දකුණු පළාතේ නගරයක තැපැල් කාර්යාලයකට පැමිණි වයෝවෘද්ධ කාන්තාවකි. ඇය පැමිණ තිබුණේ තමන්ට හිමි මාසික වැඩිහිටි දීමනාව ලබාගන්නටය. කවුන්ටරයේ සිටි නිලධාරියාට ඇය තම කාඩ්පත ඉදිරිපත් කළාය.
අනතුරුව වැඩිහිටි දීමනා නාම ලේඛනය පරීක්ෂා කළ නිලධාරියා කාන්තාව දෙස යම් තැතිගැන්මක්ද මුසු වූ හැඟීමකින් බලන්නට විය. ඇයටද මෙය විශාල ප්රහේළිකාවකි. දැන් මොනවා කරන්නදැයි නිලධාරියා කල්පනා කරන්නට විය.
ලේඛනයේ හැටියට තමා ඉදිරියේ සිටින මහලු කාන්තාව මනුස්සයකු වන්නට බැරිය. ඇය මියගොස් ඇති පුද්ගලයකු බව එහි ඇයගේ නම ඉදිරියෙන් සඳහන් කර ඇත.
අනතුරුව නිලධාරියා තතනමින් වචන අමුණන්නට විය. “ඔහේගේ නම මේ මේකේ නෑනේ.” “ඒක මහ පුදුම කතාවක්නේ. මේ ගිය මාසෙත් ඕක ගත්තනේ. ඇය මදක් කෝපයට පත්ව ඇති බවක් දක්නට ලැබිණි. නිලධාරියා මෙසේ පැවසීය.
“අම්මේ අපිට කරන්න දෙයක් නෑ. මේකේ නම කපලා තියෙන්නේ. ලේකම් ඔපීස් එකට ගිහින් හොයල බලන්න.”අනතුරුව ඇය කෝපයෙන් යුතුව සෙමින් කාටදෝ දොස් කියමින් යන්නට ගියාය.
ප්රාදේශීය ලේකම් කාර්යාලයට ගිය ඇය අදාළ අංශය සොයා ගොස්
මේ බව දැනුවත් කළාය. අනතුරුව එහි නිලධාරීන් කළ සොයා බැලීමේදී හෙළිවූයේ ඇය පදිංචි ග්රාම නිලධාරි කොට්ඨාසයේම මියගිය, ඇයගේ නමම ඇති වෙනත් කාන්තාවකගේ නම සමග මෙම කාන්තාවගේ නම පැටලී ඇති බවයි.
පණපිටින් ඉන්න මිනිස්සු මරන්නනේ හදන්නේ යනුවෙන් ඇය දොස් තැබුවාලු. කෙසේ හෝ සිදුවී ඇති අතපසුවීම නිවැරදි කර ඇයට වැඩිහිටි දීමනාව ලබාදීමට නිලධාරීන් කටයුතු කළ බව ආරංචියි .
වලස්ගල නිමල් ලන්දගේ
2025 දෙසැම්බර් මස 04
196
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
376
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මියගිය කත වැඩිහිටි දීමනාව ගන්න ඇවිත්