මීට වසර විස්සකට පමණ ඉහත දී සිය කසාද බිරිය හා දරුවන් අතහැර දුර පළාතකට ගොස් වෙනත් ළඳක් හා එක වහලක් යට අලුත් ජීවිතයක් ගතකරමින් සිටියදී හදිසියේ මිය ගියේ යැයි සිතා සිටි පුද්ගලයකු ඊයේ පෙරේදා දවසක ආපසු ගමට විත් සිය ඥාති හිතෛෂීන් හමුවී සුහදව කතාබහකොට සතුටු සිතින් ආපසු ගිය බව කියන පුවතක් පුත්තලම ප්‍රදේශයේ ගමකින් වාර්තා විය.
මේ වනවිට වයස අවුරුදු හැත්තෑවකට ආසන්න වන බව කියන අදාළ පුද්ගලයා ගම ඇතහැර ගියාට පසු අවස්ථාවක් දෙකක් මේ ආකාරයටම ගමට පැමිණ සිය ඥාති හිතවතුන් හමුවී ආපසු ගොස් ඇති නමුත් ඔහු ඉන්නා තැනක් ගැන හරි හැටි දැන ගැනීමට හෝ ඔහුගේ විස්තර සොයා බැලීමට හෝ කිසිවකුත් ඔහු ජීවත්වන ප්‍රදේශයට ගොස් තිබී නැති බව ද කියයි.
මාස කිහිපයකට පසුව ඔහු මියගිය බවට ඥාතීන්ට කිසියම් ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබී ඇති බවත් කියයි.
එසේ වුවද ඔවුන් කිසිවකුත් ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු සොයා බැලීමට උත්සාහකර නැති අතර ඒ වෙනුවට ලද ආරංචිය සත්‍යයක් යැයි සිතා මියගියැයි කී තම ඥාතියා වෙනුවෙන් පසුව කිසිදු අඩුපාඩුවක් නැතිව දානමානාදී පින්කම් සිදුකර ඔහුට පින් පමුණුවා ඇති බවත් පවසයි.
මේ අතර මිය ගියැයි කී පුද්ගලයා වැහීමෙන් එම පුද්ගලයාගේ වැඩිහිටි ඥාතිවරියක් රෝගීවී ඊට අදාළව ද ස්තෝත්‍ර හා ආගමික වතාවත් පවා සිදුකර ඇති අතර අදාළ පුද්ගලයා පසුගිය දා ගමට ආ ගමනේ දී එම ඥාතිවරිය ද හමුවී ඇති බවත් එහිදී ඇයව මදක් වික්ෂිප්තව ඔහු දෙසම බලා සිට පසුව ඔහුව වැළඳගෙන සංවේ දී වූ බව ද කියයි.
එසේම මිය ගියැයි කී පුද්ගලයා නැවත ජීවග්‍රහනයෙන් ගමට විත් සුපුරුදු පරිදි සිය ඥාති හිතවතුන් කිහිප දෙනකු හමුවට ගොස් ඇති අතර එම අවස්ථාවේ දී ඇතමුන් විශ්මයට පත්ව අසල්වාසීන්ට ද ඒ බව දැනුම් දී ඇති බවත් ඇතැමුන් සංවේදීව සතුටට පත්ව ඔහුට ආහාරපානාදියෙන් සංග්‍රහකර ඇති බවත් පැවසෙයි. ඒ අනුව ඔහු අවසන් වරට එසේ තමන් මුලින් ජීවත් වූ ගමට පැමිණි ඔහුගේ හිතුවතුන් කිහිප දෙනකුම ඔහුට මතක් කර ඇති බවත් එහිදී ඔහු ‘‘උන්ට පිස්සුනෙ. මේ මං හොඳට ඉන්නෙ’’ යනුවෙන් පවසා ඇති බවත් කියයි.
කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි
2025 නොවැම්බර් මස 21
182
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
248
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1127
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මියගිය අය ගමට ඇවිත්