IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


බලූ පැටව් රොත්ත පන්සලේ දමා උපාසකම්මා ජාමේ බේරාගෙන


පොසොන් පොහොය දා උදෑසන සිල් සමාදන් වීමට ගමේ පන්සලට එක්තරා උපාසක මාතාවක් පැමිණියේ මෙතෙක් නිවසේ තමන්ට මහත් හිසරදයක් වූ බලූ පැටවුන් රොත්ත ද සමගිනි. මෙසේ කුඩා බලූ පැටවුන් පන්සලේ භූමියෙහි ගෙනැත් දමනු දුටු විහාරාධිපති හිමියන් උපාසක ඒ ගැන විමසූ විට ඇය දුන් අපූරු පිළිතුරක් පිළිබඳව හස්තියකු වැනි පව්වක් ඇති ප‍්‍රදේශයකින් වාර්තා විය.


මෙම උපාසක මාතාවගේ නිවසේ වෙසෙන බැල්ලියක්  පසුගිය දිනක පැටවුන් කිහිප දෙනෙක් වැදුවාය. කුඩා බලූ පැටවුන් නිවෙස පුරා හා මිදුල පුරා දුවමින් දකින දකින සියලූ දේ හපමින් අවුස්සමින් දඟලන්නට ගැනීම උපාසක මාතාවට මහත් හිසරදයක් විය.


දින ගණනක් මෙම බලූ කරදරයෙන් මිදීමට උපායක් කල්පනා කළ ඇය අන්තිමට තීරණයක් ගත්තාය.


පොසොන් පොහොය දින එළඹිණි. උදේ පාන්දරම අවදි වූ ඇය සුදු වතින් සැරැුසී නිවසේ තිබූ පොහොර උරයකට බලූ පැටවුන් ද දමාගෙන පන්සල බලා පිටත් වූවාය.


ඇය පන්සලට පැමිණෙන විට තරුණ විහාරාධිපති ස්වාමීන් වහන්සේ සිටියේ පන්සල් මිදුල අමදිමිනි. ඇය වහා බලූ පැටවුන් සහිත උරය පන්සලේ මිදුලේ පසෙකින් තබා ස්වාමීන් වහන්සේ අත තිබූ ඉදල ඉල්වාගෙන මිදුල අමදින්නට වූවාය.


විහාරාධිපති හිමියන් එතැනින් ඉවත් වූ වහාම ඇය පොහොර උරය ඇර බලූ පැටවුන් පන්සල් භූමියට මුදාහැරියාය. ඉතාම රහසිගතව ඇය එය කළ නමුත් කෙසේ හෝ එය ඇස ගැසුණ විහාරාධිපති හිමියෝ ”හා.... හා... උපාසකම්මේ. මොකද ඔය කරන්නේ” යැයි විමසූහ.


උපාසක මාතාව දොහොත් මුදුන් තබා ගත්තාය. ‘‘අනේ අවසරයි අපේ හාමුදුරුවනේ. ඉස්සර අපේ රජ සිටුවරු පෝය දවසට පන්සලට අලි ඇත්තු දන් දුන්නා. දුප්පත් අපි කොහොමද එහෙම කරන්නේ. අපිට පුළුවන් මෙහෙම දානයක් දෙන්න විතරයි. සාදු... සාදු... සාදු...’’ යැයි මහා හඬින් පැවසුවාය.


ඇයගේ පිළිතුරෙන් අන්ද මන්ද වූ විහාරාධිපති හිමියෝ නිහඬව ඉක්මන් ගමනින් ආවාස ගෙය දෙසට වැඩම කළහ.



අදහස් (0)

බලූ පැටව් රොත්ත පන්සලේ දමා උපාසකම්මා ජාමේ බේරාගෙන

හර්ෂණ Friday, 05 June 2015 01:50 PM

කවුද දන්නේ ඇත්තටම උපාසක අම්මට ඕනේ උනේ බලු පැටව් පූජා කරන්නද කියලා. (නදී)

:       0       0

පහන් Friday, 05 June 2015 07:03 AM

මෙසේ නිවැරදි විය යුතුයි අපට මොටද අප අටසිල් උපාසක ඉබ්බන්නේ පුස්සන්නේ අනෙක් පිට කියල. (බ)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Saturday, 06 June 2015 12:47 PM

මේ උපාසක අම්මා නම් පවක් කර ගත්තේ නැහැ නේ. ඒ අසරණ බලුපැටව් ගල් ගහලා මරා දමනවා වෙනුවට පන්සලට ගෙනත් දැම්මා. පන්සලේ දවසකට එක්වරක් හෝ ඉවත දමන කෑම වලින් මුන්ගේ බඩගොස්තර පුරවාගන්න උපසකම්මාගේ මේ ක්‍රියාවෙන් පුළුවන් නිසා එයාට පිනක් ලැබෙනවා වෙන්නත් පුළුවන්. සමහර උපාසකයෝ පන්සල් එන්නේ වේදිකා හදාගන්න. පන්සලෙන් පිටත ඒ අයගේ ගෝලබාලයෝ අරයගෙ දේශනා ක්‍රියාවට පත්කරන්න සූදානම් වෙනවා. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 04 June 2015 11:54 PM

