IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


මිදුලේ තැබූ මී උගුල අල්ලපු ගෙදර බළලා ගෙන ගිහින්

මී උගුලකට හසුවී පණපිටින් සිටි මීයකු මරා ගත නොහැකිව ගෙහිමියා ළතැවෙද්දී අල්ලපු ගෙදර බළලා පැමිණ මීයත් උගුලත් දෙකම රැගෙන ගියාලූ.

මී උවදුර වළක්වා ගැනීම සඳහා ගෙහිමියා විසින් පසුගිය දිනක රාත‍්‍රියේ සිය නිවෙසෙහි මී කතුරක් අටවන ලදී. මේ සඳහා ඇමට භාවිත කලේ පුළුස්සන ලද පොල් කැබැල්ලකි.

පොල් කැබැල්ලේ පිහිටෙන් පළමු දිනයේම උගුලට මීයකු හසුවී සිටින අයුරු ගෙහිමියාට එදින රාත‍්‍රියේදීම දැකගත හැකිවී තිබිණි. තමන්ට මෙතෙක් කරදරයක්ව සිටි මීයකු උගුලට හසුවී සිටීම ගෙහිමියාට සතුටක් ගෙන දෙන්නක් වුවද මෙහිදී ඔහුගේ දුකට හේතුවන කාරණයක් ද සිදුවී තිබුණි. එනම් මීයා උගුලට හසුවී තිබුණේ උගේ වලිගයෙනි. මේ නිසා මීයා මිය ගොස් සිටියේ නැත. ගෙහිමියාගේ දුකට හේතුව එය විය.

ඒ මේ අත දඟලන මීයා මරා දැමීමට ද ගෙහිමියාට හිතක් නැත. එසේ කියා මීයා නිදහස් කිරීමට ද බැරිය. ඒ අනුව ඔහු මෙම ගැටලූව නිදා සිටි සිය බිරියට දන්වා සිටියේය.

”ඔය ගැන ඔච්චර හිතන්න දෙයක් නෑ අනේ. ඔන්න ඔය මීයා කතුරත් එක්කම මිදුලෙන් තියල ඔයා ගෙට ඇවිත් නිදාගන්න. උදේට බලමු මොකක්ද කරන්න  ඕනෑ කියල. නිදි මරගාතෙම වුවද බිරියගේ කීම ඔහුට මහත් අස්වැසිල්ලක් විය. ඒ අනුව ගෙහිමියා බිරියගේ කීමට අවනතව කටයුතු කළේය.

පසු දිනට උදාවිය. ගෙහිමියාට මීයා සමග උගුල මතක්විය. ඔහු වහාම තමන් එය තිබූ තැනට ගොස් විපරම් කළේය. නමුත් එතැන මීයකු තියා උගුලවත් පෙනෙන්නට නැත. කලබලවූ ඔහු ඒ බවද බිරියට දන්වා සිටියේය.

”මීය නම් මන්ද මෙන්න කතුර නම් තියෙනවා. මට මේක ටිකකට ඉස්සෙල්ල ගෙනත් දුන්නෙ අල්ලපු ගෙදර නංගි. එයාලගේ බළල තමයි දඩයම කරල තියෙන්නෙ.” බිරිය සිනාසී එසේ කියන විට ”ඒ කියන්නෙ බළල මීයයි කතුරයි දෙකම අරගෙන ගිහින්.” ගෙහිමියාද සිනාසී බිරියට එසේ කීවේය.



අදහස් (0)

මිදුලේ තැබූ මී උගුල අල්ලපු ගෙදර බළලා ගෙන ගිහින්

චන්දි Thursday, 08 August 2013 03:47 PM

දැන් පූසා,හැමදාම ගේ දොරකඩට ඇවිත් බලනවා ඇතිනේ. අල්ලපු මියෝ ඉන්නවද කියලා. (ස)

:       0       0

වරුණ Thursday, 08 August 2013 11:47 AM

පූසා මීයන් අල්ලයි කියන්නේ ඕකට තමයි. (ස)

:       0       0

සාගර Thursday, 08 August 2013 12:13 PM

පුසා අල්ලලා නොවෙයි ඔඋසට අල්ලලා දුන්නා (දී)

:       0       0

උදය කුමාර Saturday, 10 August 2013 11:20 PM

අද ඉන්න බළල්ලුත් කාලයේ තාලයට වෙනස් වෙලා (නි)

:       0       0

පැතුම් Thursday, 08 August 2013 12:21 PM

පවට ඇති බොරු බය.... (ස)

:       0       0

මනෝජ් මොරටුච Thursday, 22 August 2013 11:03 PM

පවු! මීයා කතුරට හචුචෙලා ඉදිද්දි පුසත් ගිල්ලනේ! මීයන්ටමයි චෙන්නේ! අනේ පවු (නි)

:       0       0

ෂෙරිෆ් Thursday, 08 August 2013 05:57 PM

දැන් ඉතින් මීයාගේ ප්‍රශ්නය ඉවරයි, බළලා කාගේ වුණාම මොකෝ අගේට මීයෝ අල්ලනවා නම්. (නි)

:       0       0

චමත් Thursday, 08 August 2013 06:05 PM

මොකකින් හරි ගහලා මැරුවත් මී කතුරක් තියලා මැරුවත් ඇති වෙනස මොකක්ද? (නි)

