කඹුරුපිටිය විශේෂ කේ. අජිත්.
අලුත කැන්දන් ආ මනාලිය නිවැසියන්ගේ සිත දිනාගැනීමට ගොස් තිබුණු හොඳත් නැතිකර ගත් පුවතක් මාතර දිස්ත්‍රික්කයේ ගමකින් අසන්නට ලැබේ.
එක් පුතකු පමණක් සිටි එම යුවළ ජීවත්වූයේ ගැමි පරිසරයකයි. එම පුතුට විවාහයක් කර දුන් ඔවුන් ජීවත් වූයේ එකම වහලක් යටයි. අලුත ගෙනා මනාලිය නිවසේ සියලු කටයුතු නිරතුරුව සොයා බලා මැනවින් ඉටු කළ අතර සැමගේ ආදරයට පාත්‍ර විය. නිරන්තරයෙන් ගෘහ උපකරණ තිබෙන ස්ථාන වෙනස් කිරීම ඇයගේ පුරුද්දක් විය.
දිනක් සැමියා රැකියාවට ගොස් එන විට ඇය නිවසෙහි ඇඳ, පුටු හා මේස යනාදිය වෙනත් තැන්වල තැබීමට කටයුතු කළේ සැමියාගේද ප්‍රසංශාව හිමිවේයැයි යන සිතුවිල්ලෙනි.
තම වත්තේ වැඩ නිමකර සවස නිවසට පැමිණි මාමණ්ඩිය මල් පූජා කිරීමට පෙර දුම් ඇල්ලීම සඳහා ඇවිෙළන අඟුරු කබල ද රැගෙන දුම් අල්ලන අතරතුර, විදුලිය විසන්ධි විය. ඒ සමගම ඔහු වෙනදා පුරුද්දට එතන තිබූ පුටුවෙහි ඉඳගැනීමත් සමඟ ඔහු බිම ඇද වැටී දුම් කබලෙහි තිබූ ගිනි අඟුරු උඩින් ගොස් සී සී කඩ විසිරිනි.
කවුද මෙතන තිබුණු පුටුව අයින් කළේ. “අම්මෝ මගේ කොන්ද ඉවරයි” යනුවෙන් විලාප දෙන්නට විය. මේ ශබ්දය ඇසී එතනට දිව ආ නිවැසියන්, දුටු දෙයින් විමතියටත් භීතියටත් පත්විය. “තාත්තේ මමයි මේ පුටුව අයින් කළේ. මෙහෙම දෙයක් වෙයි කියල සිතුවේ නැහැ” යි කියමින් ඔහු නැගිටුවා වෙද නිවසට රැගෙන යන ලදී.
කෙසේ වෙතත් ඔවුන් වෙදගෙදර ගොස් ප්‍රතිකාර රැගෙන නිවසට පැමිණෙන විට දුටුවේ දුම් නගිමින් තිබෙන අලුත්ම සොෆා සෙටියයි. වහා ක්‍රියාත්මක වූ ඔවුන් ගින්න නිවන ගමන් පවසා සිටියේ, ‘තව ටික වෙලාවක් ප්‍රමාද වුණානම් ගේත් ගිනි ගන්නවා, ඔයින් ගියා මදැයි’ යි යනුවෙනි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මනාලියගේ පුටු මාරුවෙන් මාමණ්ඩියගේ කොන්ද කැඩිලා