(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
එකම උත්සව ශාලාවේ මංගල උත්සව දෙකක් පැවතීම හේතුවෙන් තමන්ට ආරාධනා කළ මංගල උත්සවයැයි සිතා වෙනත් මංගල උත්සවයකට ගොඩවැදී තමන් ගෙනා ත්‍යාගය නාඳුනන යුවළකට පිරිනමා සුභ පතා තමන්ට වැරදීමක් සිදුවූ බව තේරුම්ගත් පසු හීන් සීරුවේ මගහැර තවත් ත්‍යාගයක් සොයන්නට නගරයට ගිය පුවතක් කොරෝනා වසංගතය මැද්දේ මීරිගමට නුදුරු ගම්මානයකින් වාර්තාවිය.

ඉහළ තනතුරක් දැරූ නමගිය පුද්ගලයෙකි. තම ගමේ හිතවතකු ගේ දියණියගේ මංගල උළෙලට ඇරයුමක් ලැබිණි. මංගල උත්සවය පැවැතියේද ගමේම පිහිටි උත්සව ශාලාවකය. කොරෝනා නිසා සීමිත පිරිසකට පමණක් ආරාධනා කරන බව සැල කළ නිසා ඔහු එහි ගියේ විශේෂ ත්‍යාගයක්ද සූදානම් කරගෙනය.
ඔහු ගෙන ගිය ත්‍යාගය මංගල උත්සව ශාලාවේ ඒ සඳහා සූදානම්කර තිබූ මේසය මතින් තබා මනාල යුවළට සුබාසිරි පැතීමට ගියේය. අවට විමසිල්ලෙන් බැලුවත් දන්නා අඳුනන මුහුණු එකක්වත් පෙනෙන්නට සිටියේද නැත. මංගල උත්සවයට එක්ව සිටි පිරිසද තමන් දෙස විමසිල්ලෙන් බලන බව ඔහුට පෙනී ගියේය.
මනාළ යුවළට සුබ පැතූ ඔහු ඔවුන් දෙස මදක් බලා සිටියත් මනාලිය තම හිතවතාගේ දියණිය නොවන බව ඔහුට තේරුම් ගියේය. දුරකතනය අතට ගත් ඔහු හිතවතකුට ඇමතුමක් ගෙන තමන්ට සිදුවූ දේ පැවසුවේ රහසෙනි.
අනේ වෙඩින් එක තියෙන්නේ උඩහ ශාලාවේ එතනට එන්න මිතුරා පැවසීමත් සමඟ දුරකතනය කනේ තිබියදීම කතාවක නිරත වෙන බව පිරිසට පෙනෙන සේ උත්සව ශාලාවෙන් එළියට ආවේ මේසය මත තැබූ ත්‍යාගය එසේම තිබියදීය.
ඔහු යළි පියමං කළේ කලින් ත්‍යාගය මිලදී ගත් වෙළෙඳසල කරාය. තමන්ට සිදුවූ වින්නැහිය සැල කර යළිත් පෙර සේම තෑග්ගක් පාර්සල් කර දෙන ලෙස ඉල්ලා සිටියේය. ත්‍යාගය සූදානම් කරදුන් පසු ඔහු කිසිත් නොවූ ලෙසට නියමිත මංගල උළෙලට සහභාගි වුවත් වෙළෙඳසලේ කතාව අසා සිටියෙකු මේ රහස හෙළි කළ හෙයින් ඔහු දැන් පත්ව සිටින්නේ තවත් අකරතැබ්බයකටය.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මඟුල් ගෙදර ගිහින් තෑගි 2 ක්ම දීලා