:       0       0

රංගන Thursday, 08 August 2013 01:11 AM

කල දුටු කළ වල ඉහගන්නවා. බළලා ප්‍රස්ථා පිරුළු දන්නා එකෙක්. (නි)

:       0       0

සමීර වී . Thursday, 08 August 2013 06:12 PM

හොස්ස පිච්චුන බළලුන්ට මීයා මරලා කට ලගින් තියලා, ඇහැට ඇනලා පෙන්නන්න ඕනෑලු. උපුල්, පූසා වයසට ගියාම මීයෝ හූ කියයිද දන්නේ නැහැ (නි)

:       0       0

පහන් මඩුගල්ල Thursday, 08 August 2013 06:41 PM

පුසා මහා ඉරිසියාකාර සතා. පුරු පුරුගාන්නේ ඉරිසියාවේ පැලෙන සද්දෙලු.බල්ලා ආදරේ ස්වාමියාට. පුසා ආදරේ ස්ථානයට (සෝෆා එකට )බල්ලට බත් ගොඩක් දීපුවහම කන්නේ වටේට ස්වාමියට ඉතුරුවෙන්න ඕනෑ කියලා.පුසාට බත් දීපුවහම කන්නේ මුදුනේ ඉදලා ස්වාමියා විනාශ වෙලා යන්න කියලලු එහෙම කරන්නේ .අපි ගමනක් යන්න එලියට බහිනකොට පුසාට ගානක්වත් නැහැ එහෙත් බල්ලා අපිත් එක්ක එනවා.එනිසා පුසව කොටියම කාපිය (නි)

:       0       0

ජයී තිසර Thursday, 08 August 2013 06:48 PM

බළලා මී කතුරෙන් උවත් කමක් නෑ, මියෝ අල්ලනවා නම් (අ)

:       0       0

උපාලි Thursday, 08 August 2013 05:34 AM

බළලා පහුවදා පාන්දර එලිය වැටුන ගමන්ම ඇවිත් බලන්න ඇති. කෝ, මීයෙක් නැහැනේ. හොඳටම තරහින් ආපහු ගෙදර ගිහින් 'නංගි' ට බනින්න ඇති , 'මං මේ නෝනා අතේ කතුරත් ආපහු යැව්වා අදවත් එකෙක් අල්ලලා දෙයි කියලා. උන්ගෙත් කිසි සැළකිල්ලක් නැහැනේ. හොඳයි බලා ගමුකො, එක මීයාගෙන් එළිවෙන්නේ නැහැ' - කියලා. (නි)

:       0       0

ලීල් ගුණවර්ධන Sunday, 11 August 2013 03:39 AM

චන්දී ඔයා මොනවා උනත් ඔයාලගේ ගෙදර ඉන්න බැළලියෝ ටික ආරක්ෂා කරගන්න.(නදී)

:       0       0

පහන් Thursday, 08 August 2013 01:36 PM

මී උගුල් දෙකකි, එක මීයෙකී... නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ හිටියා.... (නි)

:       0       0

ජයසූරිය Saturday, 17 August 2013 09:26 AM

මීය සහ කතුර දෙකම අරන් ගියේ මොකද මගේ වැඩක් කියල ලකුණු දාගන්න පාර හදන්නේ එකෙක් විවෘත කරලා නම දාගන්නේ තව එකෙක්.(නදී)

:       0       0

සරත් Friday, 09 August 2013 06:26 PM

අල්ලපු ගෙදර පූසා .... ඌ හරි පූසෙක් නම් හතරවටේ ගෙවල් වල මීයෝ බෝවේවියැ? උගුල් වල අහුවුනු මීයන කන ඌට පූසා කියනවාට වඩා හොදයි මේවට අදහස් නොලියා ඉන්න එක.අනේ මන්දා මට නම් හරි පිස්සු වගේ (නි)

:       0       0

අජිත් Thursday, 08 August 2013 08:40 PM

අල්ලපු ගෙදරට පනින්න හම්බ වෙච්චා හොද චාන්ස් එකක් වත්ද (අ)

:       0       0

උපුල් Thursday, 08 August 2013 02:09 PM

සාගර, ඇත්ත නේන්නම්. ඒක මටවත් කල්පනා වුනේ නැහැ නොවැ. පුසාට ඕක කල්පනා වුනා නම් අර කතුර ඌ තියාගන්නව. වයස්ගත වුනාම එහෙ මෙහෙ දුවන්නත් බැරි එකේ ඒකෙන්වත් වැඩ ගන්න කියල. (ස)

:       0       0

හේරත් Thursday, 08 August 2013 02:47 PM

එහෙම නැත්නම් අහුවුණු මීයා අල්ලපු ගෙදර පූසා ළගට හොරෙන් ගියාවද්ද? (නි)

:       0       0

රාල Sunday, 11 August 2013 10:24 AM

මියන් මරණා අලුත්ම ක්‍රමය

:       0       0

සුජීව Thursday, 08 August 2013 09:33 AM

කාලෙකට පස්සේ හිනායන කථාවක්........ (දී)

:       0       0

සනත් Thursday, 08 August 2013 09:56 AM

සත්තු මරණ එකයි මරන්න අනුබල දෙන එකයි දෙකම වැරදියි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 664 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 546 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 445 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site