IMG-LOGO

බසයේ ක්‍ෂණීක පෙම තරුණයාගේ බෑගය සමඟ අතුරුදන්

(බළන්ගොඩ - නන්දසේන පිනිදියආරච්චි)
ඔහු කොළඹ පෞද්ගලික ආයතනයක සේවයේ නිරත කඩවසම් තරුණයෙකි. ඇඳ පැළඳ සිටියේ විධායක තනතුරක් දරන අයෙක් පරිදිය. තරුණියන්ගේ ඇසුර ප‍්‍රියකරන මොහු බදුල්ලේ සිට කොළඹ බලා යන බස් රථයකට ගොඩවී වාවීවූයේද කඩවසම් තරුණියක් සිටි අසුනකය.


තරුණියද මද සිනහවක් පා ඔහු පිළිගත් අතර ටික වේලාවකදී මේ අය කෙරෙන් දැඩි මිතුරුකමක් දැකගත හැකි විය.


ඇය කාර්යාල සේවිකාවක් ලෙසත් ඔහු පුද්ගලික ආයතනයක උසස් නිලධාරියෙක් ලෙසත් දෙදෙනාට දෙදෙනා හඳුනාගත්හ. ටික දුරක් යනවිට ඔවුන්ගේ හඳුනාගැනීම දැඩි හිතවත්කමක් බවට පත්විය.


මේ අතර බස් රථය හෝටලයක් අසල නතර වූයේ උදේ තේ පානය සඳහාය. මගීන් ලහි ලහිනේ තේ පානය සඳහා බැස ගිය අතර තරුණයා ද තම ජංගම දුරකතනයත් අත් බෑගයත් තරුණිය අත තබා වැසිකිළියට ගියේ ඉක්මනින් එන බව පවසමිනි. පිරිස වැඩි නිසා ඔහු පැමිණීමට තරමක් ප‍්‍රමාද විය. ආපසු පැමිණි ඔහුට තරුණිය දකින්නට නොසිටියෙන් වට පිට හැමතැනම සොයා බැලීය. තරුණිය පෙනෙන්නට නැත. ඔහු කලබල විය.


මේ සිද්ධිය බලා සිටි වැඩිහිටියෙක් කීවේ ඔය හදිසියේ හඳුනාගන්නා කෙල්ලෝ ගැන  ඕනෑවට වඩා විශ්වාස කරන්න එපා. අද රටේ හැටි ඔහොම තමයි යැයි කියාය. තරුණිය වෙනත් බස් රථයක නැගී ගිය බව ඔහු දැනගත්තේ එතැන සිටි මගීන්ගෙනි. මුදල් බෑගයක් ජංගම දුරකතනයත් අහිමි කරගත් තාවකාලික හැඳුනුම්කම නිමාවූයේ එලෙසිනි.



අදහස් (0)

බසයේ ක්‍ෂණීක පෙම තරුණයාගේ බෑගය සමඟ අතුරුදන්

මනෝජ්-සාජා Monday, 22 September 2014 05:00 PM

දෙයියෝ සාක්කිම තමයි! (නි)

:       0       0

කලීල් Monday, 22 September 2014 08:58 AM

නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩම් (නදී)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 23 September 2014 12:23 AM

ඔය ඉතින් ගැහැණුන්ගේ මායම් හැට හතරෙන් එකක් වෙන්න ඇති. (නි)

:       0       0

ගයාන් Monday, 22 September 2014 04:56 AM

අපේ කොල්ලන්ටත් ඇහැට කනට පේන කෙල්ලෙක් හිනාවුනත් ඇතිනේ. පව් අසරණ කොල්ලා. එ්ත් ඕවා හොඳ පාඩම් බස් වල ලව් කරන්න යනවට. (නදී)

:       0       0

රුවන් Monday, 22 September 2014 06:21 AM

දුරගමන් යන බස්වල ලස්සන කෙල්ලෙක් ළඟ වාඩිවෙන්න කොල්ලොහරි ආසයි [විශේෂයෙන්ම හොඳට ඇඳලා]මේ ගැහැණු ළමය හොරකමක් කෙරුවත් මනමාල කුරුල්ලන්ට දෙන්න තියන නියම දඬුවමතමා දීල තිබෙන්නේ. (ස)

:       0       0

චින්තක Monday, 22 September 2014 06:18 AM

පුද්ගලික ආයතනයක උසස් නිලධාරියෙක් කීවට අමු මෝඩයෙක්. (ස)

:       0       0

සරත් Monday, 22 September 2014 06:24 AM

ඕව ඔහොම තමා මල්ලි. " ආදරයේ උණුසුම ලඟ දුර පෙනෙන්නේ නෑ" ---- දුර පෙනුනත් බලන් ඉන්න මෙමට උනත් බෑ" (ස)

:       0       0

ෆර්නෑන්ඩු Wednesday, 24 September 2014 04:26 AM

පුදුමාකාර සිරිත් අපේ රටෙන් කවද තුරන්වෙයිද? (ස)

:       0       0

සම්පත් Tuesday, 23 September 2014 06:35 AM

ආයතන වල ඉන්න සමහර ලොකු නිලධාරීන් ආයතන පාලනය කරන්නෙත් එහෙමම තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 73 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 761 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 362 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site