IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


මංගල තෑග්ගට පූස් පැටව් දීලා

විවාහ මංගල්‍යය උළෙල දිනයේ රැකියා ආයතනයේ සේවය කරන මිතුරකු මනාලයාට පූස් පැටව් තිදෙනකු පෙට්ටියකට දමා ගෙනත් දී ඇතැයි කියන අපූරු පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 27 හැවිරිදි තරුණයෙක් කොළඹ ප්‍රදේශයේ ආයතනයක වසරක තුනක පමණ කාලයක සිට රැකියාවක් කරයි. මෙම තරුණයාගේ විවාහ මංගල්‍යය ඉකුත් දා කෑගල්ල ප්‍රදේශයේ හෝටලයක සිදු කර දින දෙකකට පසුව මනාලයා සිය මනාලිය නිවසට කැන්දාගෙන පැමිණ තිබුණි. 
තරුණයා රැකියා ආයතනයේ සේවය කරන මිතුරන්ට දෙවැනි දවසේ රාත්‍රි තම නිවසේ පැවැත්වෙන සාදයට සහභාගි වන ලෙස ආරාධනා කර තිබුණි.


තරුණයා ආරාධනා කර තිබුණු ආකාරයට 27 දෙනකුගෙන් යුත් තරුණ හිතවතුන් පිරිසක් බස් රථයකින් තරුණයාගේ නිවසට රාත්‍රි 7 ට පමණ පැමිණ තිබුණි. තරුණයා සිය මනාලිය සමග ගොස් පුටුවල ඉදගෙන සිටි හිතවතුන් එකින් එක හඳුන්වා දී පිළි ගත්තේය.
පසුව මනාලයා මිතුරන්ට විශේෂයෙන් සකස් කර තිබුණු මත්පැන් ඇතුළු දෑ පිළි ගැන්වීය. පසුව තරුණ පිරිස මත්පැන් පානය කර ගීත ගයා කෑම කා එකිනෙකා ගෙනත් තිබුණු මුදල් හා තෑගි මනාල මිතුරාට ප්‍රදානය කෙරිණි. එක් තරුණයකු මනාලයා අගයා කෙටි වචන කිහිපයකින් ද සංග්‍රහ කෙරිණි. 
පසුව මනාලයාගේ මිතුරෝ පිරිස ආපසු පැමිණි බස් රථයෙන් කොළඹ බලා පිටත්ව ගියහ. 
හිතවතුන් ගෙනා ත්‍යාග පෙට්ටි කිහිපය මනාලයාගේ මව විසින් ඔහුගේ කාමරයට රැගෙන යමින් සිටිය දී පෙට්ටියකින් පූස් පැටියකුගේ කෑ ගසන ශබ්දය ඇසී තිබේ. පසුව මව සිය මනාල පුතාට කතා කොට පෙට්ටියක පූස් පැටවකු කෑ ගසන ශබ්දය ඇසෙන බව සිනාසෙමින් පවසා ඇත.
පසුව මනාලයා පැමිණ පූස් පැටවකු කෑ ගෑසු පෙට්ටිය සොයා විවර කර බැලීය. පෙට්ටිය ඇතුළත ගැහැනු පූස් පැටව් තිදෙනකු සිටින අයුරු මනාලයාගේ මව දුටුවාය. ඒ වෙන කොට මනාලයාගේ නිවසේ පූසිය ද පැටවු දමා තිදෙනකු සිටින බව වාර්තා වෙයි. 
මනාලයාගේ මව පූස් පැටවු ගෙනා තරුණයාගේ මවුපියන් සිහිපත් කර හොඳ පරුෂ වචනවලින් මනාලියගේ නෑදෑයන් ඉදිරියේ දී කෑ ගසන්නට පටන් ගත්තාය. ‘‘මම වැඩට යනකොට ආපසු පැටවු තිදෙනා අරගෙන යන්නම් අම්මා කෑ ගහන්න එපා”‍ යැයි මනාලයා පැවසීය. පසුව මනාලයාගේ මව ද නිශ්ශබ්දව සිට ඇති බව වාර්තා වෙයි.

 කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න



අදහස් (0)

මංගල තෑග්ගට පූස් පැටව් දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1155 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1160 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site