IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


මැයි රැලියට නාවාට බෑනා මාමණ්ඩිය ගෙදරින් එලවලා

බුලත්සිංහල ලක්මි කුඩලිගම



බෑනාගේ පක්ෂයේ මැයි රැලියට යන්න එන්නේ නැතිව වෙනත් පක්ෂයක මැයි රැලියට ගියයි කියා බෑනා තම මාමණ්ඩිය ගෙදරින් එළවා දැමූ පුවතක් බස්නාහිර පළාතේ පස්දුන් කෝරළයේ ගම්මානයකින් වාර්තාවේ.
එකම නිවසක වාසය කරන තම දියණිය සහ බෑනා එක පක්ෂයකය. මාමණ්ඩිය ඡන්ද අයිතිය ලැබුණු දා සිට ඔහු කැමති වෙනත් පක්ෂයකය. නමුත් මැයි දින රැලියට යන්නට දෙදෙනාම කල්තියාම සූදානම් වෙමින් වෙනදා නැති ආදරයක් දැක්වූ බෑනා මාමණ්ඩියට පවසා ඇත්තේ, ‘‘ඔය පක්ෂයට කවදාවත් දිනන්න බෑ, ඔයා එන්න අපේ පක්ෂයේ මැයි රැලියට. එසේ කියා අතට මග වියදමක්ද දුන් බෑනා මාමණ්ඩියට කල් තියාම ගරු ආරාධනාවක් කළේය.
 ඒ අනුව දෙදෙනාම මැයි රැලිවලට යන්නට පිටත් වූහ. පාට පක්ෂ බේද නැතුව මැයි රැලිවලට යන බස් රථ ටික හන්දියේ එක පෙළටය. සතුටින් ඉපිල ගිය බෑනා සිය පාක්ෂිකයන් ඉදිරියට ගොස්, ‘‘පුදුම වෙන්න එපා හොඳේ, ඔන්න අද අපේ මාමණ්ඩියත් ඉන්නවා’’ කියා සිය පාක්ෂිකයන්ට කීය. 


බස් රථ පිටත් වෙන්නට සූදානම්ය, සිය පක්ෂයේ සටන් පාඨයෙන් යුත් බැනරයක් ද රැගෙන බස් රථයට ගොඩවූ බෑනා අවට සිසාරා බැලු‍වත් බස් රථය තුළ මාමණ්ඩිය පෙනෙන්නට නැත. පාක්ෂිකයන් මාමණ්ඩිය ගැන විමසුවේය, බෑනාට යකා නැංගේය. වරෙන්කෝ උඹ අද ගෙදර කියා සිතා ගත්තාය, මාමණ්ඩිය තම පක්‍ෂයේ මැයි රැලිය නිමවී මෙදින හැන්දෑවේ නිවසට එන විට තමාගේ පැදුර, කොට්ටේ සහ අඩුම කුඩුම ටික ස්තොප්පුවට දමා කල්තියාම ගෙදර දොර ජනෙල් වසා දමලාය. පුදුමයට පත් වූ මාමණ්ඩිය, මොකද දුවේ මේ කියා දොරට තට්ටු කළේය. සැනෙකින් ජනේලයක් විවෘත කර එබිකම් කළ දියණිය, තාත්තේ අද ඉදන් ඔයාට මෙහේ ඉඩ නෑ, අපේ එක්කෙනා කියනවා ගිය දිහාකටම වෙලා ඉන්නලු‍. මාමණ්ඩියට කාරණය වැටහුණි. 
හොඳයි දුවේ කියූ මාමණ්ඩිය කොට්ට පැදුර සහ අඩුම කුඩුම ටික රැගෙන ගෙදරින් පිටවිය. එදින රැයේ සිට ආසන්න ප්‍රධාන මාර්ගයේ බස් නැවතුමක් සිය නිවහන කර කරගත් මාමණ්ඩිය ගමේ පුද්ගලයෙකුට පවසා ඇත්තේ, ‘‘එයා කිව්වා කියලා මට එදා ඉඳන් ඡන්දය දුන්නු පක්ෂය කවදාවත් වෙනස් කළ නොහැකි’’ බවය. මැයි දින රැලි සියල්ල හමාරය, එහෙත් මෙකී මාමණ්ඩිය තවමත් බස් නැවතුමේලු.

 



අදහස් (1)

මැයි රැලියට නාවාට බෑනා මාමණ්ඩිය ගෙදරින් එලවලා

ආචාර්ය තිස්ස සේනානායක (PHD in Astrophysics) Wednesday, 08 May 2024 01:34 PM

ඔය බොරදියේ මාළු බාන සියයට තුනේ කට්ටියගේ වැඩ ඔහොමයි.

:       3       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

නංගි පෙන්වා අඹ යාළුවාගෙන් සල්ලි ඇදලා
2024 මැයි මස 17 898 0

පෙම්වතියක යැයි නංගි පෙන්වා හොඳම මිතුරා ගෙන් ලක්ෂ පහ හමාරක මුදලක් ලබාගෙන ඇතැයි කියන අපූරු තරුණයෙකු පිළිබඳ පුවතක් කෑගල්ල මූලස්ථාන පොලිසියෙන් වාර්තා වෙ


අඩුවට පොල් කඩා බඩට ගහලා
2024 මැයි මස 16 1017 0

පොල් කැඩීම සඳහා එක් ගසකට පියා අයකරන කුලියට වඩා අඩු කුලියකට පුතා පොල් කඩන්නට වීමෙන් වසර ගාණක් තිස්සේ පියාට හිමිව තිබූ පොල් මුරයක් පමණක් නොව පියාගේ රැකි


කෑම වට්ටෝරුවෙන් දොස්තර අන්ද මන්ද වෙලා
2024 මැයි මස 15 3918 2

අගනුවර කාර්යාලයක සේවය කරන තරුණියක උදරාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට රෝහල වෙත ගිය පසු වෛද්‍යවරයා රෝග විනිශ්චය සඳහා දිවා ආහාරයට ගත්තේ මොනවා ද කියා


කේවල් කරගත් කුකුළු මස් පන්සීය යළි ගෙනත් සල්ලි ඉල්ලලා
2024 මැයි මස 14 1457 0

අම්මා මාළු ගෙනාවා කියා ගමේ කඩෙන් තමන් රැගෙන ගිය කුකුළු මස් පන්සීය ආපසු ගෙනැවිත් මුදල් ඉල්ලාගෙන ගිය පුතකු පිළිබඳව සියනෑවේ ගස් ගල් ඇති ගම්මානයකින් වාර


මඟුල් ගෙදරදී පැරැණි පෙම්වතිය දැක ඉහ මොළ රත්වෙලා
2024 මැයි මස 13 11796 0

තමා කලින් ඇසුරු කළ පෙම්වතියගේ දියණියගේ මංගල උත්සවයට ගොස් අපහසුතාවට පත්වීමට පෙර උපක්‍රමයකින් යාමය බේරා ගත් පුද්ගලයෙකු පිළිබඳ පුවතක් මාතර දිසාවෙන් වා


අක්කා දැඩි සත්කාරයේ : මල්ලී අවමඟුලේ කතාව කටපාඩමේ
2024 මැයි මස 11 983 0

උපන් ගමෙන් සැතැපුම් 25ක පමණ දුරක පදිංචිව සිටින සිය වැඩිමහලු‍ සොයුරිය රෝගාතුරව අසාධ්‍ය තත්වයේ රෝහල්ගතව සිටියදී ඇයගේ අවමඟු‍ල් දිනයේ දී ගුණකථනයක් කිරීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 789 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2339 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2007 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site