පෙම්වතා තම පෙම්වතියට බිය වී පණ එපා කියා දිවි බේරා ගැනීමට පලා ගිය පුවතක් කන්ද උඩරට ප්රදේශයෙන් වාර්තා වෙයි.
ගැටවර වියේ පසුවන දෙදෙනා එකම ගමේ පදිංචි අය වෙති. කාලය ගෙවී යාමෙන් දෙදෙනා පෙම්වතුන් බවට පත් වූහ.
ගමේ අහුමුලුවල දී හමු වී පෙම්බස් දොඩන දෙදෙනාගේ ජවනිකාව පෙම්වතියගේ නිවසේ අයට එහෙන් මෙහෙන් දැන ගන්නට ලැබුණි.
එහෙත් ඒ බවක් පෙම්වතාගේ පාර්ශවයේ කිසිවකුත් දැන සිටියේ නැත.
දෙදෙනා දිනක් උදේම ගමනක් යාම සඳහා තනි තනියෙන් නිවෙස්වලින් පිටත් වූහ.
ඒ සඳහා දෙපාර්ශවයේ මිතුරන්ගේ ද සහයෝගය ලැබුණි.
අතර මගට ගිය දෙදෙනා හා නඩය එක්ව දවස විනෝදයෙන් ගත කළහ.
කෙසේ වෙතත් ගමේ තරුණ යුවළ නැතිවීම ගැන පෙම්වතාගේ පාර්ශවයේ අය විමසිල්ලෙන් සිටින බවට නඩයේ සිටි අයට ද දැන ගන්නට ලැබුණි.
එම දැන ගැනීම බාධාවක් කර නොගත් ඔවුන් රෑට රෑ වී නිවෙස් කරා පැමිණියහ.
පෙම්වතිය පළමුව ඇයගේ නිවස අසලින් ගිය වෑන් රියෙන් බැස්සාය.
ඊට යාබද දුරකින් පෙම්වතා ද බැස්සේය.
ඔහු එතැන් සිට මීටර් කිහිපයක් අතුරු මාවතක් දිගේ තම නිවස කරා තනියම ගමන් කළ යුතුවිය.
අලින් පැමිණෙන ප්රදේශයකි. පෙම්වතා කලුවරේ යනවා දුටු පෙම්වතියගේ මව ඔහුට රැගෙන යන්නට තම අත තිබු විදුලි පන්දම දෙන ලෙසට දැනුම් දුන්නාය.
එය ඇසු ඇය එක පයින් විදුලි පන්දම ගෙන එය දෙන්නට ඔහු පසු පස දිව ගියාය.
කිසිවකු හෝ රැක සිට තමා පසු පස පන්නා ගෙන එන බව වටහා ගත් පෙම්වතා පණ එපා කියා නිවසට යාම පසෙක තබා අවට ඇති කඳු ගැට පෙදෙසකට දිව ගියේය.
‘දුවන්න එපා කිය කියා පෙම්වතිය ද ඔහු පසු පස ලුහු බැන්දාය.’
කෙසේ හෝ දිව ගොස් කැලෑවේ සැඟවුණු ඔහු පිටුපසින් පන්නාගෙන එන්නේ කවුදැයි කියා විපරම් කර බැලුවේය.
ඒ තම පෙම්වතිය යැයි හඳුනාගෙන “ඇයි ඔයා ගෙදර ගියේ නැත්තේ. මං පස්සේ ඔයා එන බව දන්නේ නැතිවනේ මං පණ එපා කියල දිව්වේ. ඔයා කියලා දන්නවා නම් දුවන්නේ නැහැනේ” යැයි ඔහු පැවසීය.
“අපේ අම්මා ඔයාට කලුවරේ යන්න එපා කියලා විදුලි පන්දම දෙන්න කීවා. ඒක දෙන්නනේ මං පස්සෙන් දිව්වේ” ඇය කීවාය.
අවසානයේ බිය වූ තරම ගෙදර පෙනි පෙනී හැරෙන්නේ නැතිව දෙදෙනා කිලෝ මීටරයකට වැඩි දුරක් දිව ගොස් ඇති බව වටහා ගෙන හිමින් සීරුවේ අන් අයට නොපෙනෙන ලෙසට අලි වෙසෙන පෙදෙස් අතරින් ගමන් කරන අතරවාරයේ විදුලි පන්දම දෙන්නට ගිය තම දියණියට වූ අකරතැබ්බය සොයන්නට ඇයගේ මව ඇතුළු තවත් පිරිසක් ඒ වන විටත් දිවගිය ඉසව්ව පීරන්නට පැමිණෙමින් සිටි නිසා එය පසුදා සිට පෙම්වතාගේ පවුලේ අයටත් දැන ගන්නට ලැබුණු බවත්, ඇති වූ ආරවුල විසඳා ගැනීමට නොහැකි තැන පෙම්වතා තම පවුලේ අයට අභියෝග කරමින් පෙම්වතියගේ නිවසේ බින්න බැස ගත් බවත් දැන ගන්නට ලැබුණි.
මොරගොල්ලාගම සිසිර කැලේගම
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහ රෑ පස්සෙන් එන පෙම්වතියට බියවූ පෙම්වතා පණ එපා කියා දුවලා
Hemantha Monday, 28 August 2023 03:08 PM
කන්ද උඩරට කොහේද අනේ අලි ඉන්නේ...? මහියංගනේද? බින් තැන්න කියන්න එපැයි එහෙනම්... !