IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


මහ රෑ පොලිසියට ලණු දී ඉල්ලන් කාලා

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


එක එක්කෙනාට එක එක විනෝදාංශ තිබේ. ඒ ඒ විනෝදාංශය ඒ ඒ අයගේ රුචිකත්වය අනුව සිදුවේ. මේ අයගේ මේ විනෝදාංශයනම් අපි කවර කලෙකවත් නෑසුවෙමු.
මේ ඒ අපූරු විනෝදාංශය පිළිබඳව අම්බලන්ගොඩ පොලිසියෙන් ඇසෙන කතාවකි.
බොහෝ රාත්‍රීවලදී අම්බලන්ගොඩ පොලිසියට පොලිස් හදිසි ඇමතුම් ඒකකයෙන් ඇමතුම් ලැබෙන්නේය. ඒ සිය බල ප්‍රදේශයේ සිදුව ඇතැයි කියන අපරාධ සම්බන්ධයෙනි.
අම්බලන්ගොඩ පොලිසිය බොහෝම සීරුමාරුවට ඒ ඇමතුම් ඔස්සේ දුවන්නේ කාරණා කිහිපයක්ම නිසාය.
එහෙයින් එන හදිසි පොලිස් ඇමතුමක්ම අත නෑර අම්බලන්ගොඩ පොලිසියේ නිලධාරීහු පරීක්ෂණවලට යති. ඇතැම් දිනවල පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් මේ පොලිසියට සිය බල ප්‍රදේශයේ අපරාධයක් සිදුවූ බවට තොරතුරු එන්නේ යක්කු ගස් නගින වෙලාවටය. ඒ වෙලාවට යම් අපරාධයක් ඇත්තටම සිදුව ඇතැයි සිතා අම්බලන්ගොඩ පොලිස් නිලධාරීන් සිද්ධියවූ තැනට යන්නේ පිම්මේය. එම ස්ථානයට ගොස් කෙතරම් විපරම් කර බැලු‍වත් මොනවත්ම සිදුවීමක් නැත්තේය.


දිගින් දිගටම පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් මේ ආකාරයට හදිසි ඇමතුම් පැමිණියත් බොහෝ ඒවා බොරුය. අම්බලන්ගොඩ පොලිසියට මෙය මහත් හිසරදයක්ව තිබුණේය. ඒ අනුව මේ බොරු තොරතුරු දෙන අය සොයා බැලීමට අම්බලන්ගොඩ පොලිසිය යුහුසුලුව කටයුතු කළේය. එහිදී එකම දුරකතනයකින් මේ ඇමතුම් එන බව අනාවරණය විය. එම දුරකතන අංකය හිමි දුරකතන හිමියා සොයා ගෙන අම්බලන්ගොඩ පොලිසිය ඔහුගේ නිවසට ගියේය. 
සිද්ධියක් නැතත් තමා මෙසේ රෑට රෑට 1919 අංකයට කතා කරන්නේ විනෝදයට බව ඔහු එහි ගිය පොලිස් නිලධාරීන්ට කීවේය. තමා දුන් තොරතුරට එන පොලිස් නිලධාරීන් දිහා හොරෙන් බල බලා සතුටු වන බවද හේ කීවේය. ඔහුගේ මේ සතුට දෙගුණ තෙගුණ කරන්න අම්බලන්ගොඩ පොලිසියෙන් අසත්‍ය තොරතුරු ලබාදීමේ චෝදනා මත ඔහුට නඩුවක් බලපිටිය අධිකරණයේ දැමීමට කටයුතු කරමින් සිටින්නේලු‍.



අදහස් (0)

මහ රෑ පොලිසියට ලණු දී ඉල්ලන් කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 32 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 402 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 849 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site