(තලාතුඔය ටී.එච්. සරත්)
මව රෝහලට ඇතුළත් කළ බව තම සොහොයුරියන් දෙදෙනාට දැනුම් දුන් විට “ඔය ගෑනිට වහ ටිකක් දීලා මරා දාපන් ... නැතිනම් අනාථ මඩමකට ගිහින් දාපන්”_ යි කී සොහොයුරියන් දෙදෙනකු තලාතුඔය පොලිසියට කැඳවීමට ස්ථානාධිපතිවරයාට සිදුවීමේ පුවතකි මේ.

67 හැවිරිදි මාතාව මේ වනවිට දැඩිසේ රෝගාතුරව මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබන්නීය. ඇය තම බාල දියණිය සමඟ අනුරාධපුර දුටුවැව ප්‍රදේශයේ පදිංචිව සිටියාය. අසනීප තත්ත්වය හේතුවෙන් ඇය රෝහල් ගත කිරීමෙන් අනතුරුව බාල දියණිය අනෙකුත් සොහොයුරියන්ට ද දැනුම් දී ඇතත් ඔවුන් එය ගණනකට නොගෙන අවසානයේ එම සොහොයුරියන් දෙදෙනාම දුරකථන පවා අක්‍රීය කළ බව ඇය පොලීසියට පැමිණිලිකර තිබේ.
පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මෙකී මව සතුව තිබූ ඉඩකඩම් සියල්ල ඔවුන් සතුකරගෙන ඇති බවත් ඇයගේ බැංකු ගිණුමේ තිබු රුපියල් විසිපන්දහසක මුදල් ද ලබාගෙන ඇති බවයි.
මේ සම්බන්ධයෙන් තලාතුඔය පොලිස් ස්ථානාධිපති පො.ප. අරුණ ක්‍රිශාන්ත මහතා එම මාතාවගේ දියණියන් තිදෙනාම පොලිසියට කැඳවා තමන්ට ද දරුවන් සිටීදැයි ප්‍රශ්න කළවිට ඔවුන් තිදෙනාටම දරුවන් තිදෙනා සහ දෙදෙනා බැගින් සිටින බව පැවසූ විට තමන්ට මෙවැනි ඉරණමක් අත් වුවහොත් කුමක් සිදුවේදැයි විමසා අම්මා කෙනෙකුගේ වටිනාකම පිළිබඳව දිගු දේශනයක් පවත්වා තම මවට සළකන බවට පොරොන්දු කරවා ගෙන එසේ නොකොළොත් නීති මඟින් ක්‍රියාකරන බව දන්වා මව බැලීමට රෝහල කරා පිටත්කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් උපො.ප. සෙනෙවිරත්න හා පො.කො. බංඩාර (46937) යන නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවූහ.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මවට නොසැලකූ දූලාට පොලිසියෙන් පාඩමක්