ගමේ සොහොන් පිටිය දෙසින් දහඩිය පෙරාගෙන හති දමමින් අසල පිහිටි නිවසකට පැමිණි අයකු ලණුවක් ඉල්ලීම නිසා ඔහු ජීවිතයට හානියක් සිදුකර ගැනීමට ඉඩ ඇතැයි යන බියෙන් එම ගෙහිමි කාන්තාව අසල්වැසියන්ගේ නිවෙස් වෙත දිවගොස් උදව් උපකාර ඉල්ලා සිටි පුවතක් පිළිබඳව බිංගිරියට නුදුරු ගම්මානයකින් අසන්නට ලැබුණි.
අසන්නට ලැබුණ පරිදි සිද්ධිය මෙසේය. පසුගිය දිනෙක දැඩි අව් රශ්මිය පවතින දහවල් කාලයේ යතුරුපැදියකින් පැමිණි අයෙකු තම යතුරුපැදිය පාර අයිනේ නවතා සොහොන් පිටිය මැදින් පිටුපස කැලය දෙසට පියවර තබන අයුරු කාන්තාවට දැකගන්නට ලැබුණි. සොහොන් පිටියට ඇතුළු වූ පුද්ගලයා ඉන් ටික වේලාවකට පසුව සොහොන් පිටිය ආසන්නයේම පිහිටා තිබුණ නිවෙසක් වෙත හති දමමින් දහදිය පිස දමමින් ගොස් එහි සිටි කාන්තාවගෙන් ලණුවක් ඉල්ලා ඇත. කුමන අවශ්‍යතාවක් වෙනුවෙන්ද ලණුවක් ඉල්ලන කාරණාව ගැන කීප විටක්ම එම පුද්ගලයාගෙන් ගෙහිමි කාන්තාව අසා ඇතත් ඔහු එයට නිසි පිළිතුරක් දී නැත. කිසියම් කලකිරීමක් ඇතිවි ජීවිතය හානි කරගැනීමට විය හැකියැයි සිතා ලණුවක් නැති බව පවසා ඇත. එයට විකල්පයක් වශයෙන් කැලයෙන්ම වැලක් සොයා ගැනීමේ අදහසින් ඔහු නැවතත් කැලය දෙසටම ගියේය. කාන්තාව සිද්ධිය සම්බන්ධයෙන් මහත් සේ බියට පත්ව සිටියාය.
ලණුවක් ඉල්ලීමට පැමිණි පුද්ගලයා කාන්තාව නිතර දෙවෙලේ දැක ඇති අයෙකි. එම නිසා කිසියම් විදියකින් ජීවිතයට හානියක් කරගැනීමට සූදානම් වන බව වැටහුණ කාන්තාව ඔහුගේ ජීවිතය බේරා ගැනීමට දැමිය හැකි උපක්‍රම සියල්ලක්ම දැම්මාය. වැඩි වේලාවක් ගතවෙන්නට පෙර මුලින්ම වෙන්නට යන සිද්ධිය දැනගත් කාන්තාව අහල පහල තිබෙන නිවෙස් වෙත දුව ගොස් ජීවිතය අවසන් කරගැනීමට සැරසෙන පුද්ගලයා බේරාගැනීමට උදව් උපකාර ඉල්ලා කෑ ගැසුවාය. දෙවනුව හිතවතුන්ට දුරකතන ඇමතුම් ලබාදෙමින් ඔහු බේරා ගැනීමට සොහොන් පිටියට එන ලෙස ආරාධනා කළාය.
කාන්තාවගේ තරම දන්නා ඇතැම් අය මේ පුවත විශ්වාස නොකර සිටි අතර සමහර අය පුද්ගලයා පිළිබඳ වගතුග සොයා බලා මොන දේකට මෙවැනි දෙයක් කරගැනීමට අදහසක් පහළ වුණාදැයි හේතු කාරණා ගැන කතා කරන්නට විය. කෙසේ වෙතත් ගමේ හිතවත් අය කීප දෙනෙක් සිද්ධිය බැලීමට අදාළ සොහොන් පිටිය වෙත පැමිණ තිබුණි. පුද්ගලයෙක් නොමැති යතුරුපැදියක් පාර අයිනේ නවතා තිබෙන ආකාරයද ඔවුන්ට දැකගන්නට ලැබී ඇත. කාලය ටිකෙන් ටික ගතවී යනවිට පැමිණ සිටි පිරිස විශ්මයට පත් කරමින් මෙලොවින් පරලොව යන්නට ගිය පුද්ගලයා සියැසින් දැකගන්නට ලැබුණි. ඔහු පැමිණියේ ගසකින් බිමට කඩා වැටුණ විශාල දර අත්තක් වැල් පොටක ආධාරයෙන් පාර දෙසට ඇදගෙනය. පසුව එම දර අත්ත යතුරුපැදියේ පිටුපස වැල්පොටින් බැඳගෙන පාර දිගේ ඉදිරියට ගොස් යතුරුපැදිය පණගන්වාගෙන නගරය දෙසට ගියේ බලා සිටි අයගේ මුවඟට හසරැලි එක්කරමිනි.
බිංගිරිය වික්ටර් සෝමවීර
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මෙලොවින් පරලොව යන්න ගිහින් යහතින් ආපහු ඇවිදින්