IMG-LOGO

මද්දට හසුවූ ඌරා විකුණා මිතුරාට කොකා පෙන්නලා

(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මිතුරන් දෙදෙනකුට රුපියල් ලක්ෂයක පමණ වාසනාවක් උදා කරදුන් පුද්ගලයකුට ප‍්‍රතිඋපකාර වශයෙන් රුපියල් දෙසීයක් වත් නොවටිනා මස් පංගුවකින් සැනසෙන්නට සිදු වූ පුවතක් මීරිගම ප‍්‍රදේශයේ ගම්මානයකින් වාර්තා වේ.


වල් ඌරන්ගෙන් ගොවිතැනට බෙහෙවින් නිතර හානි සිදුවෙන පැත්තකි. මේ නිසා වල් ඌරන්ට මදු ඇටවීම සිදු කෙරේ. පසුගිය සතියේ දිනක මද්දකට වල් ඌරකු පැටලී සිටිනු දුටු පුද්ගලයෙක් තම හිතමිතුරන් දෙදෙනකුට ඒ බැව් දැන්වූයේ මහත් බලාපොරොත්තු ඇතිවය.


අනුන්ගේ පහනෙන් ලැබුණු එළිය බෙදා ගන්නට මේ දෙන්නා ඉදිරිපත්වූයේ මහත් සතුටිනි. මිතුරාට මුව නොසෑහෙන සේ ස්තූති කර ඔබටත් සලකනවා යැයි පොරොන්දුවක්ද දෙනු ලැබීය.


මස් වෙළෙන්ඳකු හමුවූ මේ දෙන්නා මද්දේ සිරවී සිටි සතා රුපියල් අනූ පන් දහසකට විකුණුවේ මදු ඇද්ද අයවලූන් එන්නටත් පෙරය. මුදල් සාක්කුවේ දමා ගත් මිතුරන් දෙන්නා හොඳට සප්පායම් වී ගෙදර එන අතරදී තමන්ට මේ වාසනාව උදා කරදුන් මිතුරා සිහිවීමෙන් පසු ළඟම මස් කඩයට ගොස් ඌරු මස් 250 ක් මිලදී ගෙනවිත් පිරිනැමුවේ රස බලන ලෙස ඉල්ලමිනි.


දහසින් බැඳි පියල්ලකින්වත් තමන්ට සංග‍්‍රහ කරනු ඇතියි සිතා සිටි මිතුරා මේ සිදුවීමෙන් වික්ෂිප්තව සිටින අතරදී ගමේ ඇත්තන්ගේ උසුළු විසුළුවලට ද ලක් වන බව වාර්තාවේ.



අදහස් (0)

මද්දට හසුවූ ඌරා විකුණා මිතුරාට කොකා පෙන්නලා

පද්මේන් Tuesday, 14 October 2014 03:19 AM

පිළිකුල්සහගත දෙයක් කරලා තියෙන්නේ. (නි)

:       0       0

සන්ජය Tuesday, 14 October 2014 02:48 PM

අපෝ බොරුවක්ද කොහෙද? රුපියල් 95000 කට විකුනන්න උරෙක්ද අලියෙක්ද?(හේ)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 14 October 2014 04:54 AM

අනුන්ගේ පහනෙන් එලිය බලන්න ගියාම අන්තිමට සිදුවන්නේ ඔය වාගේ දේවල් තමයි. (දිල්)

:       0       0

හේරත් Tuesday, 14 October 2014 04:19 PM

පුදුම පවුකාර මිනිස්සු! (නි)

:       0       0

සරත් Tuesday, 14 October 2014 07:03 AM

"හොද දේ සිතමින්..... සිතු දේ කියමින්.... කිවු දේ කරමින්.... කරමින් හැදෙමින්" හිටියනම් ඔහොම වෙන්නේ නැනේ. (හේ)

:       0       0

ආලෝකා Thursday, 16 October 2014 01:41 PM

සංජය මම ජාඇල; අපේ පැත්තේ උෟරෙක් යන්නේ රුපියල් 9000 කට (නදී)

:       0       0

කුමාරි Tuesday, 14 October 2014 10:22 AM

මතු සසර තමන්ටද ඌරා මුහුණදුන් අත්දැකීම විඳින්න වෙන බව තුන්දෙනාම දැනගන්න. (නි)

:       0       0

ඩික්සන් Wednesday, 15 October 2014 03:25 AM

කරන කලට පව් මිහිරිය මී සේ...... විඳින කලට දුක් වැඩිවේ ගිනි සේ.... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 29 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 617 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 340 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site