IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


මඟුල් ගෙදරක ගිහින් යට ඇඳුම් සොරාගෙන

මඟුල් ගෙදරකට සහභාගි වී බීමතින් මඟුල් ගෙදර කාන්තා යට ඇඳුම් සොරකම් කර ගුටි කෑ අයකු පිළිබඳ පුවතක් සබරගමු පළාතෙන් වාර්තා විය. 

සිද්ධිය මෙසේය. ඔහු මිතුරෙකුගේ ඥාති ගෙදරක පැවැති මඟුල් ගෙදරකට රාත‍්‍රී කාලයේදී සහභාගි වී ඇත. මොහු පුරුද්දක් ලෙස කාන්තා යට ඇඳුම් හොරකමේ යෙදෙන්නෙකි.

මෙදින ද මොහු මඟුල් ගෙදරදී අධික ලෙස බීමත්ව මුත‍්‍රා කිරීම සඳහා නිවෙස පිටුපසට ගොස් ඇති අතර අසල වැලක තමා ප‍්‍රියකරන යට ඇඳුම් දැක අසල තිබූ පෝර කවරයකට දමාගෙන ඇත. සිද්ධිය දුටු නිවෙසේ වයසක කාන්තාවක් මොහු පිළිබඳව දැන අනේ පුතේ මගේ ඇඳුම් ටික දීලා යන්න, මට අරගන්න සල්ලි නෑ යනුවෙන් කියා ඇත.

යන්න ආච්චි යන්න මට කාගේ ඒවාත් එකයි යනුවෙන් පැවසූ මොහු ඇඳුම් සියල්ල බෑගයේ දමාගෙන ඇත. වයස්ගත කාන්තාව ගෙහිමියන්ට මේ බව පවසා ඔහුගේ මල්ල පරීක්ෂා කර බැලීමේදී කාන්තා යට ඇඳුම් ටික හමුවී ඇත.



අදහස් (12)

මඟුල් ගෙදරක ගිහින් යට ඇඳුම් සොරාගෙන

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Tuesday, 21 July 2015 07:43 AM

සරසි, බැලුවේ නැද්ද එහි සටහන්වෙලා තිබුනා නිවෙස පිටුපසට ගොස් තිබුනා කියලා. ගම්වල තවමත් රෙදි වැලක් තියෙන්නේ ගෙවල් පිටුපස තමා. ඔයාල සිටින පරිසරයේ නම් එහෙන් මෙහෙන් වැල් ඇදලා. ක්ලිප් ගහල හැමදේම අල්ලපු ගෙදරට පෙනෙන්න එල්ලුවට ගමේ තවම එහෙම නෑ. (නදී)

:       0       0

ඉමාෂි Wednesday, 22 July 2015 02:36 AM

සරසි කිව්ව දේ හරියට හරි.මඟුල් උත්සවයක් නිවසක පවත්වනවිට පිරිසිදුකම පිළිවෙළ ගැන මීට වඩා හිතන්න ඕනෑ. (නි)

:       0       0

සරසි Tuesday, 21 July 2015 12:49 PM

මහින්ද සීෂෙල්ස් , ගෙදර පිටුපස වුනත් ගමේ මගුල් ගෙවල් වල උයන පිහන කටයුතු කෙරෙන බව නොදන්නා ඔබට සීෂෙල්ස් සිට අපේ ගෙදර රෙදි වැල පෙනුනේ කොහොමද. මට පේන්නේ ඔබට පිටරට පනින්න වුනෙත් කාන්තාවන්ගේ ඇඳුම් වනපු රෙදි වැලවල් අස්සේ රිංගන්න ගිහින්ද කොහෙද. (බ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Tuesday, 21 July 2015 07:15 PM

කෑ ගහන්න එපා සරසිලා ඉතින්....නගරබද වැසියොනේ. ගමේ ඉඩ තිබෙන නිසා ගෙදර පිටුපසට වෙන්න වැල් බැන්ඳට නගරබද ඒකටවත් ඉඩක් නැහැනේ. (නි)

:       0       0

සමන්ති Tuesday, 21 July 2015 01:15 PM

මෙම මානසික රෝගය මත්පැන් පාවිච්චි කිරීමෙන් පසු මතුවෙනවා. මෙවැනි අය මත්පැන් පානය නොකර සිටීමෙන් ගැටළු පාලනය කරගත හැක. (අ)

:       0       0

සරසි Tuesday, 21 July 2015 06:12 AM

මේ වගේ ලෙඩක් සමහර අයට තිබෙනවා. හැබැයි මට විශ්වාස කරන්න බැරි මේ මගුලක් වගේ ගෙදර සෙනග එක් රැස් වෙන වෙලාවක කාන්තාවක් තමන්ගේ යට ඇඳුම් හැමෝටම පේන්න වැලක වැනුවාද කියලා. (නදී)

:       0       0

සිරි Thursday, 23 July 2015 06:41 PM

මෙයා එංගලන්තයේ 4 වන ජෝර්ජ් රජ පරම්පරාවේ නෑයෙක් වෙන්න ඇති. (නි)

:       0       0

ධනුක Wednesday, 22 July 2015 04:10 AM

ගුටි කාලා බේරුණා හොදටම ඇති.(හේ)

:       0       0

ජෙහාන් Tuesday, 21 July 2015 01:37 PM

මහින්ද කොහොමද දන්නේ සරසිගේ ගෙදර රෙදි වල තිබෙන ලොකේෂන් එක හරියටම ? ඔන්න සරසි බලාගෙන ඔයාලගෙත් ඇඳුම් මොනවා හරි නැති වුනොත් හිතා ගන්න පුළුවන් නේ කවුද වග කියන්න ඕන කියලා. (බ)

:       0       0

චාරුකා Wednesday, 22 July 2015 04:12 AM

අපෝ මෙහෙමත් මිනිස්සු.(හේ)

:       0       0

දිලාන් Tuesday, 21 July 2015 01:40 PM

මහින්ද සරසිලාගේ රෙදි එළියේ වනන හැටි කොහොමද ඔච්චර හොඳට දන්නේ ? මහින්දගේ රෙදි හෝදන්නේ සරසිද ? (බ)

:       0       0

ගිහාන් Tuesday, 21 July 2015 11:49 PM

අනේ පවු ඒ ආච්චි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1313 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 455 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site