IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


බසයයි ගුවන්යානයයි පැටලී අලි ජංජාලයක වැටිලා

(නයිනමඩම- චන්දන ප‍්‍රනාන්දු)
දීර්ඝ කාලයක් ඉතාලියේ සේවය කර පැමිණ බස් රථයකින් ගමන් කරමින් සිටි තරුණයකුට බස් ටිකට් එක හා ගුවන් ටිකට් එක මාරු වී සිදු වූ අකරතැබ්බයක් මීගමුව හලාවත බස් රථයකින් පසුගියදා වාර්තා විය.


මෙම තරුණයා ඉතාලියට ගොස් වීසා ලැබුණත් ලංකාවට නොපැමිණ දීර්ඝ කාලයක් එහිම රැුකියාව කරමින් ජීවත් වී ඇත්තේ එම පරිසරයට ඔහු වශී වූ නිසා බව වාර්තා විය. කෙසේ වෙතත් මවුපියන්ගේ හා සහෝදරයන්ගේ බල කිරීම නිසාම ලංකාවට ආ මෙම තරුණයා හැසිරුණේ යුරෝපීය ජාතිකයකු වගේමලූ.


ආපසු ඉතාලියට යාමට ළංවී ටිකට් පතේ දිනය තහවුරු කර ගැනීමට අගනුවරට යහළුවකු සමඟ වාහනයක යන්නට සිටියත් බස් රථයේම යන්නට තීරණය කළ මේ තරුණයා මීගමුව බලා යන බස් රථයකට ගොඩ වී ඇත. කොන්දොස්තර මුදල් ගෙන ටිකට්පත දුන්නත් තරුණයා එය විසිකර දමා ඇත.


ටික වේලාවකින් ටිකට් පරීක්ෂාකරන මහත්වරුන් බසයට ගොඩ වී මගින්ගේ ටිකට් පරීක්ෂා කරමින් එම තරුණයාගෙන් ටිකට් එක ඉල්ලද්දී දෙන්න දෙයක් ළඟ නොතිබු නිසා බයටම ගුවන් ටිකට් එක දී ඇත. කොහොමින් කොහොම හරි ටිකට් පරීක්ෂක මහත්වරුන් බස් රථයක යාමේදී   ටිකට්පත ළඟ තබා ගැනීමේ වැදගත්කම පෙන්වා දී තරුණයාට අවවාද කර දඩයක් නියම කළාලූ.



අදහස් (0)

බසයයි ගුවන්යානයයි පැටලී අලි ජංජාලයක වැටිලා

සමදරා ආරියදාස Thursday, 02 July 2015 02:55 PM

සුබෝධනී, බස් කෝච්චි වල සෙනග වැඩි තරමට මම ආසයි (බ)

:       0       0

සමදරා ආරියදාස Thursday, 02 July 2015 09:10 AM

මමත් බස් කෝච්චියෙ යන්න හරිම ආසයි. කාර් එපා මට (අ)

:       0       0

පහන් Thursday, 02 July 2015 03:23 PM

චතුරි, එහෙනම් ඒක බජට් වලටත් එයාගිය ලෝබ එයාර් ලයින් එකක්. (ර)

:       0       0

ටිකිරි Thursday, 02 July 2015 03:24 PM

බලාගෙන ඔහොම යනකොට හාමිනෙයි වෙන අයවයි පැටලෙයි. (ර)

:       0       0

දයා නන්දසිරි Thursday, 02 July 2015 03:33 PM

ඕවට කියන්නේ ෂෝ කියලා. (ර)

:       0       0

මීරා බොතේජු Thursday, 02 July 2015 04:05 PM

අනේ සමදරා අක්කේ, මම නම් ඔය බස් වල කෝච්චි වල හිරවෙවී, මිනිසුන්ගේ "කුඩ මිටි" වලින් ඇනුම් කාගෙන යන්න කැමති නැහැ. මගේ පොඩි කාරකින් ගමන් බිමන් යන්න තමයි කැමති. (ර)

:       0       0

රුවන්ති Thursday, 02 July 2015 04:28 PM

හරි හරි චතුරි ,මම දන්නවා ඔයා කියන ගුවන් සමාගම. (නි)

:       0       0

ක්‍රිස් Sunday, 05 July 2015 06:35 PM

බෝට්ටුවෙන් ඉතාලි ගිය කෙනෙක්ද කොහෙද (නි)

:       0       0

සක්විති Sunday, 05 July 2015 07:29 PM

සුභාෂ් මොන රටේ මොන සැප වින්දත් මොලේ නම් හැදිලා නැහැ (නදී)

:       0       0

මහේෂිකා Sunday, 05 July 2015 09:08 PM

කවුරු වුණත් හරිම මෝඩයෙක් (නි)

:       0       0

ශාන්ති Friday, 03 July 2015 10:31 PM

ගොඩක් දවසකින් සමදරා අක්කා ඉන්නවනේ! (නි)

