IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


මීටර් 500 ට කටවුට් 61 යි පාර හොයාගත්තේ එහෙමයි

(තෙල්දෙණියේ එම්. බණ්ඩාර ඒකනායක)
කොළඹ මංමාවත් පිළිබඳ දැනුමක් නැති අයෙක් කොළඹ ගියේ නොයාම බැරි අත්‍යවශ්‍ය වූ කාරණයකටය. ගමේදී මිතුරකුගෙන් අසා දැනගත් මාර්ගය ඔස්සේ ගිය ඔහුට එක් හන්දියකදී යා යුතු පාර ගැන සැකයක් සිතී කාගෙන් හෝ අසා දැන ගැනීමට සිතුවේය. ලොතරැුයි අලෙවි කරමින් ඇවිද ගෙන එන කාන්තාවක් දැක ඇගෙන් යා යුතු ස්ථානය විමසීය.


හරි මහත්තයෝ ඔය පාර දිගේ යන ගමන් දකුණු පැත්තේ කටවුට් ටික ගණන් කරගෙන යන්න. හැට එක් වැනි කටවුට් එක ළඟින් දකුණට හැරෙන්න.
අපොයි පයින් යන්න ඈත වැඩියි නේද?


නැහැ මහත්තයා මීටර් 500ක්වත් නැහැ. කාන්තාව කීවාය.
කොළඹ ගොස් පැමිණි තැනැත්තා ගමේ මිතුරන්ට කීවේ කොළඹ කටවුට් ගැහිල්ලේ තරම හිතාගනිල්ලා කියාය.



අදහස් (0)

මීටර් 500 ට කටවුට් 61 යි පාර හොයාගත්තේ එහෙමයි

සේතන් Friday, 12 December 2014 06:45 AM

ඔය කටවුට් කාගේද කියලා අපිට හිතාගන්න පුලුවන් (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 15 December 2014 04:00 PM

සම්පත් ඔබ කියන කතාව මමත් පිලිගන්නවා. මොකද ඔය ගණන් එක රැයකින් වෙනස් වෙනවා.. ........ හන්දියේ ඉඳල අපේ ගේ ලඟට කටවුට් 14 ක් තිබුනා. පෙරේදා උදේ බලනකොට කටවුට් 17 ක් වෙලා. ඒක නිසා ඔය කියන කටවුට් ගානට ගෙවල් හොයන්න ගියොත් ගියොත් යන මිනිහට වෙන ගෙයකට තමයි යන්න වෙන්නේ.. (අ)

:       0       0

කටුගස්තොට Friday, 12 December 2014 07:12 AM

සැතපුම් කණු වෙනුවට දැන් කටවුට් කණු (නි)

:       0       0

ජෙහාන් Friday, 12 December 2014 07:15 AM

කටවුට් බලන්න කියලා උඩ බලාගෙන ගිහිල්ලා නොකවුට් වෙන්නත් ඉඩතිබුනා. (නි)

:       0       0

සසික Wednesday, 17 December 2014 03:53 AM

ඔය පාර කියන්නකෝ. ගිහිල්ලම බලන්න වටිනවා (නි)

:       0       0

ශිරෝමි Friday, 12 December 2014 07:54 AM

කටවුට් වල දැකලම දැන් සමහර මුහුණු දකිනකොටත් එපාවෙනවා. (නි)

:       0       0

අසෝක Saturday, 13 December 2014 05:42 PM

හැබැයි ඔය කටවුට් කට්ටිය නොකවුට් වෙන්නේ ජනවාරි 8 වෙනිදායින් පස්සේ තමයි. (නි)

:       0       0

පතිරණ Saturday, 13 December 2014 04:35 AM

මහජනයාගේ සල්ලි. (නදී)

:       0       0

සින්න පෙරුමාල් Sunday, 14 December 2014 07:31 PM

අනම්ංමනං ගැනලා වරද්දාගෙන වැරදි තැනින් බහින්න එපා. (නි)

:       0       0

ජෙහාන් Thursday, 11 December 2014 11:26 PM

කටවුට් ගණන් කර කර උඩ බලාගෙන යනකොට කාගේ හරි ඇඟේ හැපිලා නොකවුට් වුනේ නැද්ද දන්නේ නැහැ ? (නදී)

:       0       0

කුමාර Monday, 15 December 2014 11:21 AM

මම දැක්ක කුඹුරු වලත් පබයගේ රාජකාරිය කරනවා.(හේ)

:       0       0

ගුණේ Friday, 12 December 2014 09:01 AM

මුකුත් කියන්න එපා. හුඟක් දුක්මහන්සියෙන් ඒ කටවුට් වල ඉන්න හිමිකරු හම්බකරගත් මුදලින්, රටේ පොදු ජනයාට පාවිච්චියට, පාරවල් සොයාගෙන අතරමං නොවී, නියමිත ස්ථානයට යන්නට මුළු සිරි ලංකාද්වීපයේ ඉන්න වැසියන්ට හැකිවේවා! (නි)

:       0       0

යසිරු Sunday, 14 December 2014 01:20 AM

බන්දුල පෙරේරාගේ ඇරෙන්න ඕනෑ කෙනකුගේ කටවුට් එක ගැහුනාට කමක් නැහැ. නැත්නම් මෙතන ලියන ඒවා මතක් වෙලා මිනිසුන්ට බඩ දඟලන්න පටන් ගන්නවා. (නි)

:       0       0

සුමේධා Sunday, 14 December 2014 12:09 PM

මේ මොන විහිලුවක්ද ? (නදී)

:       0       0

ශිරෝමී Monday, 15 December 2014 07:18 AM

ගහන්නෙත් අපේ සල්ලි වලින් , ගලවන්නෙත් අපේ සල්ලි වලින්. (හේ)

:       0       0

රොෂාන් Saturday, 13 December 2014 07:36 AM

මේ වැඩෙන් කට්ටියගේ නම කැත කරගන්නවා විතරයි.(හේ)

:       0       0

නිහාල් Friday, 12 December 2014 02:18 AM

නියම කතාව! (නි)

:       0       0

යොහාන් Sunday, 14 December 2014 04:13 AM

මිනිස්සුන්ට අමතක වෙලා කියලද ? (නදී)

:       0       0

කැනඩා දිසා Friday, 12 December 2014 03:07 AM

ඇත්තම තමයිනේ! (නි)

:       0       0

සරත් Friday, 12 December 2014 03:38 AM

කතාව ඇත්ත. නෝනත් කටවුට් ගැනලා වගේ. (නි)

:       0       0

සම්පත් 08 Friday, 12 December 2014 10:33 AM

මේක ගොතපු කතාවක් කටුට් ගනන්කරන්නේ මොන කෙනාද (දී)

:       0       0

අයේෂා Monday, 15 December 2014 03:14 AM

මොනවා වුණත් කතාව නම් සහතික ඇත්ත (නි)

:       0       0

කැළුම් Friday, 12 December 2014 04:47 AM

කතාව නම් ඇත්ත තමයි. (නි)

:       0       0

නිශ්ශංක Friday, 12 December 2014 04:58 AM

යන්න දන්නෙ නැති පාරවල් වල නොයා ඉන්න එක තමයි හොඳ (නි)

:       0       0

ධනුක Friday, 12 December 2014 11:47 PM

සම්පත් කතාව කෙසේ වෙතත් කටවුට් ගැන කියවුන දෙය ඇත්ත නේද ? (නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 12 December 2014 05:47 AM

ඔය කටවුට් ඔක්කොම එක පුද්ගලයෙකුගේ ඒවා වෙන්න ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 615 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 518 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site