කාව රවටන්නද උතුම් පෝය දවසේ මේ වගේ සටකපටකම් කරන්නේ? කොයි ලොව යන්නද? කොයි අම්මණ්ඩිත් බලනකොට ඔහොම තමයි (නි)

:       0       0

පද්මප්‍රිය Saturday, 06 June 2015 12:47 AM

උපාසක අම්ම අපායේ දොරටුව හැර ගත්තා දෝ? (නදී)

:       0       0

දයා නන්දසිරි Friday, 05 June 2015 12:58 AM

හොඳ උපාසක අම්මා! (නි)

:       0       0

නිමල් ලාලිත Friday, 05 June 2015 02:19 AM

මෙවැනි ක්‍රියා අනුමත කරන්න බැහැ. මෙහෙම කරන අය ඉන්නවා.එයට හේතුව පන්සලට වින කිරීමේ අදහස නොව බලු පැටවුන් හෝ බළල් පැටවුන් බඩගින්නේ සිටින්නේ නැහැ නේද යන අදහසයි. (නි)

:       0       0

ශලිනි Friday, 05 June 2015 02:37 AM

සමහර උපාසක අම්මලා පන්සලට එන්නේ ආගමික වතාවත් කරන්න නෙමෙයි. අනුන්ගේ වැරදි ඕපාදුප සොයමින් කාලය කන්න. ආගම මතක් වෙන්නේ වයසට ගියාම. තරුණ කාලයේදීම පිළිවෙලකට පන්සලට ඇවිල්ලා අදාළ ආගමික වැඩ කටයුතු කරගෙන තමන්ගේ පාඩුවේ ගෙදර යන පුරුද්ද ඇතිකර ගත්තා නම් මෙහෙම වෙන්නේ නැහැ. කාන්තාවක් හැටියට ලජ්ජාවෙන් වුණත් මේ ටික නොකියාම බැහැ. (නි)

:       0       0

අසංක Friday, 05 June 2015 03:02 AM

මේවා අතීතයේ පටන් සිදුවන දේවල් (නි)

:       0       0

කරුණාදාස Sunday, 07 June 2015 12:05 AM

මොකක්ද නන්දලාල් ඒ හරුපෙ? ගෙදර ඉන්න බලු පැටව් ටික පන්සලට ගෙනවිත් දාලා, කවුද ගල්ගහලා මරන්නේ බල්ලන්ව? (නි)

:       0       0

කෙවින් Sunday, 07 June 2015 12:05 AM

බල්ලො තැන තැන ගෙනවිත් දාලා උන්ට පිස්සු හැදුනහම රටෙම් සල්ලි යනවා කාපු අයට බෙහෙත් විදින්න. අනික බල්ලොත් ලෙඩවෙලා මැරිලා යනවා දුක්විඳලා. තමන්ගේ බල්ලෝ පන්සල් වලට අතඇරලා හරියන්නේ නැහැ. තමන්ගේ බල්ලන්ව තමන් නඩත්තු කළයුතුයි. (නි)

:       0       0

සඳුන් Sunday, 07 June 2015 01:01 AM

නන්දලාල් - ප්‍රංශය කිව්වට තාම ඉන්නේ ගල් යුගයේ වගේ අදහස් වලින් පේන්නේ. (නි)

:       0       0

ගමගේ Friday, 05 June 2015 12:19 PM

නිශ්චිතවම ඇය හිටපු දේශපාලකයෙක්  අනුකරණය කර ඇත. (නි)

:       0       0

එරංග Sunday, 07 June 2015 01:14 AM

නන්දලාල්ගෙ අදහස දැක්කහම දුකයි. අපේ රටේ මිනිස්සු තාම මොනතරම් පටු විදියටද හිතන්නේ කියලා. කවදා මේ රට හදන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. වෙන රටක එහෙම නම් නීතිය හමුවට පමුණුවලා මේ වගේ දෙයක් කළා නම්. එහෙම කළාම අනිත් අයත් ආදර්ශයට අරගෙන හැදෙනවා. රටෙන් ජලභීතිකාව වගේ ලෙඩ තුරන්වෙනවා. නමුත් නන්දලාල්ලා හිතන්නේ පන්සලට බල්ලො ගෙනත්දාපුවම හරි කියලා. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Friday, 05 June 2015 04:55 AM

උපාසක අම්මා ආගම දහම රකින නියම සීලවන්තියක් නම් හාමුදුරුවන්ට ඇත්ත කාරණාව පළමුව කියන්න තිබුනා.පන්සිල් පදෙත් කැඩුවා.බොරු කියලා පව් පුරවාත් ගත්තා. (නි)

:       0       0

පද්මිණි Saturday, 06 June 2015 04:57 AM

පේනවා නේද තැනට සුදුසු නුවණ. ගැහැණු ගැන සමහරු හිතාගෙන ඉන්න තරම වැරදියි. මෙයා පාර්ලිමේන්තුවටත් සුදුසුයි. (නි)

:       0       0

පහන් Friday, 05 June 2015 05:31 AM

දවසක් උපාසක මහත්තයෙක් සිල් පවාරණය කරලා ගෙදර යනවලු.කොල්ලෝ ටිකක් ඉබ්බෙක් වැරදි පැත්තෙන් පුච්චන්න හදනවලු. උපාසක කිව්වලු ‘ඉබ්බන් පුළුස්සන්නේ අනෙක් පිටට‘ කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 600 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 512 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 429 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site