:       0       0

නදිනි Friday, 03 July 2015 05:52 AM

අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

සුභාෂ් වික්‍රමසිංහ Thursday, 02 July 2015 12:56 PM

මට නම් හරිම ලැජ්ජයි ලංකාවේ කියලා කියන්නත්. අපි මෙහෙ ඩුබායි වල කොච්චර හොඳට ඉන්නවද? (නි)

:       0       0

මාපලගම පත්මා Friday, 03 July 2015 06:01 AM

එකත් එකටම ඔය මිගමුව වෙන්නපුව පැත්තෙන් ඉතාලි ගිය කෙනෙක් වෙන්නට ඕනෑ. ඔවුන් තමා මෙසේ හැසිරෙන්නේ (නි)

:       0       0

චතුරි Thursday, 02 July 2015 01:38 PM

පහන්, එම කාන්තාව හරි. මේ ගුවන් යානය කෑමට පමණක් නෙමෙයි පොරවනයටත් මුදල් අයකරනවා. මගේම අත්‍දැකීමක්. මගේ ළඟ සිටි ගැහැණු කෙනා ඩුබායි වලින් මෙයට ගොඩවුණේ. ටික වෙලාවකින් එයාට හරිම සීතලයි කියා මට කිව්වා. මම එහි සේවිකාවට කතාකර බ්ලැන්කට් එකයි,කෝපි එකයි ඉල්ලුවා. මට බිලක් දුන්නා පළමුව ගෙවන්න. මම ඩොලර් 2 දී කෝපි එකක් පමණක් ගෙනදුන්නා (නි)

:       0       0

සංජීව Thursday, 02 July 2015 09:49 PM

ඕවට කියන්නේ අර මොනෂෝ කියල (අ)

:       0       0

පහන් Thursday, 02 July 2015 05:03 AM

ගුවන් යානයේ කෑම බෙදන කොට එක ගෑණු කෙනෙක් කෑම එපා කිව්වලු .ළඟ හිටපු මනුස්සයා ඇහුවලු ඇයි කියලා .අනේ මහත්තයෝ ඕවට ගෙවන්න සල්ලි මගේ ළඟ නැහැ කියලා .(ම)

:       0       0

රෙජි-සිඩ්නි Thursday, 02 July 2015 05:11 AM

පිටරට හෝ ලංකාවේ හිටියත් ගමනක් යනවිට ප්‍රවේශ පතක් ලබාගත්තාම ඒ ගමන අවසානය දක්වා තමන් ලඟ තබාගන්න ඕනි. ලෝකයේ කොයි රටක හිටියත් නීතිය එකයි. අනික බස් එක යන්නේ උඩින් නොවෙයිනේ.ගුවන් ටිකට් එක දෙන්න. (ම)

:       0       0

මහේෂ් Thursday, 02 July 2015 05:18 AM

වගේ හැසිරුනත් මොලේ තරම පේනවා ටිකට් එක පරීක්ෂා කරගන්න අගනුවරට ගිය එකෙන්. ඉන්ටෙර්නෙට් හැමතැනම.(හේ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස්. Thursday, 02 July 2015 01:55 PM

සුභාෂ්,සමාවෙන්න....නොදන්නා නිසා ඇහුවේ. ඔබතුමා ඩුබායි වල සැප සම්පත් විඳින්න ගිය කෙනෙක්ද? ඉඳි වතුවල අයිතිකරුවෙක්ද? (නි)

:       0       0

ලලිත් Thursday, 02 July 2015 05:22 AM

ලැජ්ජාවේ බෑ.(හේ)

:       0       0

නිමලරාජ් Thursday, 02 July 2015 11:05 PM

ගුවන් ගමනකදිනම් වෙනත් විස්තර තියෙන නිසා ටිකට් එක නැතත් යන්න පුළුවන්. මෙයාගේ මේ බොරු ෂෝක් එකක්. (අ)

:       0       0

සුබෝධිනී Thursday, 02 July 2015 02:06 PM

සමදරා, අපි දෙකේ පන්තියේ ඉගෙනගන්න කාලේ කියලා දුන්න කතාවක් මතක්වුණා.එකෝමත් එක රටක නරියෙක් කිවුවාලු,අපෝ! මේ මිදි කාටද ඕනෑ,හරිම ඇඹුල්නේ කියලා. (නි)

:       0       0

නිලු Thursday, 02 July 2015 02:20 PM

මට නම් මේ. ඇත්ත කතාවක්ද ප්‍රබන්දයක් ද කියලා නොසිතුනාමත් නොවෙයි.මෙය ඇත්ත නම්,මේ දවස් වල දේශපාලන වාද පිටියේ රැව් දෙන "බත් කන හරක්"කියලා කොට්ටාසයක් ගැන කියවෙනවානේ.මෙයත් එහෙම කෙනෙක් ද දන්නේ නැහැ. (හේ)

:       0       0

ටයිසන් Thursday, 02 July 2015 07:25 AM

දුන් ටිකට්පත විසි කරදැමීම යුරෝපා ජාතික හැසිරීමක් නම් නොවේ.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 24 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 385 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 841 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site