IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


බාල පුතයි ලේලියි එක්වී අම්මාට අපූරුවට සලකලා

(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
වසරකට පමණ පෙර මල්ලීත් බිරිදත් අක්කාගේ නිවසින් කැඳවාගෙන ගිය වයෝවෘද්ධ අම්මා රෝද පුටුවක තබා යළි අක්කාගේ නිවෙස අසල දමා ගිය පුවතකි මේ.


දරුවන් අට දෙනෙකු ලොවට දායාද කළ මවකි. සැමියාගේ වියෝවෙන් පසු මහගෙදර ජීවත්වුණේ අවිවාහක පුතු සමඟය. මේ මව නිතරම අසනීපයෙන් පෙළෙන්නට වීම නිසා වැඩිමහල් දියණියක සිය මව ඇගේ නිවෙසට කැඳවාගෙන ආයේය.


මේ අම්මා පුරා වසර හයකට වැඩි කාලයක් දියණියගේ නිවසේ කල්ගත කළේ සතුටිනි. අනෙක් දරුවන්ගේ උපකාර නොලැබුණත් අසල්වාසීන්ගේ සහාය ඇතිව තම අම්මා බලා කියා ගන්නට මේ දියණියට හැකිවූයේය. 


මේ අතර වසරකට පමණ ඉහතදී බාල පුත්‍රයකු හා ඔහුගේ බිරිය ආවේ මව බලන්නටය. අම්මේ අපේ ගෙදර යමු. මම බලාගන්නම් ලේලිය තොදොල් වෙමින් කීවාය. මේ වනවිට වැඩිමහල් දියණියද තරමක අසනීපයෙන් පෙළෙමින් සිටි නිසා ඇගේ විරෝධයක් ද එල්ල වූයේ නැත.


පුතුගේත් ලේලියගේත් ඇවතුම් සැලකුම් මැද මේ අම්මා කල් ගත කළේ ටික කලක් පමණි. ඇගේ සියලු දේපළ මේ පුතුත් ලේලියත් ඔවුන්ට අත් කරගන්නට සමත්වූයේ මේ අතරය. සියල්ල අයිති කරගැනීමෙන් පසු පුතාත් ලේලියත් ක්‍රියාත්මක වූයේය. රෝද පුටුවේ සිටි අම්මා වාහනයක පටවාගෙන යළි පෙර සිටි නිවෙස කරා කැඳවාගෙන ආයේ අක්කාට මව බාර දෙන්නටය.


මේ වනවිට අක්කා නිවසේ සිටියේ නැත. ඇය ඇගේ අසනීපයට ප්‍රතිකාර ගන්නට ගිය බව අසල්වාසීන්ගෙන් දැන ගන්නට හැකිවිය. අම්මේ දැන් අක්කා එයි එතකන් මෙතැනට වෙලා ඉන්න කී පුතුත් ලේලියත් ආපසු ගියේ මව අක්කාගේ නිවසේ අගුපිලේ තනිකර දමමිනි.


පැය කිහිපයකට පසු නිවෙසට ආ ලොකු දුවට අම්මා දැක ගන්නට හැකිවිය. මල්ලීත් නෑනාත් කළ අපරාධය ගැන සැල වුණේ ඉන් අනතුරුවය. නැති බැරිකම් කෙසේ වෙතත් මේ දියණිය යළි අම්මාගේ රැකවරණය සලසන්නට කටයුතු කරන්නේ අසල්වාසීන්ගේද සහාය මතය. කෙසේ වෙතත් අම්මාගේ දේපළ අයිති කරගත් පුතුටත් ලේලියටත් විරුද්ධව ගම්පහ දිසාවේ පොලිසියකට පැමිණිල්ලක් කරවන්නට අක්කා කටයුතු කර ඇත.

 



අදහස් (0)

බාල පුතයි ලේලියි එක්වී අම්මාට අපූරුවට සලකලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 98 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site