමයේ ආයතනයේ  පුහුණුව එදිනට අවසන්  කළ ගජ මිතුරෝ නාරම්මල  බලා පිටත් වූහ.


නගරයේ  ගැවසුණු  ඔවුනට රූමත් කාන්තාවන් සිටින හෝටලයක් නෙත ගැටුණි. ඒ  තුළට ගොස් ෂෝටිස් කාලා ටී එකක් බීලා එන්නට එකකු  ගෙනා යෝජනාවට සියලු දෙනා කැමැති වූහ.
 මෙදින වියදම්  කළ යුතුව ඇත්තේ එක්  අයකුටය. ඒ බෙදාගෙන ඇති කාලසටහනට  අනුවය. ඔහු එම මුදල ගෙවන බවට පොරොන්දු විය. ඔහු පොරොන්දු  වෙනවාත් සමඟම  අන් මිතුරෝ  ඔච්චමට  මෙන්  ඔහුට සිනාසෙන්නට වූහ.
ඒ ඇයිදැයි  ඔහු ඇසුවත්  කිසිවෙකුත් කීවේ නැත. ඔහුට ඇති වුණේ සැකයකි . එහෙත් ඔහු දෙගිඩියාවෙන්  යුතුව හෝටලයට ගොඩවැදුණි. කෑමට  අවැසි  දේ ගෙන්වා  ගත්තේය. මිතුරු  කැල වට වී ඒවා භුක්ති විඳිති. මුදල් ගෙවන මිතුරා කාන්තාවන් අතරින්  තේ හදන තැනට ගියේය. හොඳට, රසට අපිට ටී දාන්න. කණ්ඩායම  පෙන්වා ඔහු  පවසා ආපසු  එතැනට ආවේය. හෝටලයේ සිටින හැමෝම ඔහු දෙස බලා සිනාසෙති. ඒ අතරේ එහි සිටි රූමත් කාන්තාවක්  ඔහුගේ කමිසයේ පිටුපස අලවා ඇති කඩදාසි  කැබැල්ලක්  ගලවා ඔහු අතට දුන්නාය.
“මං ගොනා” යනුවෙන් එහි අලවා තිබුණි. කුරුණෑගල සිට බස් රථයක නාරම්මල  එන විටත්, නාරම්මල නගරයේ කරක් ගහලා හෝටලය වෙත එන තෙක්ම මෙය නෙත ගැටුණු  අය  සිටිති. 
මේ නිසා තම බෝඩිමේ  ගජ මිතුරන්  විනෝදය  පතා තමාට කර ඇත්තේ මහා කැළලකි. ඉන් කලකිරීමට  පත් මිතුරා  වැසිකිළිය දෙසට ගියේය. හෝටලයේ බිල ගෙවිය යුත්තේ ඔහුය. රැස්ව සිටි  අය ඔහු එන තෙක් එහි රැඳී සිටිති. ඔහු එන්නට පමාය. ඔවුහු ඒ  ගැන සොයා බැලුහ. ඔහු සියල්ලන්ටම හොරා බෝඩිමට ගොස්ය.
 බිල ගෙවන්නට එහි සිටිනා අය අතේ පිච්චියක් හෝ නැත. ඔවුන් වෙච්ච  අකරතැබ්බය  හෝටලයේ හිමිකරුට කීවේය. විශ්වාසය  තහවුරු  කොට යන්න. පසුව  මුදල් ගෙනැත්  දෙන්න. ඔහු  ඊට විසඳුමක්  දුන්නේය. සිම්පත ගලවා අතට ගත් එකකු වටිනා පෝන් එකක් මුදලාලි  අත තැබුවේය. මුදල ගෙවන විට එය බේරා ගන්නා බව පවසා කරපු ගොන්කම සිහිපත්  කරමින් රූමත් කාන්තාවන් අතරින්  ඔවුන්  ලැජ්ජාවෙන් යුතුව ඉක්මනින්ම ගියා ලු.

 



අදහස් (0)

මං ගොනා බිලට පොලු තියා අමාරුවේ වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 28 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 394 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 843 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site