කරන්දෙණිය එම්. සුසිල් ප්රියන්ත
මිතුරාගේ ඇරියුමින් ඔහුගේ නිවෙසේ පැවැති ප්රිය සාදයට සංගීතය සැපයූ මිතුරාට පොරොන්දු වූ මුදලින් ඉතිරි මුදලට ලබාදුන් සංග්රහයෙන් සංගීතය සැපයූ මිතුරාට රෝහලෙත් සංගීතය පැවැත්වූ මිතුරාට පොලිස් කූඩුවේත් ළගින්නට සිදුවූ අපූරු පුවතක් අම්බලන්ගොඩ පොලීසියෙන් අසන්නට ලැබේ.
දෙන්නාම අඹ මිතුරෝය. එකෙක් අම්බලන්ගොඩය. අනෙකා කරන්දෙණියේය. ඔහු ප්රියසාදවලට සංගීතය සපයන්නෙකි.
අම්බලන්ගොඩ මිතුරාගේ නිවෙසේ එදා රෑ පැවැති ප්රියසාදයට සංගීතය සැපයීමට ආරාධනා කෙරුණේ කරන්දෙණියේ මිතුරාටය. ඒ මුදලක් පොරොන්දු පිටය. ඒ අනුව සංගීතය පවත්වන්න පෙරාතුවය. ඉතුරු කොටස සංගීතය යන අතරතුරේදී ලබා දීමට හා ලබා ගැනීමට දෙමිතුරෝ එකඟවූහ.
අම්බලන්ගොඩ මිතුරාගේ ප්රියසාදයේ සංගීතය සඳහා විශේෂයෙන් සැකසුණු වේදිකාවක්ද විය. එදා දෙමිතුරෝම රහමෙර පානය කළෝය. සංගීතය සැපයීමට වේදිකාගත වූ මිතුරා ඒ කාර්යයේ නිරතවී සිටියේය. නිවෙස් හිමි මිතුරා සෙස්සන් සමග වේදිකව ඉදිරිපිට නර්තනයේය.
ප්රියසාදයේ සංගීතය නතර කිරීමට ඔන්න මෙන්නය. සංගීතය සැපයූ මිතුරා සිය මිතුරාට කණට කර ඉතිරි මුදල ඉල්ලුවේය. ඒ සමගම ඔහුට මලපැන්නේ හිමින් නම් නොවේ. ඒ සමගම ක්රියාත්මක වූ ඔහු සංගීතය සැපයූ මිතුරාට අතින් සංග්රහයක් කළේ වේදිකාවෙන් බිමට වැටෙන ලෙසය.
එහි අවසානය වූයේ සංගීතය සැපයූ මිතුරා තමාට නිවෙස් හිමි මිතුරා පහර දුන්නේ යැයි කියමින් රෝහල් ගත කිරීමත් හා ඔහුට පහර දුන් මිතුරා සැකපිට ප්රශ්න කිරීම සඳහා පොලිස් අත්අඩංගුවට පත්වීමත්ය.
අම්බලන්ගොඩ මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක ප්රසන්න ඇල්ගිරියගේ, උපපොලිස් පරීක්ෂක ගමගේ යන මහත්වරුන්ට මේ දෙමිතුරු හුටපටයෙහි පරීක්ෂණ පැවැත්වීමට සිදු විය.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බොන පාටියේ සංගීත මිතුරාට තරු පේන සංග්රහයක්