IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


බසයේදී රඟපෑ ‘අනංග සීයා’ පොලිසියේ

(කමල් ශ්‍රී ලියනගේ - කොස්ගොඩ)
 බස් රථයක් තුළදී තරුණියන් පිරිසකට නිරුවත  පෙන්වූ 58 හැවිරිදි  අනංගයකු ගුටිබැට පූජාවක්ද දී පොලීසියට බාරදීමේ සිද්ධියක් අම්බලන්ගොඩ ප‍්‍රදේශයෙන් වාර්තා විය.


මෙම බසය අම්බලන්ගොඩ බස් නැවතුමේ සිට බද්දේගම දක්වා ධාවනය කිරීමට සුදානම්ව තිබුණි. බසය පිටත් වීමට තවත් විනාඩි කීපයක් තිබූ අතර සෑහෙන සෙනගක් එයට  ගොඩවී සිටියහ.


 පිටුපස අසුනේ දඟකාර තරුණියෝ කීපදෙනෙක් උසුළු-විසුළු කරමින් විනෝදයෙන් සිටියහ. ඉදිරි අසුනක වාඩිවී සිටි පුද්ගලයකු හිටි හැටියේම සරම බුරුල් කොට තරුණියන්ට නිරුවත පෙන්වා තිබේ. මේ අශෝභන සිද්ධියෙන් බියට පත් තරුණියක් කෑ ගසා බසයෙන් එළියට  පැන බස් නැවතුමේ සිටි අයට සිද්ධිය පවසා ඇත.


පිරිමින් කීපදෙනෙකු එකතුවී ඔහුට හොඳ ගුටිබැට පූජාවක් දී ඔහු  අම්බලන්ගොඩ පොලීසියට බාර දෙනු ලැබීය.
කළ වරදට ඔහුට පොලිස් සිර මැදිරියේ පැය  කීපයක් ගත කිරීමට සිදුවිය.



අදහස් (0)

බසයේදී රඟපෑ ‘අනංග සීයා’ පොලිසියේ

නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 18 November 2014 11:34 PM

බම්බලපිටිය සහ වැල්ලවත්ත දුම්රිය පොළවල් අසළ මුහුඳු තීරයේ මෙවැනි මිනිස්සු ඉන්නවා. (නි)

:       0       0

සිරිසේන Saturday, 15 November 2014 05:44 PM

ගල් ගහන්නම තමා තියෙන්නේ....(දිල්)

:       0       0

පිටිගල Saturday, 15 November 2014 03:31 AM

දැන් හැදෙන ගැණු ළමයි ජීවත් වෙන්නේ අමුතුම ලෝකෙක. පොතෙන් ඉගෙන ගත්තට සාර ධර්ම හෙළ සිරිත් විරිත් මොකුත්ම දන්නේ නැහැ.(හේ)

:       0       0

චමිලා Saturday, 15 November 2014 04:07 AM

අනේ සීයේ පඩුවේ හිටියා නම් ඔය මුකුත් නෑනේ.(හේ)

:       0       0

රවී Monday, 17 November 2014 02:18 PM

මොනා වුණත් .. මේවගේ දේවල් හොඳ සිහිකල්පනාවෙන් වෙන දේවල් නොවේ . එ්නිසා ගුටිබැට පුජාවල් දෙනවාට වැඩිය හොඳියි මානසික දොස්තර කෙනෙකුට මෙයා හඳුන්වාල දෙන එක . පිස්සන්ට ගහලා පව් සිද්ධ කරගන්න එපා..!(හේ)

:       0       0

දේවිකා Saturday, 15 November 2014 04:30 AM

නාකී කමට නෙමෙයි වැඩ.(හේ)

:       0       0

ඉසුරන්දි දෝහා Sunday, 16 November 2014 04:45 AM

කවුරු හරි හෝ වැරදි ,මෙතන වැඩිහිටියෙකුගෙන් බාල පරපුරට දීල තියෙන ආදර්ශය නම් බොහොම කැතයි.(දිල්)

