IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මායියා අන්දවන්න ගිහින් අම්බානට බැනුම් අහලා

බිරියට බොරු කියා පාටියකට ගොස් අවසානයේ පාටියත් නැතිව බිරිඳගෙන් බැණුම් ඇසීමට සිදු වූ මැදිවියේ සැමියකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.
ඔහු මැදිවියේ විවාහක වැඩිවියට පත් වූ දරුවන් සිටින පුද්ගලයකි. සිය බිරියට වඩා  මත් පැන් සමග සමීප සම්බන්ධයක් පැවැත් වූ ඔහු විවාහ වූ තරුණ අවදියේ දී තදින් මත්පැන් පානය කළ පුද්ගලයෙකි.
ඔහුගේ බිරිය  ඉතා සැර පරුෂ තැනැත්තියක් වන අතර ඔහුගේ බීමත්කම පිළිබඳව තදින් දෝෂාරෝපණ සිදු කරන්නියකි. එහෙත් ඔහු ඇයගේ බැණුම් ඉවසමින් රැකියාවට ගොස් පැමිණෙන විට දිනපතාම මත්පැන් පානය කර නිවසට පැමිණෙයි.
මෙලෙස කාලය ගත වී ඔහුගේ දරුවන් ලොකු මහත් වී විවාහ වී ඇති අතර ඔහු රැකියාවෙන් ඉවත්ව ඇත්තේ වයසට එන ලෙඩ රෝග නිසාය. ඔහු පෞද්ගලික ආයතනයක සේවය කර ඉවත් වුව ද බිරිඳ රාජ්‍ය ආයතනයක සේවය කර ඉවත්වීම නිසා ඇයගේ විශ්‍රාම වැටුපෙන් ඔවුහු දෙදෙනා ජීවත් වෙති.

කෙසේ වෙතත් ඔහුගේ බීමත්කම අඩු වී නොමැති අතර එහෙත් ඔහුට වෙනදා මෙන් මත්පැන් පානය කිරීමට නොහැකි වී ඇත්තේ රැකියාවක් නොමැති කම නිසාය. මේ අතර ඔහුගේ යහළුවන් පිරිසක් ඔහුට පවසා ඇත්තේ දුර ප්‍රදේශයක සිටින යහළුවකුගේ නිවසක පාටියක් ඇති බවත් ඔහුටත් එයට සහභාගි වීමට හැකි බවය.
එක පයින් කැමති වූ ඔහුට මීළඟ ප්‍රශ්නය වී ඇත්තේ බිරිය  කෙලෙසකවත් පාටියකට යාමට තමන්ට අවසර ලබා නොදෙන හෙයිනි. නරි නුවණක් ඇති ඔහු උපායක් කල්පනා කරද්දී ඔහුගේ රෝහල් සායන පොත මතක්ව තිබේ. ඔහු බිරියට සායන පොත පෙන්වා පාටිය තිබෙන දිනයේ දී විශේෂ සායනයක් ඇති බව පවසා නිවසින් පිටත්ව පාටියට ගොස් ඇත.
එහෙත් එය මත්පැන් රහිත චාම් උත්සවයක් වූ අතර පසුව ඔවුන් එහෙන්, මෙහෙන් තේ පමණක් පානය කර එම නිවසින් පිටව ඇත්තේ මෙතරම් දුරක් ගෙවා තේ එකක් බීමට පැමිණීම ගැන පෞද්ගලිකව තම තමන්ට හිතින් සාප කරමිනි .
ඉක්මනින් ගෙදර යාමට අවශ්‍ය බව පැවසු ඔහු තම මිතුරන් අමතා කියා ඇත්තේ ‘‘මචං මම ආවේ ක්ලිනික් යනවා කියලා, බෙහෙත් නොපෙන්නුවොත් ගෑනිගෙන් මාසයක් විතර කනක් ඇහිලා ඉන්න විදියක් නැහැ . මට ෆාමසි එකකින් ක්ලිනික් පොතේ තියෙන බෙහෙත් ටික අරන් දෙන්න ”‍ කියාය.
පසුව මිල අධික බෙහෙත් සියල්ල මිතුරන් එක්ව ඔහුට අරන් දී ඇත්තේ, අතර මගදී එකතු කර අඩියක් ගැසීමට සිතා සිටි ඔවුන්ගේ මුදල්ය. කෙසේ වෙතත් ඔහු නිවසට පැමිණෙන විට සායනයක් නොමැති බව රෝහලෙන් දැන සිටි ඔහුගේ බිරිය ගෙට ගොඩවීමටත් පෙර ඔහුගේ ඇගට ගොඩ වුනාලු‍ .

 

කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම



අදහස් (0)

මායියා අන්දවන්න ගිහින් අම්බානට බැනුම් අහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site