IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


නංගි පෙන්වා අඹ යාළුවාගෙන් සල්ලි ඇදලා

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න


පෙම්වතියක යැයි නංගි පෙන්වා හොඳම මිතුරා ගෙන් ලක්ෂ පහ හමාරක මුදලක් ලබාගෙන ඇතැයි කියන අපූරු තරුණයෙකු පිළිබඳ පුවතක් කෑගල්ල මූලස්ථාන පොලිසියෙන් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ගමක 28 හැවිරිදි අවිවාහක තරුණයෙක් පදිංචිව සිටියි. මෙම තරුණයාගේ වරකාපොළ ප්‍රදේශයේ හොඳම අවිවාහක මිතුරා මීට වසර කිහිපයකට ඉහතදී යුරෝපා රටක රියදුරු රැකියාවකට ගොස් තිබේ.
පසුව තරුණයා තම අවිවාහක හොඳම මිතුරාට දුරකතනයෙන් දිනක කියා ඇත්තේ උඹ දැන් යුරෝපා රටක රියදුරු රැකියාවක් කරමින් මාසයකට ලක්ෂ පහක් හයක් ගන්නා නිසා කැමති නම් ලස්සන කෙල්ලක් ඉන්නවා බඳින්න අපූරු බවත්ය. යුරෝපා රටේ සේවය කරන තරුණයා තම හොඳම මිතුරාගේ කීම අසා ඔහු සම්බන්ධ කර දී ඇති තරුණිය සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇත. 
පසුව යුරෝපා රටේ සේවය කරන තරුණයා තරුණිය සමග වට්ස්ඇප් මාර්ගයෙන් දිනපතා කතා බහ සිදු කර ඇති අතර දෙදෙනාට දෙදෙනා හඳුනාගෙන සම්බන්ධතාවය දිගින් දිගටම පවත්වාගෙන ගොස් ඇති බවත් පොලිසිය පැවසීය. පසුව යුරෝපා රටෙහි රැකියාවක් කරන තරුණයා පෙම්වතියගේ උපන් දිනයට ඇඳුම් පැලඳුම් අරගැනීමට කැමැති කෑමක් බීමක් ගැනීමට අසනීපයකට බෙහෙතක් අර ගැනීම ඇතුළු අවස්ථා ගණනාවක දී මුදල් එවා තිබේ. පසුව පෙම්වතියට රන් මාලයක් ද අරන් දී ඇති යුරෝපා රටෙහි රැකියාවක් කරන තරුණයා සම්බන්ධතාව ආරම්භ කරන අවස්ථාවේ සිට ලක්ෂ පහ හමාරකට ආසන්න මුදලක් පෙම්වතියට එවා ඇති බවත් සිදු කර ඇති පැමිණිල්ලේ සඳහන් කර ඇති බව පොලිසිය පැවසීය.


පසුව යුරෝපා රටෙහි රැකියාවක් කරන තරුණයා මීට දින කිහිපයකට ඉහතදී පෙම්වතියට ද බඩු මුට්ටු තොගයක් රැගෙන මසක නිවාඩුවකට ලංකාවට පැමිණ ඇත.දිවයිනට පැමිණි තරුණයා පසු දින පෙම්වතිය බැලීමට ඇගේ නිවසට යෑමට සූදානම් වූ අවස්ථාවේ දී පෙම්වතිය හඳුන්වා දී ඇතැයි කියන තරුණයාගේ නිවසට ගිය අවස්ථාවේ දී තරුණයාට වැටහී ඇත්තේ තම හොඳම මිතුරා ඔහුගේ නංගී පෙන්වා ලක්ෂ පහ හමාරකට අධික මුදලක් තමන් ඔහුට දී ඇති බවය.පසුව යුරෝපා රටෙහි රැකියාවක් කර පැමිණ සිටි තරුණයා මිතුරාගේ නිවසින් පිට වී තම හොඳම මිතුරාට එරෙහිව කෑගල්ල මූලස්ථාන පොලිසියට පැමිණ විවිධ පැමිණිලි අංශයේ පැමිණිල්ලක් ද ඉදිරිපත් කළේය.
පැමිණිල්ලට අනුව පොලිසිය ඉකුත් දා දෙපාර්ශවයම පොලිසියට කැඳවා තිබුණි. එහිදී පැමිණිලිකාර තරුණයා පොලිසිය හමුවේ කියා ඇත්තේ නංගී ඉදිරිපත් කර අසනීප යැයි පවසා ද තමන්ගෙන් අවස්ථා ගණනාවකදී මුදල් ඉල්ලා සිටි බවත් ඒ සෑම අවස්ථාවක දීම තමන් මේ පුද්ගලයාගේ නංගීගේ ගිණුමට මුදල් එවූ බවය. එහිදී විත්තිකාර තරුණයා කියා ඇත්තේ තම නංගීට සියල්ල කියා මුදල් ගෙන්වා ගත් බවත් වැරැද්ද පිළිගන්නා බවත් පොලිසිය ඉදිරියේ පිළිගෙන මිතුරාගෙන් සමාව ද අයැද  පසුව මුදල් ආපසු වරින් වර දෙන බවට පොරොන්දු වී දෙපාර්ශවය පොලිසියෙන් පිටව ගිය බව පොලිසිය පැවසීය.

 



අදහස් (0)

නංගි පෙන්වා අඹ යාළුවාගෙන් සල්ලි ඇදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 390 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 443 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 407 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site