:       0       0

අශෝකා Saturday, 15 November 2014 06:39 AM

පසල් යන නංගිලට ඔහොම වන්නත් ඔනෙ.මොකඩ එයල හිතාගෙන ඉන්නෙ එයල ඔක්කොම දන්න අය කියල. අද කාලෙ නංගිලට යන්තම් අවුරුදු දහය වෙන කොට හොයන්නෙ ලොවෙ කරන්න හොඳ කොල්ලො (අ)

:       0       0

කුලතුංග Monday, 17 November 2014 08:27 AM

හොඳ වැඩේ (නි)

:       0       0

මනෝජ්-සාජා Monday, 17 November 2014 02:20 AM

දමයන්ති එතැන හිටියා නම් මොකද කරන්නේ? (නි)

:       0       0

දයා අලහකෝන් Sunday, 16 November 2014 08:35 AM

මෙතෙනදී දෙගොල්ලම වැරදී. (ර)

:       0       0

සුමිත් Monday, 17 November 2014 08:41 AM

වයසේ හැටියටද වැඩ.(හේ)

:       0       0

සිරිසේන Monday, 17 November 2014 02:55 AM

කියලා වැඩක් නැහැ දමයන්ති හිටියා නම්... මොකටද මගේ කට! (නි)

:       0       0

සුමේධ Saturday, 15 November 2014 10:41 AM

හොද වැඩේ.මේ මිනිස්සුන්ට අල්ලගෙන ගල් ගහන්න ඔනේ.(හේ)

:       0       0

ප්‍රනීත් Friday, 14 November 2014 08:08 PM

දුරගමන් සේවා මාර්ග අංක 87 මාර්ගයේත් ගැහැණු ළමයෙකුට තරුණකම පෙන්වපු අන්කල් කෙනෙකුටත් බීපු කිරි මතක්වෙන්න බස් එක ඇතුළෙදි සැළකුවා. (නි)

:       0       0

දසනායක Friday, 14 November 2014 08:51 PM

සීයාට කන්කරච්චලේ ඉවසගන්නම බැරුව යන්න ඇති. (නි)

:       0       0

අජේ Sunday, 16 November 2014 02:09 PM

දේවික ඔය අස නැද්ද (අ)

:       1       0

අමල් Friday, 14 November 2014 11:46 PM

සීයාගේ රංගනය නම් බොහොම අශෝභන වැඩක්. නමුත් කියන්න ලැජ්ජයි ,බසයක යන පාසල් ගැහැණු ළමයි සහ වෙනත් ගැහැණු ළමයි ළඟ ඉන්න බොහොම අපහසුයි. එතරම්ම අශෝභනයි කතාව.හරියට බස් එක තමන්ගේ පුද්ගලික දෙයක් වගේ. සීයා බැරිම තැන අරවගේ දෙයක් කරන්න ඇති.හැමෝටම පෙනිලා තියෙන්නේ සීයාගේ වැරැද්ද පමණයි. තරුණියෝ නිවැරදිද? හරිම පුදුමයි.සීයාට දෙවියන්ගේම පිහිටයි! (නි)

:       0       0

ධනුක Saturday, 15 November 2014 01:17 AM

දැන් කාලයේ සමහර තරුණියනුත් මේ වගේ දේවල් වලට අතවනන විදියට තමයි හැසිරෙන්නේ. එක පාරක් නුවර කොළඹ පුද්ගලික බසයක මෙහෙම කෑගසමින් හැසිරුණු තරුණියන් කල්ලියකට මුළු බසයේම මිනිස්සු බනින්න පටන් අරගෙන කරබාගෙන ඉතිරි දුර යන්න වුණා. (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 17 November 2014 05:36 AM

දමයන්ති, ඔයා එතන හිටියා නම් ඔයාට නුල් බඳින්න වෙනවා (නි)

:       0       0

අසේල Monday, 17 November 2014 12:51 PM

අනේ පව් සියාට වෙච්ච දෙයක්.තරුණ කාලේ මතක් වුණාද දන්නේ නෑ.(හේ)

:       0       0

දමයන්ති Sunday, 16 November 2014 04:22 PM

අපරාදේ! මම හිටියේ නැහැනේ මෙතන? හිටියා නම්.... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1288 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1233 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 448 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site