IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මිතුරියගෙ දරුවා පෙන්නා පෝලිමෙන් පැනගත්තාට චොකලට් පෙත්තක්

 (උණවටුන ඩී.ජී. සුගතපාල)
ත්‍රිරෝද රථයකින් පැමිණ බැංකුව ඉදිරිපිටින් බැස ගත් කාන්තාවකි. ඇය මැදි වයස ආසන්නයට ළං වෙමින් සිටියාය. වයසට වඩා තරුණ පෙනුමක් ලබා ගන්නට ඇය බොහෝ වෙහෙස මහන්සි වී තිබෙන පාටක් දක්නට ලැබිණි. එමෙන්ම ඇය මැද පෙරදිග රටක සිට  මෑතක පැමිණි බවක්ද පෙනෙන්නට තිබිණි.


ත්‍රිරෝද රථයෙන් බැස ගත් ඇය දොර ළඟට ගොස් බැංකුව තුළට එබී බැලු‍වාය. මේ දිනවල රටේ පවතින අයහපත් වාතාවරණය නිසා වරකට බැංකුව ඇතුළට ගන්නේ සීමිත පිරිසක් නිසා එහි වූයේ  දිගු පෝලිමකි. එපමණ දිගු පෝලිමක රැඳී සිටින්නට ඇය අකමැති වූවාය. එනිසා පෝලිම අඩුවූ විට එන අදහසින් ඇය පාරට බැස්සාය. ඒ සමගම ඇයගේ පරණ මිතුරියක් හමුවිය. මිතුරියට අවුරුදු දෙකක තරම් වයසේ පසුවන කුඩා දියණියක්ද වූවාය.


“හා කොහොමද  ඉතින්, කොච්චර කාලෙකින්ද දැක්කේ? මේ බබාත් වඩාගෙන කොහේද යන්නේ“ ඇය මිතුරියගේ දුක සැප විමසමින් දිර්ඝ පිළිසඳරක යෙදෙන්නට වුවාය.


“ඉතින් ආරංචි වුණා ඔයා රටගියා කියලා. ළඟදිද ආවේ?’’ මිතුරියද ඇගේ විස්තර විමසුවාය.


“ඔව් ගිය සතියෙ ආවේ, බැංකුවට ආව සල්ලි ටිකක් ගන්න, අපෝ එතැන පෝලිම දැක්කම එපා වෙනවා. වරුවක් විතර ඉන්නවෙයි. මේ බබා පොඩ්ඩක් මට වඩා ගන්න දෙන්න’’


ඇය මිතුරියගේ බබා වඩාගෙන බැංකුවේ දොර ළඟට ගියාය. බබා “අම්මා අම්මා’’ කියමින් කෑ ගසන්නට විය. දොර ළඟ සිටි ආරක්ෂකයාද කුඩා දරුවා වඩාගෙන සිටි නිසා ඇය බැංකුව ඇතුළට ගත්තේය. බබා වඩාගෙන බැංකුවට ඇතුළුවූ  ඇය දිගු පෝලිමේ මුලටම ගොස් කවුන්ටරයේ සිටි නිලධාරිනියට පොත ඉදිරිපත් කලාය. පෝලිමේ සිටි අයගෙන්ද බාධාවක් නොවූයේ දරුවාද මහ හඬින් අම්මා අම්මා කියමින් අඬන්නට වූ නිසාය. මේ අතර කවුන්ටරයේ සිටි  නිලධාරිනියද  කඩිනමින් ඇයගේ මුදල් ලබා දුන්නාය. බැංකුවේ දොරකඩටවී දරුවාගේ අම්මාද බලා සිටියාය. එලියට පැමිණි ඇය දරුවා මිතුරියට දුන්නාය.


“ඉන්න මම බබාට චොක්ලට් ගේන්නම්’’ කී ඇය අසල කඩයකට ගොස් රුපියල් දහයක චොක්ලට් පෙත්තක් ගෙනැවිත් දරුවා අත තැබුවාය. එහෙත් දරුවා එය ප්‍රතික්ෂේප කරමින් අම්මාගේ පපුවට තුරුල් විය.


“හරි හරි අපි යන්නම්’’ කියමින් ඇය ඉක්මන් ගමනින් ගියේ මිතුරියට හිතින් දොස් පවරමිනි.



අදහස් (0)

මිතුරියගෙ දරුවා පෙන්නා පෝලිමෙන් පැනගත්තාට චොකලට් පෙත්තක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 17882 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10696 30

රනිල් අත්අඩංගුවට ගනියි
2025 අගෝස්තු මස 22 10609 45

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 170 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 51 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site